Friday, May 30, 2008

Veronika Decides to Die..[ Wouldn’t it be wonderful to be mad?]

Veronika, who leads a seemingly perfect life, lives in Ljubljana, Slovenia. She decides to commit a premeditated suicide by ingesting too many sleeping pills. While she waits for her death, she decides to read a magazine.

After seeing an article in the magazine which wittily asks "Where is Slovenia?," she decides to write a letter to the press justifying her suicide, the idea being to make the press believe that she has killed herself because people don't even know where Slovenia is. Her plan fails and she wakes up in Villete, a mental hospital in Slovenia, where she is told she has a week to live.
Her presence there affects all of the mental hospital's patients, especially Zedka, who has clinical depression; Mari, who suffers from panic attacks; and Eduard, who has schizophrenia, and with whom Veronika falls in love.
During her internment in Villete she realises that she has nothing to lose and can therefore do what she wants, say what she wants and be who she wants without having to worry about what others think of her; as a madwoman, she is unlikely to be criticized.
Because of this newfound freedom Veronika experiences all the things she never allowed herself to experience including hatred, love and even sexual awakening.
Another character that has an interesting part is Dr. Igor, one of Vilette's top . Igor has a theory about a poison of the mind, which he names vitriol after the toxic chemical discovered by alchemists. The reader quickly discovers that Dr. Igor believes that by telling patients they only have a very short time period to live, they will find the will to live again and will appreciate being alive rather than trying to commit suicide again.

------------------------------------------------

ඇඟිලි දිගු කරන්නට බලා සිටින ලෝ‍ක‍යෙන් සහ ප්‍රශ්න කරන්නට බලා සිටින ලෝකයෙන් වට වී ජීවත් වන්නට සිදුවීම අතිශයින් වේදනාකාරී ය. පාවුලෝ කොයියෝ ගැන දැනගන්නට බොහෝ කලකට පෙර මට උන්මත්තකභාවය කෙතරම් ප්‍රීතියක් අත් කර දෙනු ඇත්දැයි සිතෙමින් තිබිණ.

මට නිදහසේ සිනාසීම‍ට අවශ්‍යය. එ පරිදිම හැඬීමට අවශ්‍ය ය. එය රිසි සේ කළ හැක්කේ උන්මත්තකයෙකුට පමණි. රිසි සේ සංවේදනා පහ කර ගැනීමට අවකාශ ලැබේ නම් සිය දිවි තොර කර ගැනීමේ උවමනාවක් නැත.

සමාජයේ සම්ප්‍රදායයන්, රීතීන්, පිළිගැනීම්වලින් මිදී, ඔබට ඔබ වී සිටිය හැකි නම්....
ජීවිතයේ සාරය වනසා දමන කුහකකම්වලින්, දෛනික නීරස ක්‍රියාවලීන්ගෙන්, වත් පිළිවෙත් වලින් මිදී විලංගු ගලවා ගත හැකි නම්...
It would be better to be mad than to be normal and that madness is actually more normal than us 'normal' people.

ජීවිතයේ බොහෝ දෑ එකම රටාවකට අනුව සිදු වන බව වෙරෝනිකාට වැටහිණ. වෙරෝනිකා සිය දිවි නසා ගන්නට තීරණය කළාය.

වෙරෝනිකා සිය දිවි නසා ගන්නට පෙළඹවූ කාරණා දෙකක් විය.

පළමුවැන්න : ජීවිතය ඒකාකාරී ය.

තව දුරටත් ජීවත්වීමෙන් අත් කර ගත හැකි දෙයක් නැතිවාක් සේය.
වෙරෝනිකාට එසේ සිතුණේ වයස අවුරුදු 24දී සියලු දේ ඈ විසින් අත් විඳ, අත් කරගෙන තිබූ හෙයිනි. (ඊට බොහෝ කලකට පසු මට එසේ සිතෙන්නේ මෙතෙක් කල් ගොසිනුත් නිශ්චිතව විශ්වාසය තැබිය හැකි දෙයක් මෙ‍ලොව නැතැයි යන අපේක්ෂා භංගත්වය පෙරට ඒමෙනි).

දෙවැන්න : ලෝකයේ බොහෝ දේ සිදුවන පිළිවෙල වැරදි ය. එය නිවැරදි
කිරීමේ හැකියාවක් නොමැති තරමට අප බෙලහීනය.

මේවායින් කළකිරුණු වෙරෝනිකා නිදි පෙති බී සිය දිවි නසා ගන්නට තැත් කළාය. ඇගේ මෙම දිවි නසා ගැනී‍මේ තීරණය අපේ සබඳතා කැඩී ගිය ඇතැම් පෙම්වතුන්/පෙම්වතියන් සිදු කරන අන්දමේ බාලවර්ගයේ “attention-seeking” උපාය මාර්ගයක් නම් නොවේ.

“වෙරෝනිකාට 24 යි. එයාට හිතන්න තරම් මොළයක් නැහැ. ඒ නිසා ඒ වයසෙදි එයා ගන්න තීරණ වැරදියි. ඔයා එහෙම නෑ. ඔයාට හිතන්න පුළුවනි.” ඔබ වරක් කීවෙහිය.

වෙරෝනිකාට 24 බව සැබෑය. ඇගේ වයසේදී ඈ අත්විඳි ජීවිතය අද වන තුරුත් මගෙන් ගිලිහී ගොසිනි. ඒ මා මේ සම්මත සාමාන්‍ය ලෝකයේ අනුදත් පිළිවෙලට හැඩ ගැසී සිටි හෙයිනි. ඈ මා පමණ මෝඩ නැත.

ලෝකය සෑදී ඇත්තේ එක්තරා පිළිවෙලකටය. ඒ පිළිවෙල ඇතැම් විට විකාරයකි. මා ද ඒ පිළිවෙලින් හෙම්බත් වුවෙකැයි මට විටෙක සිතේ. අප සියලුදෙනා තුළම අඩු වැඩි වශයෙන් සැඟවුණු උන්මත්තකභාවයක් තිබේ. එය එළියට ගෙන එයට අභියෝග කරන්නට තරම් නිබය වූවන්ට පිස්සු යැයි ලේබලයක් වැ‍දීම සිදුවේ. ඉතින්, පිස්සු ලේබලයෙන් ගැලවී සිටින්නට නම් අපට මේ ලෝකයේ පිළිවෙල අනුව ජීවත් විය යුතුව තිබේ. මා/අප ආදරය කළ යුත්තේ මේ ලෝකය විසින් තීරණය කොට‍ ඇති වයසේදී, ලෝකය විසින් අනුදත් පිළිවෙලට, ‍ලෝකය විසින් අනුමත කරන ලද ආකාරයටය. නැතහොත් අප මෙම සම්මත පිළිවෙලින් විස්ථාපනය වී යනු ඇත. කෙටියෙන් කිවහොත් අපට පිස්සු ය. අපගේ ඉතා කුඩා එක් චලනයකින් ලෝකය අප උන්මත්තක බව තීරණය කරනු ඇත.

එහෙත්....
මම ඒ පිස්සුවට ප්‍රේම කරමි. එය මා පහසු කරවයි.

ලෝකය විසින් ඔබේත් මගේත් ප්‍රේමය සම්මතයෙන් අපගමනය වී ඇතැයි සිතන විට ඒ ලෝකයාට පිස්සු බව මම දනිමි. එහෙත් මෙය පිස්සුවකැයි ඔවුහු සිතත් නම්,
මම ඒ පිස්සුවට ප්‍රිය කරමි. මම පිස්සුවෙන් මෙන් ඔබට තව තවත් ආදරය කරන්නෙමි.

ලෝකයේ පිළිගැනීම් සහ විශ්වාසයන් ගොඩ නැගී ඇත්තේ බහුතරයේ කැමැත්ත මතය. ඒ බහුතරය සිය ජීවිතයේ සාරයට ස්වේච්ඡාවෙන් විලංගු ලා ගත්තවුන් වන කල, එම සම්මතය පිස්සුවක් වී ඒ පිස්සුව යළි සම්මතය ලෙස තෝරා ගෙන ඇති බව පෙනෙනු ඇත. එහෙව් මිනිසුන් එවිට පිස්සුවක් සේ දකින්නේ අප ප්‍රිය කරන නියම ජීවිතය බැව් මට සිතේ.

වෙරෝනිකා ද මම ද ගැහැණු ආත්ම දරාගෙන සිටිමු.

ගැහැ‍ණුකමේ අවකාශයේදී මගේ පිස්සුවට ඇඟිලි දිගු කර මේ පද්ධතියෙන් මා බැහැර කරන්නට ඔබට නොහැකිවන තරම් පිස්සුවකින් දැන් මම ජීවිතයට ඇලී යන්නෙමි.

මට එසේ කරන්නට ශක්තිය තිබේ. ඒ ශක්තිය එන්නේ කොතැනකින්ද යන්න ඔබ දනී. ඒ මේ පිස්සු ලෝකයට අභියෝග කළ හැකි තරම් ප්‍රේමය පිරුණු හදවතකිනි.
-------------------------------------------------------

යළි බ්ලොග් සටහනකට මසක් පුරා මා පෙළඹ වූ බෝ සහ කාලිංග .. ‍මේ ඒ සටහන ද බලන්න.

-

2 comments:

නිදහස් අදහස් said...

"ඇඟිලි දිගු කරන්නට බලා සිටින ලෝ‍ක‍යෙන් සහ ප්‍රශ්න කරන්නට බලා සිටින ලෝකයෙන් වට වී ජීවත් වන්නට සිදුවීම අතිශයින් වේදනාකාරී ය."

ලෝකය බොහෝ විට ආසධාරණය. ගොඩ නගන ලද පද්ධති සහ රාමු වල පැවැත්ම වෙනුවෙන් අපේ විඳීම සිමා කොට ඇත්තේය. නිදහසේ සිනහසෙන්ට අවශ්‍යය වූ විටද , හැසිරෙන්නට අවැසි වූ විට ද මම අර්ධ උමතු භාවයෙන් පෙළෙන්නෙමි. එය මා සතුටට පත් කරවයි.

"It would be better to be mad than to be normal and that madness is actually more normal than us 'normal' people."

මට පිස්සු නැත. එකම දේ මම ඔබට(ලෝකයට) වඩා වෙනස් වීමයි. ඒ උමතු භාවයේ චෝදනාවට එරෙහි මගේ උත්තරය, කියවීමයි.

"ලෝකයේ පිළිගැනීම් සහ විශ්වාසයන් ගොඩ නැගී ඇත්තේ බහුතරයේ කැමැත්ත මතය. ඒ බහුතරය සිය ජීවිතයේ සාරයට ස්වේච්ඡාවෙන් විලංගු ලා ගත්තවුන් වන කල, එම සම්මතය පිස්සුවක් වී ඒ පිස්සුව යළි සම්මතය ලෙස තෝරා ගෙන ඇති බව පෙනෙනු ඇත. එහෙව් මිනිසුන් එවිට පිස්සුවක් සේ දකින්නේ අප ප්‍රිය කරන නියම ජීවිතය බැව් මට සිතේ."

පද්ධති හා සම්ප්‍රදාය මත ගොඩ නැගුණු සමාජයට නොනැවතී පහර දීමේ උන්මත්තක භාවයෙන් මම ද පෙළෙන්නෙමි. ඒ මට අවැසි පරිද්දෙන් ජීවත් වීමට ද , ප්‍රේම කිරීමට ද සරලවම කියතොත් ජීවිතිය විඳවන්නේ නැතිව විඳින්නට ද අවශ්‍යව ඇති බැවිනි.

මට දැනෙන විදිහට වෙරෝනිකාට පිස්සු නැත. දිවි නසාගන්නට පොළඹවන සාධක තිබේ. ඒ ලෝකය ට පිස්සු හැදී ඇත. මම වෙරෝනිකා අදහමි. ඒ රිසි සේ ජීවත් වීමට ඇති උමතු භාවයෙන් පෙලන බැවිනි.

ප.ලි. - උමතු භාවය හරි සුන්දරයි.

Ansh Lucky Sri Jay said...

මේ පොත තවමත් මම හොයනවා කියවන්න..
:(