Friday, February 22, 2008

What is Reality TV ? රියැලිටි ටීවී යනු කුමක්ද ?

වර්තමානයේ ශ්‍රී ලාංකේය රූපවාහිනී ප්‍රේක්ෂකයින් අමන්දානන්දයට පත් කරන, එහෙත් ටීවී බලන බොහෝ සාමාන්‍ය ජනතාවට අණ්ඩර දෙමළයක් වූ වචනයක් තිබේ. ඒ රියැලිටි ටීවී යන්නයි. මේ රියැලිටි ටීවී ගැන කතා කරන්නට නම් පළමුව රියැලිටි ටීවී හි ප්‍රේක්ෂකයකුව සිටිය යුතුය. එහෙත් මෙරට රියැලිටි ටීවී ප්‍රේක්ෂකයින් සොයා ගත හැක්කේ චන්ද්‍රිකා, කේබල් ටීවී හෝ අන්තර්ජාල රූපවාහිනී නරඹන සීමිත පිරිස අතරින් පමණක් වන නිසා ඒ පිළිබඳ ප්‍රායෝගික අවබෝධයකින් සටහන් තැබීම අපහසු කරුණකි. එහෙත්, තුන්වන පාර්ශ්වයේ රියැලිටි ටීවී වැඩසටහන් කිහිපයක් දැනට ලංකාව තුළද දැකගත හැකි වන නිසා, මේ වන විට අන්තර්ජාලයෙන් සොයා ගත හැකි සීමිත කරුණු හා නිදසුන් කිහිපයක් ඔස්සේ රියැලිටි ටීවී පිළිබඳ කෙටි හැදින්වීමක් කරන්නට මේ ඉඩ වෙන් කරමි.

විශේෂයෙන් ලංකාව තුළ දැනට ජනප්‍රියත්වයට පත්වෙමින් සිටින හෝ පත් කරවමින් සිටින එම වැඩසටහන් පිළිබඳ සාකච්ඡාවක් අරඹන්නට ප්‍රවේශයක් ලෙස මේ අසම්පූර්ණ සටහන තබමි.

මෙය අසම්පූර්ණ යැයි පවසන්නේ රියැලිටි ටීවී පිළිබඳ මෙලෝ හසරක් නොදන්නෙකුට මෙය කියවීමෙන් ඒ පි‍ළිබඳ හසළ අවබෝධයක් ලබා ගත නොහැකි බව මා දන්නා හෙයිනි. එහෙත් රියැලිටි ටීවී යන්නෙහි සීමා මායිම් හා හැඩ හුරුකම් වටහා ගන්නට යමෙකුට මෙය ප්‍රමාණවත්ය. එක් එක් වැඩසටහන් සම්බන්ධ විස්තර සහිත අඩවි වෙත යා හැකි වන සේ (link) එම නම් මෙහි සඳහන් කර ඇති නිසා අවශ්‍ය අයෙකුට තම දැනුම පුළුල් කර ගැනීමේ අවකාශ මේ තුළින් සලසා ඇත.
---------------------------------------------------------------------------------
රියැලිටි ටීවී
rEmjdyskS Idkrhකි ^genre&. වචනයේ පරිසමාප්ත අරුතින්ම කලින් සකසන ලද පිටපතක් රහිතව, වෘත්තීයමය නළුවන් වෙනුවට සාමාන්‍ය මිනිසුන් පෙනී සිටින, නාට්‍යමය හෝ විනෝදජනක වාර්තා, සත්‍ය සිදුවීමි සහ විශේෂාංග වැනි දේ මෙයට ඇතුළත් වෙයි.

රූපවාහිනිය ආරමිභයේ සිටම මෙම ෂානරයට අයත් වැඩසටහන් විකාශය වුවද, ” රියැලිටි ටෙලිවිෂන් ”
යන සංකල්පය භාවිත වන්නට පටන් ගන්නේ වසර 2000 පමණ සිටය. වාර්තාමය වැඩසටහන්, ප්‍රවෘත්ති හා ක්‍රීඩා වැඩසටහන් වැනි ප්‍රබන්ධ නොවන ^ nonfiction&වැඩසටහන් සාමාන්‍යයෙන් රියැලිටි වැඩසටහන් ලෙස වර්ගීකරණය නොවීය.

රියැලිටි ටීවී හරහා පුළුල් පරාසයකට අයත් විවිධ ආකෘති සහිත වැඩසටහන් ක්‍රියාත්මක විය. මේ සඳහා දිය හැකි නූතනම නිදසුන් ලෙස 1980-90 කාලයේ ජනප්‍රියත්වයට පත් වූ Gaki no tsukai සහ Big Brother වැනි දර්ශාස්වාදය ලබා දෙන වැඩසටහන් දැක්විය හැකිය.

රියැලිටි ටීවී වල මූලාරම්භය

පිටපතක් රහිතව රූපවාහිනිය තුළින් පුද්ගලයින් නිරූපණය කරවීමේ ඉතිහාසය වර්ෂ 1940 තරම් ඈතට දිව යයි. සිය රේඩියෝ වැඩසටහනක් ආශ්‍රයෙන් 1948දී අමෙරිකානු ජාතික
Allen Funt විසින් ආරම්භ කළ කැන්ඩිඩ් කැමරා වැඩසටහන එහි මුල ලෙස සඳහන් කළ හැකිය. එය බ්‍රිතාන්‍යය පුරාද වසර 7ක් මුළුල්ලේ විකා‍ශය විය.

වර්තමානයේ ලෝකය තුළ විකාශය වන රියැලිටි ටීවී වැඩසටහන් වර්ග කිහිපයක් හඳුනාගැනීමේ පහසුව තකා මෙසේ දැක්විය හැකිය.

1. Types of reality TV
------------------------

1.1 Documentary-Style / වාර්තාමය ශෛලිය

බොහෝ වැඩසටහන්වලදී ‍ප්‍රේක්ෂකයා සහ කැමරාව අක්‍රිය නරඹන්නන් බවට පත්වී අනෙක් අය ‍සිය දෛනික වෘත්තීන් හා පෞද්ගලික ක්‍රියාකාරකම්වල යෙදෙනු බලා සි‍ටීම සිදුවේ.
fly on the wall හෝ cinéma vérité මෙම ශෛලියට අයත් රූප ගත කිරීම් වේ. මෙම ශෛලියේ සාරයන් ලෙස එම්.ටී.වී. හි Laguna Beach: The Real Orange County නමි කළ හැකිය. පූර්වයෙන් සටහන් නොතබන ලද සන්නිවේශයන්, සැබෑ ජීවිතයේ හමුවන වටාපිටාවන්, නිශ්චිත අරමුණකට යොමු ‍නොකරන ලද චරිත ඒවාට ඇතුළත්ය. මෙහිදී බොහෝ විට කතා වස්තුව ගොඩ නැගෙන්නේ සංස්කරණයේදී හෝ සැලසුම් කරන ලද තත්වයක දී ය. එය සෝප් ඔපෙරාවකට සමාන නිසා මෙම ශෛලිය තු‍ළ දී docusoap නම් වාර්තා රංගය හමුවේ.

Special Living Environment
ඇතැම් වාර්තා ශෛලියේ රියැලිටි වැඩසටහන්වලදී පූර්වයෙන් එකිනෙකා නොහඳුනනා චරිත කෘතිම පරිසරයකදී මුණ ගස්වයි.
The Real World මෙම වර්ගයේ මූලාරම්භයයි. මෙවැන්නකදී සිදු කරන්නේ සහ‍භාගීවන්නන් හට යම් අභියෝගයක් හෝ බා‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍ධාවක් ජය ගැන්මට සලස්වයි. Road Rules මෙසේ රියල් වර්ල්ඩ් අනුසාරයෙන් නිෂ්පාදනය කළ වැඩසට‍හනකි. එහිදී සහභාගීවන්නන් හට දෙන ලද විවිධ ඉඟි සොයාගනිමින් රට හරහා ගමන් කරමින් තම ජයග්‍රහණ සලසා ගැනීමට ඉඩ සලසා තිබේ. මෙම වර්ගයේ අනෙක් බොහෝ වැඩසටහන් ‍ඓතිහාසික පුනර්ජීවන වැඩසටහන් ලෙස හැඳින්විය හැකිය. එහිදී තෝරා ගත් පිරිසට යම් කාලයක, විශේෂ ස්ථානයක සැබවින්ම ජීවත් වූ පුද්ගලයින් ලෙස වැඩ කිරීමටත්, ජීවත් වීමටත් සිදුවේ. The 1900 House එවැන්නකි.

Celebrity Reality
මෙය කීර්තිමත් පුද්ගලයින් සම්බන්ධ වන වර්ගයක් වන අතර ඔවුන් සිය දෛනික කටයුතුවල නි‍යැලෙන ආකාරය ඉන් පෙන්වයි. The Anna Nicole Show, The Osbournes, Newlyweds: Nick and Jessica Hogan Knows Best යන නිදසුන් ආශ‍්‍රයෙන් එය වටහා ගත හැකිය. The Simple Life, Tommy Lee Goes to College හා The Surreal Lifeවැනි වැඩසටහන්වලදී ඔවුන් වෙනම ස්ථානයක රඳවා විශේෂ කාර්යයන් පවරනු ලැබ ඇත.

Professional activities
ඇතැම් වැඩසටහන්වලදී යම් වෘත්තිකයින් විසින් සිය දෛනික ව්‍යාපාර හෝ විශේෂ ව්‍යාපෘති කටයුත්තක් අවසන් වන තෙක්, ඒ සම්බන්ධයෙන් සිදු කෙරෙන විකාශයන් අයත් වන්නේ මේ යටතටය. මේවායේදී පිටස්තර පුද්ගලයින්ගේ සහභාගීත්වයක් හෝ ප්‍රතිඵල විනිශ්චයක් සිදු වන්නේ නැත. COPS 1989 මෙම ප්‍රපංචයේ පුරෝගාමී වැඩසටහන ලෙස හඳුන්වා දිය හැකිය.

1.2 Eliminations/Game Shows

මේ තවත් ජනප්‍රිය රියැලිටි ටීවී වැඩසටහන් වර්ගයකි. Reality-competition", "reality game shows" යනුවෙන් හඳුනාගන්නා මෙම වැඩසටහන්වලදී සීමිත අවකාශයක එක්ව වසන තරගකරුවන්, එක්ව තරග කර ඉන් ජයග්‍රහණය කරන ආකාරය රූ ගත කිරීම සිදුවේ. මෙහි දී එක් එක් තරගකරු ඉවත් කරමින් අවසානයේ ජයග්‍රාහකයා ඉතිරි වීම අරමුණු කර ගනියි. එහිදී වඩාත් ජනප්‍රියත්වයට පත්වන තේරීම ජයග්‍රහණය කරවනු ලබයි. වැඩසටහනට සහභාගීවන්නන් විසින් හෝ නරඹන්නන් විසින් ඡන්ද ලබා දෙමින් එම කටයුත්ත සිදු කරනු ලබයි. මෙය game operas ලෙස ද හැඳින්වේ. මේ සඳහා හොඳම උදාහරණය නම් මේ වන විට ලෝක ප්‍රචලිත Big Brother වැඩසටහනයි. (ශිල්පා ෂෙට්ටි ඉන් ජයග්‍රහණය කිරීමත් සමග අප රට තුළ ද එය වඩාත් කතාබහට ලක්විය).

මෙහිදී මතභේදයට තුඩු දී ඇති කරුණක් වන්නේ Idol series, America's Got Talent, Dancing with the Stars, හා Celebrity Duets වැනි දක්ෂතා ‍සොයා යන වර්ගයේ වැඩසටහන් සැබවින්ම රියැලිටි ටීවී වැඩසටහන් වනු ඇත්ද නැතහොත් ඒවා Star Search වැනි වැඩසටහනක ප්‍රතිඹිබුවක් ද යන්නයි. කෙසේ වුවද මෙම වැඩසටහන්, එක් වැඩසටහනකදී එක් අයෙකු බැගින් බැහැර කිරීමේ සහ එසේ බැහැර කරන්නා තීරණය කිරීමේ අයිතිය නරඹන ජනතාවට ලබා දී දක්ෂතා සොයන, සාම්ප්‍රදායික රියැලිටි ටීවී වැඩසටහන්වල එන ක්‍රමය අනුගමනය කරනු ලබයි. Idol වැඩසටහන්වලදී තරගකරුවන්ට එකව විසීමට අවකාශ සලසන අතර, එම දෛනික ක්‍රියාකාරකම් තිරයේ පෙන්වන්නේ නැත. විනිසුරුවන් හා තරගකරුවන් අතර මනා ලෙස සුහද අන්තර් සම්බන්ධයක් පවත්වා ගැනීමටද මෙම වැඩසටහන් වග බලා ගනී.

තරගකාරීත්වය මත පදනම් වූ එවැනි ජනප්‍රිය රියැලිටි ටීවී වැඩසටහන්වල ප්‍රභේදයන් කිහිපයක් පහත දැක්වේ.

Dating-based competition
තරගකරුවන් කිහිපදෙනකු අතරින් තමාට ගැළපෙන සහයකයා තෝරාගැනීම සිදුවේ. ඒ සඳහා නිදසුන් පහත දැක්වේ.
The Bachelor, The Bachelorette, Temptation Island, For Love or Money , Average Joe., Flavor of Love I Love New York හා Rock of Love.

Job search
මෙම වර්ගයේදී තරගකරුවන්ට විවිධ කාර්යයන් පවරා ඒවා ජයග්‍රහණය කරවීමට සලස්වයි. තරගකරුවන් ඉවත් කරවීම විනිශ්චය මඩුල්ලකින් හෝ තනි පුද්ගල විනි‍ශ්චයක් මගින් සිදු කරනු ලබයි. ඡන්ද පදනම අනුව එය සිදු වේ. අවසානයේදී තමා තරගය තුළ සිදු කළ කාර්යයන්ට සමාන වෘත්තියක් ජයග්‍රාහකයාට පිරිනමනු ලබයි. මේ ඒ සඳහා උදාහරණ කිහිපයකි. The Apprentice (ව්‍යාපාරික දක්ෂතා සොයන වැඩසටහනකි), America's Next Top Model (මෙය නිරූපණ කුසලතා සොයන්නකි), the Idol series (ගායන), Hell's Kitchen (සූපවේදී), Project Runway (ඇඟලුම් නිර්මාණය), Top Design (ගෘහ අලංකරණ), Last Comic Standing (ප්‍රහසන ශිල්පීන්), The Starlet (රංගන), On the Lot (සිනමා‍වේදය) the MuchMusic VJ Search (රූපවාහිනී).

Fear-centric
1990 මැද භාගයේදී පමණ ඕස්‍ට්‍රේලියාවේ ආරම්භ කළ Who Dares Wins වැඩ සටහන මෙහි ආරම්භය ලෙස සැළකිය හැකිය. මිනිසුන් භීතිය, ත්‍රාසය හා පිළිකුල ජනනය කරවන ස්ථාන, වටාපිටාවන්වල රඳවා රූ ගත කිරීම් සිදුවේ. MTV's Fear 2000, Fear Factor, Scare Tactics , Celebrity Paranormal Project මේ සඳහා නිදසුන් වේ.

Sports
මෙම වැඩසටහන් ක්‍රීඩාවන්ගෙන් නමක් තැබීමට වෙහෙසෙන ක්‍රීඩකයින් අතර තරගයක් ඇති කිරීම පිණිස නිර්මා‍ණය විය. ක්‍රීඩාව රියැලිටි ටීවී වෙත ගෙන ආ පළමු වැඩසටහන 2002 දී බිහිවූ The Club නම් ඕස්ට්‍රේලියානු වැඩසටහනයි. නිදසුන් ලෙස The Big Break , The Contender, (මෙම වැඩසටහනේ තරගකරුවන් 16 දෙනා අතර සිටි Najai Turpin 2005 ‍පෙබරවාරි මස 14 වන දින සිය දිවි නසා ගත් අතර ඔහු සමරමින් මෙම වැඩසටහන හෙවත් තරගය නොකඩවා පැවැත්වුණි) දැක්විය හැකිය. ක්‍රීඩා රියැලිටි ටීවී වැඩසටහන්වලදී යමක් ලබා ගැනීම පිණිස ජයග්‍රහණය කිරීමම අවශ්‍ය ‍නොවේ. ඇතැම්විට පෙනී සිටීම පමණක් ම රැකියාවක් ලබා ගැනීම‍ට සෑහේ.

1.3 Self-improvement/makeover

ඇතැම් රියැලිටි වැඩසටහන්වලදී පුද්ගලයෙකු හෝ කණ්ඩායමක් ඔවුන්ගේ ජීවිත අභිවෘද්ධියට පත්කර ගන්නා ආකාරය පි‍ළිබදව පෙන්වනු ලැබේ. අන්තර්ගතයෙහි වෙනස්කම් තිබුණද ආකෘතිය එකම ස්වරූපය ගන්නා මෙබඳු වැඩසටහන්වල පළමුව විෂය ලෙස අප හඳුනාගනු ලබන්නාගේ වර්තමාන ස්වරූපය හා තත්වය පෙන්වනු ලබයි. ඉන්පසු කොටසේ දී ඔහු හමුවන විශේෂඥ කණ්ඩායමක් විසින් තත්වයන් වැඩි දියුණු කරගන්නා ආකාරය පිළිබඳව උපදෙස්, ආධාර හා අනුබලය ඔහුට ලබා දෙයි. අවසානයේදී විෂය යළිත් ඔහුගේ පුරුදු පරිසරයේ තබා, පවුලේ අය, සමීප මිතුරන් හා විශේෂඥයින් සමග එක් කර තමා අත් කර ගත් දියුණුව පිළිබද ඇගයීමක් සිදු කරනු ලබයි. එබඳු වැඩසටහන්වලට උදාහරණ ලෙස The Biggest Loser (බර අඩු කරන), Extreme Makeover (සම්පූර්ණ ශාරීරික පෙනුම වෙනස්කරන), Queer Eye For The Straight Guy (මෝස්තර සහ පේත්තුව grooming), Supernanny (child-rearing), Made (attaining difficult goals), What Not to Wear (fashion and grooming), Trinny & Susannah Undress (fashion makeover and marriage) and Flavor of Love Girls: Charm School (හැසිරීම සහ ආචාර විධි) දැක්විය හැකිය.

1.4 Renovation

ඇතැම් රියැලිටි වැඩසටහන් පුද්ගලයෙකුගේ ජීවත් වන ස්ථානය, රැකියාවේ යෙදෙන ස්‍ථානය, වාහනය ආදී දේවලින් කොටසක් හෝ සම්පූර්ණයෙන්ම ආවරණය කරමින් සකස් කරයි. එවැනි පළමු වැඩසටහන ලෙස 1996 දී බ්‍රිතාන්‍ය විසින් විකාශය කළ Changing Rooms හඳුන්වා දිය හැකිය. මෙය පසුව Trading Spaces නමින් අමෙරිකාවේ ප්‍රතිනිෂ්පාදනය කරනු ලැබිණ. මේ වර්ගයේ අනෙක් වැඩසටහන් ලෙස Extreme Makeover: Home Edition, Debbie Travis' Facelift, Designed to Sell, While You Were Out, Holmes on Homes. Pimp My Ride , Overhaulin' නම් කළ හැකිය. මෙහි අවසානයට සඳහන් ඒවායේදී වාහනයක් නැවත සකස් කරන ආකාරය පෙන්වීය.

1.5 Dating Shows

1960 දී පෙන්වූ The Dating Game මෙහි පළමුවැන්න වූ අතර, Blind Date, Room Raiders , Parental Control නවතම උදාහරණ වේ.

1.6 Talk Shows

අමුත්තා සහ නිවේදකයා සමග ‍‍ප්‍රේක්ෂකත්වය යන සංකල්පය ද මෙම වැඩසටහන් තුළ දක්නට ලැබේ.

1.7 Hidden Cameras

1948 දී තිරයට ආ “කැන්ඩිඩ් කැමරා “ මෙහි ආරම්භයයි. Punk'd , Trigger Happy TV, Scare Tactics , Room 401 වර්තමාන නිදසුන් වේ.

1.8 Hoaxes

මෙහි පෙනී සිටීම ව්‍යාජත්වයට බරය. ඇතැමුන් තමන් සැබවින්ම රියැලිටි වැඩසටහනක සිටින බව සිතන අතර අනෙකුන් එය විහි‍‍‍‍‍‍ලුවක් ලෙස ගනියි. The Joe Schmo Show 2003, My Big Fat Obnoxious Boss , My Big Fat Obnoxious Fiance, Space Cadets , Invasion Iowa , William Shatner ඒ සඳහා නිදසුන්ය.

3 comments:

Anandawardhana said...

ඉතා ම ප්‍රයෝජනවත් සටහනක්! ලීවාට ඔබට බොහොම ස්තුතියි :-)

indika somarathna said...

b;d fyfo igykla

Anonymous said...

තුති මල් මිටක් :)