ඉස්සර පාසල් යන කාලෙ තරගෙට මිතුරියක් එක්ක කවි ලිව්වා මතකයි. එතකොට අපි හිටියේ හතේ පන්තියේ. ඇයි කියලා හිතාගන්න බෑ ඒ කාලෙත් මං ඒවා ලිව්වේ හැමෝටම හොරෙන්....යාළුවෝ කීප දෙනෙකු නම් බැලුවා. ඒත් ගෙදර අය නම් දන්නේ නෑ..
මේ කාලෙත් මං ලියන ඒවා බලන්නේ මමම විතරයි. මේ බ්ලොග් මැරතන් හින්දා අද නම් තත්වේ ටිකක් වෙනස්.
ඉතින් හැමෝම ඒ කාලෙ මොනවා හරි ලියලා පත්තරවලට යවද්දි මට හිතුණේ ඒක උන්මාදයක් කියලයි. මම හරියි කියල මං හිතන්නේ නෑ. ඒත් ඒ හැම එකක්ම පලවීමට තරම් සුදුසු නැහැයි කියල මට හිතුණ නිසා මම කවදාවත් පත්තරේකට කවි සංකල්පනාවක් දැම්මේ නෑ
නමුත් කාලෙත් එක්ක මට හිතුණා එකම එක වතාවක් ඒකත් කරලා බලන්න. එහෙම යැවු එකම එක කවි සංකල්පනාව තමා මේ....ඒක පලවුණේ මීවිතේ...
ඉමක් කොනක් නැති සෙනෙහස හිතේ දරන්
පෙරුම් පුරාගෙන ආ රැය ගෙවී ගිහින්
සඳත් තරුත් මගෙ තනියට ඉතිරි කරන්
හිතත් රිදෝගෙන නුඹ අද යන්න ගිහින්
නෙත පෙම් කළා මතකයි රුව දකින්නට
සිත පෙම් කළේ නුඹ ළඟ රැඳෙන්නට
අත දිගු කළත් සසරේ පෙර පුරුද්දට
නොකියම ගියේ මගෙ මොන වැරැද්ද ද ?
මුවින් මුවට විස පිරි අවලාද
කනින් කොනට ඇහුණා හැම උදෑසන
නෙතින් කඳුළු හසරැල්ලන් පිස දමන
ඉතින් නුඹත් නැත්නම් මට මා කවුද??
එදා එහෙම ඇහුවට හැමෝම මට කිවුවෙ මම වැලක් නෙවෙයි ගහක් කියලයි..
Saturday, April 19, 2008
ඉතින් නුඹත් නැත්නම් මට මා කවුද ?
............
Posted by සු at 2:23 AM
1 comment:
හැමෝම කිව්ව දේ හැබෑව,
මට හිතෙන්නෙත් ඔබ සවිමත් ගහක් කියලා..
Post a Comment