Saturday, February 9, 2008

Don't Judge Me

බොහෝ අය හැසිරෙන්නේ මෙලොව අනිත් අයව විනිශ්චය කරන්නට දෙවියන් විසින් ඔවුන්ට වරයක් දී ඇති ගානටයි. මෙලොව හොද හෝ නරක යනුවෙන් නිරපේක්ෂ දෙයක් නොමැති බව ඔවුන් සිතන්නේ නැහැ. මිනිසුන්ට හොද හෝ නරක ලේබල් ගසන්නට මේ අයට ඇත්තේපුදුම හදිසියක් හා උවමනාවක්..

මම එවැනි අය ඇසුරු නොකිරීම මට සහනයක්. මා කෙතරම් මොට්ට වැඩ කර තිබුණත්, මට කෙතරම් වැරදී තිබුණත් එකම සුපුරුදු සිනාවෙන් මා පිළගන්නා මිතරු හිත් තිබීම කෙතරම් වාසනාවක් ද ? මා ඔවුන්ගේ ළබැදිය බව තීරණය වන්නේ මා කරන ‍මෝඩකම් හෝ වැරදි මත පදනම් ව නොවෙයි. ඒ සියලු ගුණාගුණයන් සහිතවම මා, මා ලෙස පිළිගැනීම තරම් සතුටක් මට තවත් නැහැ. හරියට ලුණු රස, මිරිස් සැර, තුනපහ, ඇඹුල් රස, පැණි රස හා තිත්ත රස යන සියල්ලෙන් සැදි ආහාරයක් වගේ..මේ සෑම රසයක්ම මෙලොව පැවැත්මට අඩු වැ‍ඩි වශයෙන් උවමනායි. පුද්ගල‍යොත් ඒ වගේ. සර්ව සම්පූර්ණ මිනිසුන් පමණක් සොයමින් ඇසුරු කරන්නට අපට බැහැ.

අපේ හොද පවා සාපේක්ෂයි. අපට වඩා කැපකිරීම් කළ, අපට වඩා ආදරය පිරුණු, අපට වඩා භක්තිමත් අය ඉදිරියේ අප කුඩා බවට පත්වන්නේ අපටත් නොදැනිමයි. ඒ නිසා අප කේන්ද්ර කරගෙන අන් අය මැන බැලීම කොහෙත්ම හොද නැහැ. ලෝකය කැර‍කැවෙන්නේ ඔබ හෝ මා න්යෂ්ටිය කොට ගෙන නොවෙයි. ඉතින් අප කාටත් සතුටින් සිටිය හැක්කේ අප අපම ලෙස පිළිගන්නා තැනකදී පමණයි.

ඒ නිසා..අගතිගාමී විනිශ්චයන් මත පදනම් වී, පුද්ගලයන් පිළිකෙව් කරන හෝ බැහැර කරන අසනීප මා ඉතා ළගින් ඇසුරු කරන කිහිප දෙනාට නොමැති වීම ආස්වාදජනකයි.

මට මේ සටහන ලියන්න සිතුණේ මගේ සමීපතම මිතුරියක ගැන හද උපන් පහන් හැගුමින් හා පහත දැක්වෙන සටහන අන්තර්ජාලයේ දැකීම නිසයි.
(පරිගණකය පණ ගස්වා දුන් ‍අපේ හිත මිතුරු 'ලොකු අයියා' ට ස්තූතියි :) )

Don't Judge Me
=========
What gives you the right to judge me,
In things that I say and I do?
What gives you the right to judge me,
Just because I am different to you?

Our opinions and views may differ,
I may like red and you like blue
But it doesn't mean that I am wrong,
Just because I am different to you.

I'm not always be who you wish me to be,
I might not do what you'd want me to do,
But I am happy with who I am,
I like being different to you.

Our world has endless textures,
Infinite changes in its hues,
Now wouldn't the world be a boring place
If I was the same as you ?!

I'm sorry we argued....

but I'm glad we're still friends!
------------------------------------------------------------
Poetry Text Copyright © 1998-2000 Tess Templer

2 comments:

Bo said...

ඇත්ත, හමෝම බලන්නෙ තමන්ට ඕනෙ විදිහට අනිත් කෙනාව වෙනස් කරන්න, තමන් ගේ පථයට වැටෙන්නෙ නත්නම්, හරි තමන්ට උවමනා දේවල් කරගන්න බැරි උනහම මේ අයට යක්ෂාරූඩ වෙනවා . එතකොට මට මෙහෙම හිතෙනවා "Why cant people accept us for who we are, without shaping or molding us into a sculpture they want us to be"

Anonymous said...

අපට සැබෑ අපි විදිහට පෙනී ඉන්න වර්තමාන සමාජයෙ ඉඩ ලැබෙනව අඩු කම නිසාම හරිම අතෘප්තිකර බවක් දැනෙනවා.