ඔබ සැමුවෙල් බෙකට්ගේ Waiting for Godot නාට්‍යය ගැන අසා තිබෙනවාද?
එය 1948 දී ප්‍රංශ භාෂාවෙන් ලියා, 1953 ජනවාරි මස 5වන දා පළමු වරට වේදිකා ගත වුණා.
සිංහලෙන් එය "ගොඩෝ උන්නැහේ එනකං" යනුවෙන් වේදිකා ගත වුණා.
මට මතක හැටියට ලංකාවේ විකාර රූපී නාට්‍ය සමිබන්ධයෙන් කලක් යන තුරු පැවති එකම උදාහරණය එයයි.
කවදාවත් එන්නේ නැති කෙනෙකු එනකං බලා ඉන්නා දෙදෙනෙකුගේ එම බලා ඉඳිල්ල ගැනයි එම නාට්‍යය ගොඩ නැගී තිබෙන්නේ.
ගොඩෝ කියා කෙනෙකු ඉන්නවාදැයිවත් ඔහු එනතෙක් බලා ඉන්නා දෙදෙනා දන්නේ නැහැ.
මේ නාට්‍යය ගැන කතාකිරීම මඳකට කල් තබමු.
ඔබත් බොහෝ විට එලෙස කෙනෙකුන් එන තුරු බලා සිට ඇති නේද ?
මටත් එවැනි විටෙක ලියැවුණ කුඩා සංකල්පනාවක් මතක් වුණා.
පෙර දවසක සටහන් කෙරුණු...
හැබැයි .. කවදා හරි එනු ඇතැයි තවමත් සිතෙන..
සඳත්, කුමුදත් නිහඬවම සිනා සී
නිදි වරණ මට සරදම් කරයි..
සීත සුළඟත් මා තුරුළු කරගෙන
තනි වු හදවත පාරවයි
කොතෙක් නම් මග බලා උන්නත්
අපිට අපි තවමත් දුරයි
සෙනෙහසින් ඔබ හමුවෙතැයි සිතු
තවත් දවසක් අඳුරේ ගිලෙයි
-
Sunday, June 1, 2008
Waiting for ....... - " The Suffering of Being "
Posted by සු at 12:49 AM
5 comments:
මට ඔබ ලියල තියන කවි පෙළ කියවන්න බැහ විකාර රෑපි සංකේත සමුහයක් විතරයි පෙන්නෙ.මම මෙම සිංහල බොලොග් වලට නවකයෙක් උදව්වත් අවශයයි
කමක් නෑ. ඒකත් හරිම විකාර රූපී අදහසක් තමා..අනික ඒක තිබුණේ කපුටා ඩොට්කොම් අකුරුවලින්. දැන් තියෙන්නේ යුනිකෝඩ් අකුරුවලින්. ඔබට කපුටා අකුරු නැති නිසා එහෙම නොපෙනෙන්න ඇති. අකුරු මාරු කරගන්න මේකෙන් උදවු ගන්න.
http://www.ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/
මේක කවියක් නෙවේ ..නිකං සංකල්පනාවක් විතරයි : )
ඒත් කියෙව්වාට ස්තූතියි.
ගොඩෝ උන්නැහේ එනකනුයි
සු෴ගෙන් අළුත් සටහනක් පළ වෙනකනුයි
අපි මග බලාන ඉන්නවා.
මම හිතනවා විකාර රූපී කාට්‍ය ගැන සංවාදයක් ඇති වුනොත් හොඳයි කියලා
බලාසිටීම යනු බලාපෝරෝත්තුවේම තවත් කොටසකි. බලාපෝරෝත්තුව නැති විට ජීවිතය හිස් වෙයි. එබැවින් බලාපෝරෝත්තුව ඊතාම හොඳ සුභවාදි දෙයකි.
Post a Comment