ලෝකෙ කොහේදෝ රටක එක් නගරයකදී එකට රැස්වන මිනිසුන් තම තමන්ටම හිනාවෙන විස්තරයක් දිනක් කෙනෙකුන් කිවූ බව මතකයි. අප්‍රේල් පළමුවෙනිදාට අපි කරන්නෙත් ඒ වගේ දෙයක්.
නමුත් සිංහලයා තරම් තමන්ටම සිනාවෙන්නට සිදුවූ ජාතියක් මෑතකාලයේ වෙන කොහේවත් නැතුව ඇති. යටත් විජිත කාලයේ පටන් එකිනෙකා සිදු කළ පාවාදීම් හා උඩගෙඩිදීම් නිසා අප ඇතැම්විට නිවටුන් සේ ක්‍රියා කරන්නට පෙලඹිලා.
මෙය අපේ බස ගැන අපට ලොකු අභිමානයක් නැතිවී යාම නිසා උපන් විහිළු කතාවක්.
වරක් ලංකාවට පැමිණි එක් විදේශිකයෙකු තමන්ට සිංහල භාෂාව ඉගෙන ගැනීමට මහත් ආසාවක් ඇති බවත් ඒ සදහා කෙතරම් කාලයක් ගතවේද යන්නත් සිංහල ජාතික හිතවතෙකුගෙන් අසා තිබෙනවා.
" අයියෝ හරිම සිම්පල්... ඕකට විනාඩි පහක් තිබුනම හොදටම ඇති " ... මේ ඔහුගේ පිළිතුර.
ඉතින් කොහොමද මේ විනාඩි පහෙන් විදේශිකයකු සිංහල ඉගෙනගන්නේ...?
ඔබ දන්නවාද ඒ කොහොමද කියා....?
මෙන්න අපේ ඇත්තාගේ උත්තරේ...
" ඕනෙම ඉංග්‍රීසි නමක් ඉස්සරහට 'එක' කියල දාලා කතා කරන්න. එතකොට සිංහල තමා " ...
Fan එක, Bus එක, Van එක, Note එක, Car එක, Paper එක
.........................................
විහිළුවක් උනත් අඬනවද, හිනාවෙනවද, කේන්ති ගන්නවද කියන එක ඔබට බාරයි.
--
2 comments:
බස රකින්නෝද භාශාවේ වියරණනය බිඳලත්නම්...
හඬමු ද, සිනාසෙමු ද, ගැටෙමු ද, පලා යමු ද?
තරහා ගන්නද, හිනාවෙන්නද හිතා ගන්න බැහැ.
අපිම විසින් අපිව කලු සුද්දන් බවට පත් කරගෙන.
Post a Comment