Wednesday, February 13, 2008

මගෙ ආදර වැලන්ටයින් ! - fantasy of mine

Don't bring a Rose with you
but please come to see me

I want to return
all the kisses u gave me

cos they r too heavy to have

in this lonely journey
I don't know where I m going
But
I am on my way
leaving you free
to have your sunshine
far away from me

"ආදරය දිය යුත්තක් මිස ගත හැක්කක් ‍නොවේ" .. කියල රාජ්නීෂ් කියන කොට
" ප්රේමය නම් අසෙනිය කුසුමක් වේ
රිසිවූ කෙනෙකුට පූජා කරන්නට
ලෝබ සිතින් තොර පිදුව මනා වේ

පෙරලා ලබන්ට නොසිතා බිදකුත්
"..කියල සරාසද ඇදුරුතුමා එයාගෙ චම්පු කාව්‍යයෙ සටහන් කළා..මම එදා වගෙම අදත් ආදරය ගැන හිතුවෙ ඔය අදහස් ඇසුරිනුයි.
අද වෙනකොට ආදරයට ලැබී තියෙන නවතම අර්ථ කථනයේ සරළම පැහැදිළි කිරීම තමා ආදරය මිල අධිකයි කියන එක.. ඒක වචනෙකින්දෙහෙකින් කතා කරලා ඉවර කරන්න බෑ.
මං අහගෙන අපේ රූපවාහිනී නාලිකාවක් මේ දිනවල නිතර ප්රචාරය කරනවා.. හෙට විහාර මහා දේවි උද්‍යානයට රතුයි කලුයි ඇදගෙන එන්න කියලා ...
කොහොම වුණත් වැලන්ටයින් දිනය මොන අරුතින් ලංකාවෙ ස්ථානගත වුණත් මටත් ගිය පාර ලියන්න හිතුණ කවියක් අද මෙතනට ආයෙ එකතු කරන්න හිතුණා.




1 comment:

Bo said...

කවිය නම් අපූරුයි අක්කෙ,
ඒත් මටනම් මේ දවස වාණිජකරණය කල තවත් එක් දවසක් විතරයි. ආදරේ කියන දේ හැමදාටම තියෙන්න ඕනෙ කියලයි මට හිතෙන්නෙ