Saturday, March 15, 2008

කවි ලැදි ජනයින් සමාවී වදාරන සේක්වා..

දරු දුක- මීමන ප්‍රේමතිලක

සමන් පොහොට්ටුවක් බිමයි පිපෙන්නටත් කලින්
හඳත් වැසි තිබේ වලාකුළින් න‍බෝ ගැබේ
මොකෝ සොබාදමේ පවා මෙසේ විසේසයක්
හහා!හහා!කුඩා බබෙක් නිදයි මිනී වළේ...

මීමන ප්‍රේමතිලකයන්ගේ කවි සංකල්පනා ඔහුටම ආවේණික රටාවකින් යුක්තය. ඒ මග යන්නට පෙර අතුව ඉගෙන ගත යුතු බොහෝ දේවල් වෙතත්, මේ උත්සාහය ඒ වෙත බැඳුණු සිත හෙළිදරවි කරන්නට යොදා ගනිමි. මීමනයන්ගේ රසිකයෝ කවිකම් බැරි මට කමත්වා !

මේ මගේ දුලබ උත්සාහයයි.


රැය නිමා වෙලා හිරු නැගෙන්නටත් කළින්
සෙනේහයෙන් දෙඩු වදන් ගොලු වෙයිද නොම දැනේ
පිණි බිංදුවක් වගේ දිලී යළිත් මැ‍කී
නොයන් මේ හිතේ වැඩෙන පෙම් හැඟුම්

සරතැසින් මිලාන වූ පොළෝ තල පලා
වසන්තයේ ළදල්ලක් සිනාසෙයි නැගී හෙමින්
ජීවිතේ මහත් පැතුම් නැතත් සිනාසිසී‍ එසේ
අගෙයි ‍ඔබත් ඔබෙ හිතත් පෙමින් මට බැඳී

ආකාසයේ දුලන තරුපතී ඔබයි මගේ
කැළුම් වැදී ඒ සඳේ දිලෙන නිශා යම මමයි
සොරා ගනීවිදෝ අර තාරුකා ඔබත් මගෙන්
බියක් දැනේ විටින් විටේ සසලවා මගේ හිතත්

1 comment:

෴මඃ෴ said...

මහගමසේකරත් ඒ වගේ මරණයේ පවා ඇති සුන්දරත්වය දැකි අයෙක්

මා ඊයේ මලගමකට සහභාගී උනා අනෝරා වැස්සේ බොරැල්ල කනත්තේ ඇත්තෙන්ම මලගමකට හොඳම පරිසරයක්, කවුරුත් කතා නෑ, දේව ස්තෝත්‍ර කියවුනා, බියුගල් වැයනා, රණවිරුවෙකුගේ මලගමක්, මල් තිබ්බා, වැස්සේම පත්තුවුන ඉටිපන්දම් නොනිවුනේ කොහොමද ?

හරිම සුන්දර අත්දැකීම් කිහිපයක් මගේ කැමරාවෙත් සඳහන් උනා.

ඔබේ නිර්මාණයත් අගෙයි!
ආදරේ ලැබෙනකන් ලැබේදෝ විචිකිච්චාව, ලැබුනාම නැතිවේදෝ විචිකිච්චාව

හැමදෙයක්ම උදුරාගන්නා මිනිස්සු ඒකත් උදුරාගනීවි
උදුරලා තමන්ටත් ප්‍රයෝජනයක් නැතිකරගන විනාශකරගනීවි
උදුරා ගන්නා දේ ප්‍රයෝජනයක් නැති බව උන් නොදනී
එය උන්ටද නැතිවෙන්නේ ඒ නිසා
නමුත් අනුන්ගේ ආදරය පරිස්සම් කරගන්න බැරි
එය තියෙන්නේ අප ලඟ නොවන නිසා
ඒත් අපට පුලුවන් අපේ ආදරය එක්ක හැමදාමත් ඉන්න

නිකං අදහසක්!