ශෝකය
--------
වසත් පණිවුඩ මුව දරාගෙන
නොවක් අසිරිය ලොවට බෙදමින
මිහිරි නද වුව සවන පිනවන
කුමට අන් කූඩුවක රැව්දෙන
හමන පවනට වුවද සසැලෙන
කපුටු නිවහන තුළ නිරන්තර
වෙරඹ වා මැද වුවද නොසැලෙන
පෙමක් ඇති බව නොදන්නෙද මිත
තුඩින් තුඩ ගා ගයන ගීයක
සරය අප ඇඟ පැහැය සදිසි ද
මෙතෙක් කල් විඳි සියලු කරදර
කෙසේ මිහිරට ගයනු හැකිවෙද
රතැත් දෑසින් බලව් කොවුලනි
වගක් නැතුවම එකට පත සිඳ
තවත් උර මත දරා අවමන්
තොපේ බර අප උසුලනායුර
මලින් තොර වුව තුරු උයන් මැද
සුළන් අවු වැසි එක සිතින් ගෙන
සොවින් වැළපෙන කපුටු රුව මම
අනුන් දුක ගෙන අනා වළඳන
එහෙව් දුක් විඳ ගයන ගීයට
නොවව් මිතුරනි ඉදින් විරසක
කපුටු පෙම දැක කිමද සැහැසිව
වසන්තයෙ හඬ අපට අකැපද ?
Painting by Judy Wise, 2007
 
Friday, June 27, 2008
කෙවිලියට, කොවුල් රසික ජනයින්ට..
Posted by
සු
at
7:51 AM
 
 
Labels: crow, crow woman, personal subject
 

No comments:
Post a Comment