Thursday, February 28, 2008

යසෝදරයි මමයි- අපි දෙන්නාටම දුකයි


දවසක් මගේ මිතුරෙකු ඇහුවා "යසෝදරාවත" තියෙනවද කියලා.. මම ඔව් කිවුවා. ඒ අහලා තියෙන්නේ උවමනාවකට නෙවි කියලා හිතුණේ ඒ ‍පොත් ඉන් පසු කිසි දිනෙක ඔහු මගෙන් නොඉල්ලූ නිසයි. ඇතැම් අය පුද්ගලයින් මැන ගන්නේ අතේ ගෙන යන ‍පොත්වලින් හෝ රාක්කයේ ඇති ‍පොත පත දෙස බලමිනුයි. මෙය සිනහ උපදවන කාරණයක් වුවත් කතා කළ යුතු යැයි හඟින නිසා එය වෙනමම දවසක දිගට කතා කරන්න ඉඩ තබාගෙන වෙනත් සරළ කාර‍ණයකට යොමු වෙන්න කැමතියි.

යසෝදරාවත කවි පොතේ අග්ගිස්සෙ තියෙන්නෙ ඒ කවි ලියපු රචකයා වර්තමානයේ ඉන්න තරුණියන්ට, කාන්තාවන්ට දෙන උපදේශාත්මක කවි. කෙටියෙන් කිවුවොත් ඒවයින් කියන්නේ යසෝදරාව වගේ ස්වාමි භක්තිය තියාගෙන ඉන්න කියලයි.

මේ කාලෙ සෝදරාවත කියවන ගොඩක් ගැහැ‍ණු දරුවො ඔය කියන කාරණාවට නම් එකඟ නැහැ..
දවසක් කවුදෝ කිවුවා..

" යසෝදරා ට නම් මොකද ? එයාගේ මාමණ්ඩි රජ කෙනෙක්.. බිල් ගෙවන්න කියලද.. රස්සාවක් කරන්න කියලද.. ණය තුරුස් තිබුණද ..ළමයි බලා ගන්න කියලද.. කුලී ගෙවල් හොයන්න කියලද ..මාලිගාවක් තිබුණා..අතට පයට මෙහෙයට අය හිටියා..මහන්සියක් නොවී කන්න, බොන්න, අඳින්න තිබුණා..ජීවිතේ සටනක් වුණේ නැහැනෙ එයාට..ඉතින් වෙන මිනිස්සු මොකටද ? අසරණ කමක් නැති කෙනෙකු‍ට..?
ඒත් අද අපෙන් එහෙම බලාපොරොත්තු වෙන එක වැරදියි "..කියලා

සමාජ කාරණාවල් එක්ක වෙනස් වන බොහෝ දේ තිබුණත්..කවදාටත් ‍පොදු, වෙනස් නොවන ධර්මතාත් තියෙනවා..
වෙන්වීම, ප්‍රේමය හා ශෝකය වගේ දේවල් සර්වකාලිකයි.

එහෙම වෙලාවලට එදා යසෝධරාගෙ හිතේ උපන් සාංකාවම අද අපේ හි‍තක උපදින්නැහැයි කියල කාටද කියන්න පුළුවන් .. ?

2 comments:

Bo said...

හද මොහොතකට සසල කල කවියක් අක්කෙ,මතුපිටින් පමණක්ම චූ භෞතික සම්බන්දතා වලින් වටවෙච්චි පොළවක, මෙහෙම දේවල් කියවන්නත් විඳින්නත් ලැබීම වටී.යසෝදරාවත සහ දීවරී ගීතය (කවි) වරෙක පාසැලේ පාඩමක සංසන්දනාත්මක විග්‍රහයක යෙදුනා මතකය. ඒ ඇරෙන්න යලිත් ඒ ගැන අහන්න කියවන්න ලැබුනේ ඔබේ ලියවීම් තුලින්, ස්තූතියි. අරුත්බර සිතුවිලි හිතට සනීපයි.

nidhahasa said...

රේස් දුවන සමාජයට ඒ නිර්මාණ රස විඳින්න වෙලාවක් නෑ. ඒකයි කාරණය