Wednesday, March 31, 2010

පීර පීර මං හෙව්වා... මගේ ලෝකයට වීරයෙක් !!

අද උදේ විද්‍යුත් තැපෑලෙන් සිංදුවක සද්දයක් ඇහුණා.. මේක ගැන මොනවද කියන්නේ ? කියලත් සිංදුවේ අයිති කට්ටිය/කෙනා අහනවා. මගේ කමෙන්ට් එක පැත්තක තියලා කට්ටිය එක්ක බෙදාගන්න හිතුණා ඉස්සෙල්ලම සිංදුව..‍


මේ ගැන මොනවද හිතෙන්නේ ??


දේවකතාවල
නිසොල්ලාසවල
අන්ධකාරයේ සිනමා පටවල
පීර පීර මං හෙව්වා
මගේ ලෝකයට වීරයෙක්...


ඉර ගිනි ඇවිලී
ලේ පැහැ ගැන්වී
ප්‍රාර්ථනාවන් ගිනිගත් සවසක
දූවිලි නගරේ දෙනෝ දහක් මැද
ඔබේ .............. හඬ ඇහෙන තුරා

සුපර් මෑන්ලා ස්පයිඩර් මෑන්ලා
හැරී පොටර්ලා...
වීරයෝ වුණා අපේ

නෙක දුක් ගැහැටින්
හෙම්බත් වූවත්
ජීවිතයේ වෙර අත් නොහරන දන
තරම් වීරයන් තවත් කොහේ වෙද
සීන් හඬින් ඔබ කියනා තුරුමත්

සුපර් මෑන්ලා ස්පයිඩර් මෑන්ලා
හැරී පොටර්ලා...
වීරයෝ වුණා අපේ

නටඹුන් වී ගිය ගල් කණු අද්දර
වංශකතාවල අකුරු පේළි යට
වල් බිහිවී ගිය ප්‍රාර්ථනාවට
දලු ලා වැඩෙන්න ඉඩ දෙන්න...

දස අත සෙවූවත්
මුණ නොගැසී ගිය
තමන්ගෙ ලෝකේ සැබෑ වීරයා
තමා තුළම හඳුණාගන්න

තමා තුළම හඳුණාගන්න
තමා තුළම හඳුණාගන්න

වැඩි විස්තර පසුවට..

12 comments:

ඇටමැස්සා said...

සූ... මං මේක හොරකම් කලා. සමාවෙන්න, මට එහෙම් නොකර බැරි උනා. බොහොම ස්තුතියි.

h said...

මේක ඇත්තටම හඳයගෙ චිත්‍රපටියක්ද කියල දැනගන්න විධියක් තියෙනවද? ඔබනලයෙ තියෙන සයිට් එක තවම වැඩ නෑ වගේ...

සු said...

නමක් ගමක් නැති කෙනෙකුට විස්තර කියන්නෙ කෙහොමද ? :O

Danfun said...

Maxxa .

රවා said...

සු෴
මම අද දුකාගෙ බ්ලොග් එකෙ දි දැක්කා ඔයා දාලා තිබුන ලස්සන කතාව හරිම ලස්සනයි.. ඔයා ගොඩාක් පරණ කෙනෙක් නෙද බ්ලොග් වලට.. හරි හිමිට හිමිට බලාගෙන එන්නම් ඔයාගෙ නිර්මාණ ටික..

මාතලන් said...

හරිම ලස්සන සිංදුව, විශුවල් එකත් මාරයි. බලන්නකො පොඩි එවුන්ගෙ ටැලන්ට් එක. වැඩි විස්තර ඉක්මනට දාන්නකො.

තිස්ස දොඩන්ගොඩ said...

අනේ කව්ද අප්පා මෙකේ නිර්මාපකයා...? මටත් ගිහිල්ලා නටන්න හිතෙනවා උන් එක්ක...
අර හුරුබුහුටි කොලු පැංචා... අප්පේ... ගව් දහස් දුර ඉන්න මගේ ලොකු එකා වාගේමයි...

සු said...

තිස්ස:
--------
මේ අ‍ශෝක හඳගමගේ අළුත්ම සිනමා නිර්මාණය.. ඒකෙ තියෙන එකම සිංදුව ඔය.. ජුනිවලදි බලාගන්න පුළුවන් වෙයි හැමෝටම.. :-)

Jay said...

අම්බෝ.......... ඔයා ගැන අහලා තිබ්බට අදනේ මට බ්ලොගේ හම්බ උනේ..
:)
ඔන්න මම බුක්මාර්ක් කර ගත්තා හිමිහිට පොස්ට් ටික බලන්න.
මේ ගීතය හරිම අපූරුයි..!

සු said...

@ Ansh Lucky Sri Jay
ඔය රට්ටු කියන කතා ගණන් ගන්න එපා අනේ ? :D

sasi said...

Great inspirational song.

sasi said...

Great inspirational song.