ඔබ කාලිදාසයන්ගේ ශාකුන්තලය කියවා ඇත්දැයි මම නොදනිමි. මම සංස්කෘත නාට්‍ය කියවන්නට ඉමහත් ආසාවකින් පෙළෙන්නට වූයේ පාසල් අවදියේ සිටමය. සකු නළු රසය මට බෙදා දුන් ගුරුවරයා ලීල් අධිකාරි මහත්මයායි. ඔහු දැන් කොහේ ඇත්දැයි නොදනිමි. එකල ද ඔහු බොහෝ වයස්ගත ය. නමුත් රඟ දක්වමින් සකු නළු රස දැක්වූ ආකාරය අදද අමතක නොවේ.
අභිඥාන ශාකුන්තලය, ප්‍රියදර්ශිකා, රත්නාවලී, නල-දමයන්ති වැනි නාට්‍ය කියවීමට මම එකල බෙහෙවින් ප්‍රිය කළෙමි. ඉනුදු ශාකුන්තලයෙහි එන ශකුන්තලාව දුෂ්‍යන්ත ගැන සිතමින්, උයනේ ළපලු පත්වල පවා ඔහුගේ රුව දකිමින් කල් ගෙවූ ආකාරය අදද මට රසවත් ලෙස මතකයට නැගේ.
මේ සංකල්පනාව ඒ රස හා බැඳුණු එහෙත් වෙනත් දෙයකි.
සකුන්තලා හද ඇවිලුණු ගිනි වැද
වැතිරී හුන් නෙළුමක පත එදවස
මැලවී ගියයුරු ඇසුවෙද සඳ ඔබ
අද මේ ළය තුළ
ඇවිලෙන ගිනි කඳ
සම කළ නොහැකිය
ඒ කිසිවක් හට
No comments:
Post a Comment