පබවත් සදිසි රන් රුව වියැකී ගියෙ ද
කුළගොත් පිරිහි පෑහීමක් නොපෙනුනිද
කල්වස් නොසරි වී සිත් සසැළි ගියෙද
සදවත් සදිසි හිමි මග හැර කොයි ගියෙද
වෙනස් නොවන කිසිවක් ලොව නැති විටෙක
පෙමක් වුවත් පවතීවිද තිර ලෙසට
මෙරක් තරම සෙනෙහස පිදු බව එකල
ලොවක් දනීවිද නුඹ නොදකින කලෙක
මගෙයි කියා කී කිසිවක් නොවු කලට
නුඹයි දුන්නෙ සෙනෙහස මදි නොකියන්ට
මමයි නුඹයි වෙන් කර ඇඳ බෙදුම් ඉර
අගෙයි දුන්නු දඬුවම මේ හිඟන්නිට
Tuesday, April 15, 2008
හද බිඳි සර..
Posted by සු at 12:21 AM
1 comment:
තොරක් නැතිව මේ ලියැවුනු කවි පෙළට
ලෝබ නැතිව පවසමි "අති අගනේය"!
Post a Comment