Friday, May 7, 2010

Asoka Handagama is BACK with a ǝɔuǝɹǝɟɟıD.. !







විදූ ගෙ සිංදුව පහු ගිය සටහනින් පළ කළහම ගොඩක් දෙනෙක් ඒකට කැමැත්ත ප්‍රකාශ කරල තිබුණා. කිහිප දෙනෙකු වැඩි විස්තරත් අහලා තිබුණා.

හඳගම 'ළමයින්ට හා තරුණයින්ට වඩාත් සුදුසු ' නව ආකාරයක සිනමා නිර්මාණයක් කරළ. ඒක කාටත් එළඹෙන ජුනි මාසෙ 18 විතර වෙනකොට නරඹන්න පුළුවන් වෙයි කියල කියනව.

පාසල් නොයන විදූ නම් දරුවාගේ ජීවිතය උඩු යටිකුරු වන ආකාරය මේ නිර්මාණයේ අන්තර්ගතය කියල එහි වෙබ් අඩවියේ සඳහන් වෙනව. ( ඒක ගැන බැලුවට පස්සේ කතා කරමු :-) )

මගේ ප්‍රියතම චරිතාංග නිළියක වන චාන්දනී සෙනෙවිරත්න සහ මගේ ප්‍රියතම නළුවා වන සෞම්‍ය ලියනගේ සමග ගාමිණී හෙට්ටිආරච්චිත්, අළුතින් සිනමාවට එක් වන තණිෂ්ක විමලරත්න, ශමිලා නිමන්ති ප්‍රනාන්දු සහ හිමසල් ලියනගේත් තවත් කිහිප දෙනෙකුත් රංගනයෙන් එක්වන මේ සිනමා පටය පවුලේ කාටත් නැරඹිය හැකි බවට ප්‍රසිද්ධ රැඟුම් පාලක මණ්ඩලයේ අවසරය ලබා ගැනීමත් රසිකයින් ලද ජයග්‍රහණයක් වෙනවා නොඅනුමානයි.

9 comments:

Amila Chathuranga said...

හඳගම අලුත් දෙයක් කරලද කියල බලමු අපි.....

Manjula Ranasinghe said...

හැමදාම හඳගම,සන්නස්ගල තමන්ට තියෙන මොන්ගල් මානසිකත්වය රටට පෙන්වන්න උත්සාහ කරනව. මේකත් ඒවාගෙ ඇති.

Donald Gaminitillake said...

""ǝɔuǝɹǝɟɟıD.. ! ""
International Phonetic Alphabet

So you used the IPA great!!!

Where is Sinhala "KU" in the unicode registration sir

Donald Gaminitillake

Donald Gaminitillake said...

""ǝɔuǝɹǝɟɟıD.. ! ""
International Phonetic Alphabet

So you used the IPA great!!!

Where is Sinhala "KU" in the unicode registration sir

Donald Gaminitillake

Anonymous said...

මේක ගැන කිවට ස්තූතියි. ආවට පස්සෙ බලමුකො අක්කෙ, වැඩේ කොහොමද කියලා....

වැහි කිරිල්ලී said...

sannasgala hadaranna. manjula

forgotten Destiny said...

ළමයින්ට සුදුසුයි කියන මේකවත් ළමයින්ට නිදා ගන්නේ නැතුව බලන්න පුළුවන් එකක් වුනොත් හොඳයි .
මොකද අපේ රටේ ළමයින්ට කියල හදන films බහුතරයක් එක්කෝ මොකෙක් හරි සතෙක් ( අලියා/බල්ලා/වඳුරා ... etc etc ) දාලා නිකන් ගලාගෙන යන දෙබස් ටිකක් විතරයි නැත්නම් ඇත්තටම ඇවිල්ල වැඩිහිටියෝ ටිකක් එකතු වෙලා ඒගොල්ලන්ට පේන විදිහට ළමයෙක්ගේ චරිතයක් දාලා මොකක්හරි වෙන කතාවක් තවත් වැඩිහිටි හෝ තරුණ පිරිසකට පෙන්නන එක තමයි කරන්නේ .
මේක ඊට වඩා වෙනස් රාමුවක දෙයක් වේවි කියල හිතනවා ; දැනට , බැලුවට පස්සේ කොහොම වෙයිද දන්නේ නෑ :)

දුකා said...

මේක ලංකාවේ තියටර් එකක මට බලන්න වෙන්නේ නැති එක ගැන හෙන දුකයි . . ඒත් හොඳ ෆිල්ම් එකක් ආපු එක ගැන සතුටු වෙනන් පුලුවන් . .

Jay said...

ගොඩක් විස්තර අහලා තිබ්බා අක්කා ගැන. මම එහෙම කෙනෙක් ගැන අහලා නැහැ කිව්වම මට හුඟක් අය කිව්වෙ, මේ බ්ලොග් එක කියවලා ඉන්න. අමුතුම writing style එකක් තියෙනවා. අපොයි, කියවලා නැත්නම් වැඩක් නැහැ ආදී දේවල්. (මම බ්ලොග් අවකාශෙට අලුත්, ඒ නිසයි මම ඔබ තුමිය ගැන අහලා නොතිබ්බෙ.)සෑහෙන්න කාලයක් මම මේ බ්ලොග් අඩවිය හෙව්වා. අන්තිමට හම්බ වුනේ මාසයකට විතර උඩදි, ඒක බුක් මාර්ක් කරගෙන ඔන්න අද තමයි සේරම පෝස්ට් කියෙව්වෙ.
ඇත්තටම බ්ලොග් අඩවිය නම් සුපිරි.
Writing Style එකේ අර හැම දෙනාම කිව්ව වෙනස් බව මටත් දැනුනා.
මැක්සා...!!

එක ඉල්ලීමක්, අඩු තරමේ මාසෙකට දෙසැරයක් වත් අලුතින් පෝස්ට් එකක් දැම්මොත් හොඳයි නේද?
:)