Sunday, February 24, 2008

waiting for love to grow in ur heart..

මං තනිවෙලා..

ඔබට කවදා හෝ මෙසේ සිතී තිබෙනවාද ? විශේෂයෙන් ජීවිතයේ බොහෝ දුර ගෙවා ආ පසු.... කිසිවක් ඉතිරිව නැතැයි සිතෙන මොහොතක...

ඔබට හුදෙකලාව මං මාවත් දි‍ගේ ඇවිද ගොස් පුරුද්දක් ඇත් ද? අරමුණක් රහිතව......

සිනහව රැඳි තැනෙක විරහව රැදෙනු ඔබ විඳ ඇත් ද ?

අපමණ සාංකාවන් මැද පෙර විඳි සුවඳක් සිහිනෙන් මෙන් විත් හද පෙළද්දී.. යළිත් ඒ අතීතය යන්තමින් හෝ කැන්දන්නට හැකි නම් කියා සිතී ඇත් ද ?

මේ පැන සියල්ලෙහි පිළිතුර ඔව් නම්.. මී‍ට වැඩිමනත් යමක් මෙහි ලිවීමෙහි අර්ථයක් නැත.

මේ සංකල්පනාව ඔබත් මමත් අප දෙපාර්ශ්වයම වෙනුවෙනි.





1 comment:

Anonymous said...

කොපමණ එහෙම සිතෙන අවස්ථා තියෙනවද? හරිම වෙහෙසක්, තනිකමක්