Thursday, April 10, 2008

ලිවිල්ලේ දිවිල්ල - තව දින 8 යි !

පතුරු යන්න ලියන්න !
සිංහල බිලොග් මැරතන්



මෙදා පාර අවුරුද්දට - පතුරු යන්න ලියන්න...
හිතේ ‍තියෙන හැම දෙයක්ම
හංගන්නෙ නැතුව ලියල දාන්න

ආයෙ කල් - යල් බලන්නෙ මොකට ද ?
අරය - මෙයා ගැන
එදා - මෙදා තුර
අතන - මෙතන වුණ දේ
යන - එන කොට
දුටු - නුදුටු දේ
අහන - දකින දේ
අඳින - පළඳින
කන - බොන දේවල් ගැන වුණත්
ලියන්න - කියන්න ................. කොයි තරම් දේවල් තියෙනවද ? ඒවා
අහන්න - දකින්න .. වගේම ඒවයින්
හිතන්න - පතන්න

ලියන - නොලියන හැම දෙනාටම පොඩි ගතියක් දෙන්න..

සිංහල බිලොග්කරුවන්ගේ සංසදය හා පුරා කියල අළුත් අවුරුද්දෙ අත ගහන වැඩේ තමා අළුත් අවුරුදු බිලොග් මැරතන් උළෙල..

මෙය සිංහල ප්‍රිය කරන කොයි කාගෙත් නෙතට උළෙලක්ම වේවා යි පතන ගමන් ම..

බ්ලොග් එකකින් සිංහල අවුරුද්දට වැඩ අල්ලන්න එන්න කියල ආරාධනාවකුත් මේ සමග එවනවා...

නැකත තියෙන්නේ අවුරුදු මාසේ 18 වෙනිදා .. ඒකත් හැන්දෑවට.. (මෙදා ඔක්කොම හැන්දෑ නැකැත්)

වැඩේ සිද්ධ වෙන්නේ නම් මෙන්න මෙහෙමයි.
හරිද ? කියවලා ‍අදහසක් ගත්තද ?

තව විස්තර ඕන නම් chat එකටත් පොඩ්ඩක් set වෙන්න..

මට 18 වෙනිදා රැය පහන් වෙන තුරු ඉන්න පුළුවන් වුණත් වෙනත් කටයුත්තක් සඳහා පසුදා එළිවෙන‍කොට යන්න සිද්ධ වෙනවා.
ඉතින් මං අපේ අනිත් අයගේ පූර්ණ ආශීර්වාදය මැද බ්ලොග් මැරතන් - බ්ලොග් රිලේ බවට පත් කිරීම සඳහා ‍බ්ලොග් සහකරුවෙකු සොයාගන්න ස්වයංවරයක් පවත්වන්න තීරණය කළා. එයාට පුලුවනි එදාට මං හවස එනකන් මම වෙලා ඉන්න..

ඉතින් එහෙනං පහුවෙලා දෙවෙනි පාරටත් බැදගත්තු ‍කොකිස් වාටි ටිකක්, පුස් එක්ක හරි කැවුම් දෙක තුනක්, අලුවා කෑල්ලක්, උණු කෝපි ෆ්ලාස්ක් එකක් එක්ක 18 වෙනිදාට එක වහලක් යටට එකතු වෙලා කෙලවරක් නැතුව කියවන්න එන්න.

එහෙනම් ඔන්න .. ආයෙ කියන්නේ නෑ... හැමෝම එන්න .. හරි නේ...

[ආවෙ නැත්නම් බලාගන්න පුළුවන් ;) ]

5 comments:

කාලිංග said...

amoooooooo ohoma thaga danna epa.... hehehe sorry ada innne windows, eka oya sinhala Gap magul mata allane ne... eka nisa Linux wala singlish eka thami mata hoda... kohomen kohomen hari kamak neee apitth kawm one.

Anonymous said...

අම්මෝ අපිට තර්ජනය කරනවෝ

Anandawardhana said...

හරි බලාගමු :D

Bo said...

හරි fit තමයි, මම ඕනෙ දේකට ඉන්නවා. 17 exam එකක් ඒක ඉවර වෙලා ආවම ඉතින් full නිදහසේ පතුරු යන්න ලියනවා 18, අර පොඩ්ඩක් upset වෙලා තිබ්බ mood එකත් මේ ටිකේ හරි ගියා සඳ මෙහෙ ඇවිත් ගිය පසු.

සු said...

(බෝ)ඔව්..ඔව් .."ලොවම එපාවී ලොවම කලකිරී දැවී තැවී හිඳිනා වෙලාවට".. එහෙම උත්තේජනත් ජීවිතේට ඕනැ තමයි. :)

අනික් කට්ටිය රෙඩිවෙලා ඉන්ට හරිද ? :D

කාලිංගට නම් දැන් කැවුම් හම්බවෙලා ඇතිනේ ;)

අපට තමා දුක :(