Thursday, July 24, 2008

වෙහෙස

කියාගත නොහෙන සේ හද රැඳී
දරාගත නොහෙන බොහො වැළපුම්
උදාසන හිරුට පෙර විත් එබී
සදාතන සෙවනැල්ල වී මකා තනිකම්

හපාගෙන කන හිරු ම‍ඩල යට තනිවී
බදාගෙන ජීවිතේ හිතට ගෙන විරිකම්
සොයාගෙන මං හසර නොනවතින මාවතේ
ගෙවා ගිරි දුර්ග ගියා මදිද මේ දුර දැන්



ආදරය නමින් යුත් කිසිවකට ලොබ බැඳී
‍සතපවා සුබසීන විඳිනු රිසි මතුයම්
කාලයට පැරද වුව පාෂාණ විලසෙනී
හදාගෙන හිඳිම් තව- කරන් සිත පිරියම්

Monday, July 14, 2008

Block වුණ Blog සටහන්..

ජීවිතයත් හරියට බිලොග් එකක් වගෙයි වෙලාවකට..
ඇතැම් අය ස‍ටහන් තබා යන..
බො‍හෝ අය දැක දැකත් නුදුටුවාක් මෙන් සිටින...
තවත් අය යළි හැරී විත් බලන..
ඇතැම් අය ඇද කුද කියන..

බොහෝ අය නිහඬවම රස විඳින...

ජීවිතෙයි බිලොග් එකයි
එක වගෙ තමයි‍
හිතන කොට හිතන කොට හිතෙයි මට

කවුරු ආවත් ගියත්
කවුරු හිටියත් නැතත්
කවුරු එබුණත් නැතත්

අතැඟිලි සැලෙන තෙක් බ්ලොග් ලියවෙනවා දිගටම..

ඔබ ආවත් නැතත්
ඔබ දෙඩුවත් නැතත්
ඔබ හිතුවත් නැතත්

හදපණ ගැහෙන තෙක් ඔබ මගෙ හිතේ හැමදාම...

බ්ලොග්වල වුණත්

ලියන්න‍‍ට කිසිත් නැති
හිතන්නට තුටක් හිත නැති
දවස් ගෙවෙනවා මේ වගෙම

ඔබ ගැන සිතත්
ලියන්නට අකුරු මට මදි
හිතන්නට හිත ඉඩ මදි
පුදුමයි දවස් යන ඉක්මණ..