Blog එක ලියන්න තියා වැඩක් කර ගන්නවත් බැරි විදිහට පරිගණකය අබ්බගාත වෙලා. කාට කියන්නද - කවුරු අහන්නද කිවුවලු... කොහොම වුණත් දත් මිටි කාගෙන පොඩ්ඩක් හරි හිතේ තියෙන දේවල් වමාරන්න try එකක් දෙන්න ගත්තා.
Fermina Daza - Florentino Ariza මේ දෙන්නා මොකක්දෝ හේතුවක් නිසා හදවතේ එහෙන් මෙහෙන් ගමන් කරනවා මුණ ගැහුණු දා හිටන්...හදුන්වා දුන්නේ Gabriel García Márquez..
ආදරය රේගයක් වගේ ජීවිතය පීඩාවට පත් කරන්නක්...කියලයි සමහරු .. Love in the time of Cholera: ''El amor en los tiempos del cólera'', 1985) දැක්කෙ..ලේසි නෑ..පණස් වියැති ආදරයක් පණ ගස්වන එක..මේ පොතේ එක්තරා තැනක මෙහෙම කියනවා.." ආදරයේ මහලු රස දිවගට දැනිණ "... කියල.
ඒ තරම් කාලයක් නොවුණත්, එවැනි මුණගැසීම් අපටත් පොදුයි. මොන වගේ හේතු කාරණා නිසා ඈත් වී ගියත්, වරෙක හද සුවපත් කළ හැගීමක් කිසි දිනෙක මිය යන්නේ නෑ. නමුත් යටපත් වී මුත් හදේ කොතැනක හෝ නිදන් වී තියෙනවා සුරැකිව.
මේ සිතිවිල්ලත් එක්ක මගේ හිතට නැගුණු දෙයක් මේ...අතීත කතා නම් නැතුවා නෙවෙයි. නමුත් ඒවා මගේ හදෙහිම සුරැකිව තබා ගෙන ඔබ වෙත මේ සංකල්පනාව විතරක් ළං කරන්නම්..
Monday, February 4, 2008
අතීතයෙන් ආ කෙනෙකුට...
Posted by සු at 10:12 PM
Labels: Love in the time of Cholera, past
3 comments:
කොම්පියුටරේ හරියට වැඩ කරන්නෙ නැහැ කිව්වම හරිම දුක හිතුන. හොදට ලියාගෙන එන බ්ලොග් එකක්. හරිම සංවේදී විදිහට ලියනව.
කොම්පියුටරේ සොෆ්ට්වෙයා වැරැක්දක්ද performance මදිද? performance ප්රෂ්නයක්නම් upgrade කරගන්න හරි අලුත් එකක් ගන්න හරි උදවු කරන්න කැමතියි.
how2help@gmail.com හරහා අමතන්න. දිගටම හොදට ලියන්න. සුභ අනාගතයක්!!!
අක්කෙ, මම ඔයාට comment එක දැම්මට පස්සෙයි දැනගත්තෙ ඔයා "සිංහලයා" එකේ Cleo කියලා. ඔයා මාව දැකල තියෙන්නෙ ෆැන්ටසි නිම්නයේදි. ඒකෙ ඉන්න සමනලී තමයි මම. ස්තූති මගේ පුංචි ලියවිල්ල ගැන ඔබ තැබූ සටහනට. අක්කාගෙ Blogs ආසාවෙන් කියවනවා. දිගටම ලියන්න!
"අතීතයෙන් ආ කෙනෙකුට..." හුඟක්ම තදින් හිතට දැනුනා.
-සමනලී
ආදරය කිසි විටක මහළු නොවේ කියලයි මා හිතුවේ, හැමදාම ඒක ආදරයමයි.මේ සටහන් කියවන විට ජීවිතේ මේවගෙයි කියා දැනෙනවා, ආරවුල් ඇති කරන පරිගණකය සමග ඔට්ටු වෙමින් හරි, මේවා ලියා පළ කිරීම ගැන මා ස්තූති වන්ත වෙනවා, උදව්වක් අරගෙන ඕක ඉක්මනින් යථා තත්වයට පත්වේවා ඉක්මනින්ම.විසල් අවකාශය තුල මිනිස් හඩ ඇහෙන ඉසව් හරි අඩුයි අක්කේ, එනිසා ඔබ මෙය දිගටම ලිවිය යුතුය. හිතන්නට හිතට උගන්වන හරවත් ලියවීම් බොහෝ අගෙයි. දිගටම ලියන්න අක්කේ
Post a Comment