" මෙය ඇපල් ගෙඩියක් නොවේ "
Ceci n'est pas une apple
2008.03.28
සහෘද ආ.ව. වෙත ලියමි
ඔබ විසින් මෙම සටහන එක් කිරීම පුණ්‍ය කර්මයක් සිදු කිරීමක් හා සමානයි. බ්ලොග් සටහන් ලෙස ඇතැම්වා ලිවීමෙන් මා උත්සාහ ගන්නේ මගේ මතවාද ගොඩනැගීමට වඩා අන් අයගේ අදහස් එකතු කර ගැනීමටයි.
එවැනි සටහන් ලිවීමේ දේශපාලනයේ එක් අංගයක් තමා ඒ.
අපට ඇස ගැටෙන හැම දෙයක් ගැනම ලියන්න හිතුණත්, කියන්න දේ තිබුණත් අපට ඒ හැම දෙයක් ගැනම මතවාද හදන්නට හෝ පිළිගන්වන්නට බැහැ. නමුත් ලංකාවේ බොහෝ දෙනා අද කරමින් ඉන්නේ එයයි. මමත් ඇතුළු අද ලංකාවේ සමාජය තුළට දැනුම ගලා ඒමේ විධිමත් ක්‍රම නිසි ලෙස සම්පාදනය නොවීමේ ගැටළුව නිසා එක් අයෙකුට ඕනෑම දෙයක් කතා කිරීමේ හැකියාව ලැබිලා.
ගුවන් විදුලි/රූපවාහිනී නිවේදිකාවන් ගත්තාම ප්‍රේම කරන හැටි, විවාහය පවත්වාගෙන යන හැටි, දරුවන් තනන හැටි, ගෙවල් හදන හැටි, අසනීපවලට ප්‍රතිකාර සහ බණ භාවනා කරනා හැටි පවා කියා දෙනවා. ඇතැම් දේශපාලනඥයින් පරිසරය, කලාව, සාහිත්‍ය, සිනමාව, බණ දහම්, සෞඛ්‍යය, විද්‍යාව හා අධ්‍යාපනය යන සියලු දේ ගැන කතා කරන්නේ බලා-අසා සිටින්නන් ලොමු දැහැ ගන්වමින්.
ඉතින් මා නම් බ්ලොග් ලියන්නේ ඒ ආස්ථානයේ සිට නොවෙයි. නොදන්නා විෂයක් සම්බන්ධයෙන් වැඩෙන කුතුහලය ඒ ගැන දන්නා අය තුළින් අවුස්සා මගේ දැනුම පළල් කර ගැනීමේ අරමුණ ඇතිවයි ඇතැම් වා ලියන්නේ. මට ප්‍රතිචාර දැක්වීමෙන් ඔබ කර ඇත්තේ මගේ අරමුණ කරා ළඟාවීමට උපකාර කිරීමක්.
ආසාව තිබුණත් සිත යන හැම තැනම මාළිගාවල් හදාගන්නට බැරි මා වැනි අයට මෙසේ ඒ මාළිගාවල රජ කරන්නවුන් එළියට බැස හෝ සී මැදුරු කවුළුවලින් බලා හෝ ඒවායේ අභ්‍යන්තර විචිත්‍රත්වය හා ගැඹුර පහදා දෙන්නට සිතීම සැබවින්ම ආස්වාදජනකයි.
දැන් මගේ බලාපොරොත්තුව මේ ප්‍රතිචාරයේ සටහන් වන චිත්‍ර ප්‍රතිනිර්මාණය, ප්‍රති නිෂ්පාදනය, ආභාසය, අනුව නිමැවීම, මුල් කෘතිය හා නිර්මාණ සදාචාරය වැනි දෘශ්‍ය කලා විචාරය හා සම්බන්ධ සංකල්ප චිත්‍ර විෂයක් ලෙස හදාරා නැති ඒත් චිත්‍ර කියවන්නට කැමති සාමාන්‍ය මෙලෝ මනුස්‍සයෙකුට තේරෙන බාසාවකින් පැහැදිළි කරවා ගැනීමයි. දැන් දළ අදහසක් ලැබී තිබෙන මුත් ඇත්තටම චිත්‍රයක් හෝ එවැනි නිර්මාණයක් බලා රස විඳිමට මෙන්ම කියවා ගැනීමට ප්‍රමාණවත් සාමාන්‍ය දැනුමක්වත් අපේ සමාජයේ ඒ විෂය හදාරා නැති අයට නැති තරම්. චිත්‍ර ශිල්පියා(නිර්මාණකරුවා) සහ රසිකයා (සමාජය) අතර ඇති මේ හිස් අවකාශය පුරවන්නට මම ඔබට කළ විවෘත ආරාධනාවයි මගේ මේ සටහන.
එහෙමත් නැත්නම් .. මේ ප්‍රභූ ව්‍යාපෘතිය (Elite Practice) පොඩ්ඩක් මහ පොළවට ගේන්න පොඩි support එකක් දෙන්න පුළුවන්ද කියලයි මං මේ ඔබෙන් අහන්නෙ ..
බොහෝ විට ගොළුවන් වගේ කලාගාරවල ඇති චිත්‍ර නරඹා හිස් වනමින් එළියට බහින පිරිසට ඉන් අත්වන සෙත අති විශාල බවයි මගේ හැඟීම.
ලංකාව තුළ මේ මොහොතේ කලා විචාරය සමිබන්ධයෙන් ඇති පසුගාමීත්වය දුරු කළ හැක්කේ එම විෂය සම්බන්ධයෙන් විධිමත් හැදෑරීම් හා නව කියවීම් ඇති අයට පමණයි.
එහෙම නොවුණොත් දෘශ්‍ය කලා ආයතනවල ඇතැම් සීරියස් වැඩ ගැන කලාගාරවල බිත්ති දෙස බලමින් වැරදියට කියවන අපට එම වැරදි හදා ගත හැකි වෙන මගක් නැහැ.
René Magritte ගේ චිත්‍ර අධිතාත්විකවාදී මූලධර්මයන්හි පිහිටුවා කියවන්නට, Paul Cézanne ගේ පශ්චාත් උපස්ථිතිවාදී චිත්‍ර කියවා ගන්නට හෝ පැහැදිලි කරන්නට හොරෙන් අනුන්ගේ චිත්‍ර කොපි කර තමාගේ නම ගසා තමාගේ බව අඟවමින් විකුණන පිලස්තීනුවන්ට කිසි දා ක කළ නොහැකියි.
විධිමත් හැදෑරීමක් නැති විචාරයට වෙන්නේ අර රතුපාට හුණු කැබැල්ලෙන් පමණක් චිත්‍රයක් ඇඳි දරුවාගේ එම චිත්‍රය ගැන පණ්ඩිතයින් කළ විචාරයට වුණ දේ ම තමයි..
මේ වන විට දෘශ්‍ය කලාව චිත්‍ර, වර්ණ, සිරුර, සංගීතය, ස්ථාපන, නර්තන, රංගන, නිරූපණ වැනි බහු මාධ්‍ය එක්ව නිර්මාණය කෙරෙන, සම්මත චිත්‍ර කලාවේ සාම්ප්‍රදායික කැන්වසයෙන් ඔබ්බට ගිය ඒවා. සාමාන්‍ය පෙළ විභාගයට චිත්‍ර ඉගෙන ගත්තා කියලා අපිට මේවා තේරුම් ගන්න පුලුවන්ද ?
චිත්‍ර ශිල්පය දැන ගත්තාට මදි ප්‍රකාශන රීතිය දන්නේ නැත්නම්.
ඉතින් ගොළුවන් මෙන් දෘශ්‍ය කලා නරඹන අප ලවා කතා කරවිය හැක්කේ ඔබට පමණයි.
මගේ බිලොග් සටහනට ප්‍රතිචාර ලියා ඔබ අඩක් විවෘත කළ කවුළුව මුළුමණින් හැර දා ඇතුළට පිවිසෙන්නට ආරාධනා කරන්නේ කවදා ද?
මට ගනින්නට ඇඟිලි මදි නොවෙතැයි සිතමි.

කියවන්නටත් ලියන්නටත් වැඩි වැඩියෙන් විවේකය ලැබේවා !
-දැනට නවතිමි.
2 comments:
පිලිතුරු ලිපියක් නොවේ
සූ,
ඉතාමත් සාධනක - constructive - සාකච්ඡාවක් සඳහා පසුබිම සෑදී ඇති බව දුටු විට පස්වනක් ප්‍රීතියෙන් පිනා ගියා. එවැනි තත්ව උදා වෙන්නේ කලාතුරකින්. මෙය උදෑසනම දුටු බව හා කිහිප වරක් කියවූ බව දැනුම් දෙන්නයි මේ ලියන්නෙ.
මේ දවස්වල නම් අපි හැමෝගෙම "හිස ගිනි අරන්" නිසා නිසා සිහි එලවා ගත් වහා ම, හැකි ඉක්මනින්, පිලිවෙලකට ප්‍රතිචාරයක් ලියන්නම් :D මේ සාකච්ඡාව අමතක වෙන්න නොදී අවුලුවාගත යුතුයි. මෙය ලීවාට ස්තුතියි.
මට හිතෙනවා මෙහෙම කෙලින්ම මාතෘකාවට අදාල නනොවුනත්. ගොඩක් අය නොතේරුනත් තේරුනා වගේ චිත්‍ර බලල එළියට එන්නෙ ලංකාවෙදි තමුන්ගෙ පංතිමය වටිනාකම් පෙන්නන්න කියල මට හිතෙනවා. (අපි කරන්නනෙ ඉහළ පැලැන්තියෙ විනෝදාංශ, ඒක නිසා අපි උසස්).
Post a Comment