Wednesday, May 23, 2012

'S' නැතුව 'සරසවි'යේ පීනන ශ්‍යාම්..

තුසිතයි මායි නුගේගොඩ සරසවියට ගියා..
අවුරුදු කීපෙකට පස්සෙයි සරසවියට ගියේ. අළුත් නවාතැනට යන මගේ පළමු විසිට් එක. පොත් ගොන්නක් දකිද්දි ආසාවෙ බෑ.. ඒත් අත්‍යවශ්‍ය කාරණයකින් පස්සේ මං පහළට ගිය ගමන් නිකමට වගේ විමසීමක් කළා. ඒ මං මීට කලින් වතාවක කියලා තිබුණ පොතක් ගැන..

..ශ්‍යාම් සෙල්වදුරෙයිගෙ ස්විමින් ඉන් ද මොන්සූන් සී තියෙනවද ?
.. මේකෙ ඉන්නෙ ෆොරීන් ලේඛකයො විතරයි. ලංකාවෙ අය නෑ..
..නෑ එයා ලංකාවෙ ඉපදුණාට ඉන්නෙ පිටරට තමයි..
හතරවෙනි තට්ටුවෙන් බැලුවෙ නැද්ද?..
නෑ..ටිකක් අහනවද ? ඔයාල ගාව එයාගෙ පොතේ සිංහල පරිවර්තනය තියෙනවනෙ..

මද වෙලාවක් පරිගණකය පිරික්සා දුරකතන ඇමතුමක් දෙමින්..

..නෑ මිස්..
.. නෑ බලන්නකො..ස්විමින්..එස් ඩබ්ලිව් අයි ඩබල් එම් අයි එන් ජී.. ස්විමින් ඉන් ද මොන්සූන් සී...

නැවතත් දුරකථන ඇමතුමේ සිටිමින්..

..නෑ මිස් ඒක වැරදියි.. ඒකට එස් එකක් නෑ.. ඒක පටන් ගන්නෙ ඩබ්ලිව්වලින්... විමින් ඉන් ද මොන්සූන් සී..
එයා මාව හෙන මෝඩයෙක් කරන බැල්මකින් මා දිහා බලලා කිව්වා.
මං තුසිතා දිහා බැලුවා.. එයා මං දිහා බැලුවා..

..ඒක තියෙනවද ?

ඔව්. හතරවෙනි තට්ටුවට යන්න.  අපි ලිෆ්ට් එකට ගියා.
.. පීනන්නෙ කොහොමද එස් නැතුව?.. මං තුසිතගෙන් ඇහුවා..
..අනේ මන්ද.. අනික මුහුදෙ..
තුසිතා මගෙන් ඇහුවා..
අපි හතරවෙනි තට්ටුවට ගියා. පොත්වල භාරකාරියන් දෙන්නෙක් කතාවක.

.. මං පහළ ඉඳන් කෝල් කරල පොතක් හෙව්ව. ඒක තියෙනවද ?..

විමින් ඉන් ද මොන්සූන් සී ඕන නැති නිසා මං පොතේ නම නොකියා දීර්ඝ විස්තරයක් කරලා පොත ඇහුවා.

.. ආ අර තියෙන්නෙ මිස් මේසෙ උඩ..



මං පොත ගත්තා.. මට හිනා ගියා.. දුක හිතුණා.. ලිෆ්ට් එකට හැරිලා ගිහිල්ලත් පොඩි කේන්තියකුත් ආව නිසා මං ආයි ආවා..

..මිස් ඔය දෙන්නගෙන් කවුද ඒ කෝල් එකට ආන්සර් කළේ..
..මම.. ඇයි ?..
 මං පොත පෙන්නුවා..
..මේ..මේකෙ එස් එක තියෙනවනේ.. මේකෙ නම ස්විමින් ඉන් ද මොන්සූන් සී.. මේ දෙවෙනි පිටුවෙත් තියෙන්නෙ...

..ආනේ...... මං එස් එකක් දැක්කෙම නෑ...

එයා ..............හයියෙන් හිනාවෙලා කිව්වා...

මට හිනා ආවෙ නෑ.

දැන් කියන්න එපා.. මං මේ උපාධි අරවා මෙව්වා නැති සාමාන්‍ය කෙනෙක්ගේ ඉංග්‍රීසි දැනුමට හිනා වුණා කියලා...

ඒක ඒ තරම් සරළ නෑ.

ඒත් අනෙක් අතට.. ලංකාවේ පෙළ පොත් පවා ගහන්නේ වගකීමකින් තොරව නම්, පොතක් විකුණන තැනක  වෙළඳ වටිනාකම ඇරෙන්න අනික්වා ගැන මොන වගකීමක්ද ? නේද ?

12 comments:

hare :-) said...

කාලෙකට ඉස්සරනං සරසවියෙ හිටපු උදවියගෙන් ඇහුවම මතකයෙන් හරියටම තියෙන තැන පවා පෙන්නපු අය හිටියා... දැන් ඉන්න උන් නම් නිකමට ඩේට බේස් එකේ හොයන්නෙවත් නෑ... හැබැයි තවමත් විදර්ශන එකේ නම් පොත් ගැන දැනුමක් තියෙන උදවිය ඉන්නවා.

මෑතකදි යාළුවො ටිකක් එක්ක බොරැල්ලෙ විජේසූරිය එකට ගියාම එතන හිටපු සරත් මහත්තයගේ හාමිනේ නම් ඒකෙ තියෙන පොත් සේරම කාපු කෙනෙක් බව තේරුණා...

Dinesh_Silva said...

ලංකාවේ තියෙන ප්‍රශ්ණ හැටියට ඕක මොකද්ද?

walpola said...

මටත් මේ ලඟදී සරසවියේදී, ඔහොම සිද්ධියක් උනා. ඕනේ කරපු පොතේ නම 'චින්තනයෙන් ඔබ්බට'. කතෘ ග්‍රාමිණී අභය කියලා කෙනෙක්.. සේල්ස් ගර්ල් කිව්වා එහෙම පොතක් මෙහේ නෑ කියලා. ඒත් මම හොයා ගත්තා, බෞද්ධ පොත් අතරේ තිබිලා ඒ පොත. හොයා ගත්තාම කියනවා, ආ තිබුනද කියලා.

nidhahasa said...

පුදුමයි , ආයේ බ්ලොග් එක ලියලා

nidhahasa said...

පුදුමයි , ආයේ බ්ලොග් එක ලියලා

Anonymous said...

නෑ මෙතන තියෙන්නේ උපාධි ප්‍රශ්ණයක් නෙවෙයි..! තමන් කරන රස්සාව ගැන වගකීමක් නැතිවීම!

කොහේ මේ වගේ දෙයක් උනත් නුගේගොඩ සරසවිය වගේ අයිකන් එකකදි මෙහෙම දෙයක් උනා නම් රටේ අනිත් පොත් කඩ ගැන කවර කතා ද???

Anandawardhana said...

Swimming වචනේ දන්නෙ නැති කෙනෙකුට එස් අකුර පේන්නෙ නෑ වගේ කවරෙන් ;)

ඒත් පොත් සාප්පුවල ඉන්න උදවිගෙන් අපි බලාපොරොත්තු වෙනව තමයි පොත් ගැන යම් දැනුමක්, සහ වගකීමක්. එහෙම අය පොත් සාප්පුවල එන්න එන්න ම අඩු වේගන යන බව පේනවා. මාර්ටින් වික්‍රමසිංහ ගුත්තිලය, කාව්‍ය ශේඛරය හංස සන්දේශය ආදිය ඉගෙනගත්තේ පොත් සාප්පුවකින් බව උපන් දා සිට පොතේ තිබුනු බව මතක් වී ඒක මේ දැන් පෙරලා බැලුවා. කොටින් ම ඒ පොත් ගැන වික්‍රමසිංහගේ අලුත් මත මුලින්ම සාකච්ඡා කර තියෙන්නේත් ඒ පොත් කඩේ අයිතිකාරයා එක්ක තමයි.

Anonymous said...

කේන්ති ගන්න තරම් තරම් දේවල් මේ රටේ වෙන ඕනෑ තරම් තියනවා.මේ වගේ කාරණාවකට ඒ වගේ හැඟීමක් "බර" වැඩී.අනික හැම තැනටම ඕක පොදු නැහැ.මීට අවුරුදු දහයකට විතර කලින් නුගේගොඩ විජේරාම හන්දියෙ අටේ කණුවෙ වනාතපාර පාර පටන් ගන්න තැන තිබුනා "පරාර්ථ ප්‍රකාශන" කියලා පුංචි පොත් කඩයක්.ඒක අයිති වෙලා තිබ්බෙ ජයසිරි අලවත්ත කියල කළු කොට හීන්දෑරි මනුස්සයෙකුට.ඒ මනුස්සයා නොකියවපු-නොදන්න පොතක්,ලේඛකයෙක් තිබ්බෙ නෑ.අනික තමන් කියවන දේවල් මතකෙ තියා ගන්නත් හරි රුසියා.උදාහරනයක් විදියට ශ්‍යාම් සෙල්වදොරේ ගෙ පොතක් ඇහුවා නම්; ශ්‍යාම්ගෙ තාත්තා ලංකාවෙ කළ ‍රැකියාව ගැනත් කියල තමා පොත දෙන්නේ.ඒ මනුස්සයා මට දවසක් කිව්වා එයා ඉස්කෝලෙ ගියේ හත ට වෙනකල් විතරය කියලා.ඉස්කෝලෙ දහතුන වසර වෙනකල් ඉගෙන ගැනීම සහ සාහිත්‍යය කියන සාගරයේ කිමිදීම අතර කිසිම සහ සම්බන්ධයක් නැහැ.

Anonymous said...

කේන්ති ගන්න තරම් තරම් දේවල් මේ රටේ වෙන ඕනෑ තරම් තියනවා.මේ වගේ කාරණාවකට ඒ වගේ හැඟීමක් "බර" වැඩී.අනික හැම තැනටම ඕක පොදු නැහැ.මීට අවුරුදු දහයකට විතර කලින් නුගේගොඩ විජේරාම හන්දියෙ අටේ කණුවෙ වනාතපාර පාර පටන් ගන්න තැන තිබුනා "පරාර්ථ ප්‍රකාශන" කියලා පුංචි පොත් කඩයක්.ඒක අයිති වෙලා තිබ්බෙ ජයසිරි අලවත්ත කියල කළු කොට හීන්දෑරි මනුස්සයෙකුට.ඒ මනුස්සයා නොකියවපු-නොදන්න පොතක්,ලේඛකයෙක් තිබ්බෙ නෑ.අනික තමන් කියවන දේවල් මතකෙ තියා ගන්නත් හරි රුසියා.උදාහරනයක් විදියට ශ්‍යාම් සෙල්වදොරේ ගෙ පොතක් ඇහුවා නම්; ශ්‍යාම්ගෙ තාත්තා ලංකාවෙ කළ ‍රැකියාව ගැනත් කියල තමා පොත දෙන්නේ.ඒ මනුස්සයා මට දවසක් කිව්වා එයා ඉස්කෝලෙ ගියේ හත ට වෙනකල් විතරය කියලා.ඉස්කෝලෙ දහතුන වසර වෙනකල් ඉගෙන ගැනීම සහ සාහිත්‍යය කියන සාගරයේ කිමිදීම අතර කිසිම සහ සම්බන්ධයක් නැහැ.

සු said...

@ hare :-) ඔව්නේ අප්පා. අපි වියදම සැර නිසා පොත්වලින් ඈත් වෙනවා. මේ මිනිස්සුන්ට නොමිලේ ලැබිලත් ඉන්න ගමන් පොතක් කියවන්නේ නැතුවද කොහෙද. ඉස්සර හිටියා තමයි පොත් ගැන දන්න දෙන්නෙක් පරණ සරසවියේ.
විජේසූරිය එකේ නම් ඉතින් පොත් ඔක්කොම ගහන්නේ එයාලමනේ. ඉතින් පොත් ඇසුරේම තමා කාලය ගෙවෙන්නේ. අනික අළුත් පොත් විකුණන්න නම් ඒවා කස්ටමර්ට රෙකමන්ඩ් කරන්න ඕන බවත්, ඕන විදිහත් විජේසූරිය නෝනා දන්නවා.. ඉස්සර නම් අපිට එයාලා 40%ක වට්ටමක් දුන්නා. දැන් 35% යි. දුක තමයි.

@Dinesh_Silva :-)අදහස් ප්‍රකාශයෙන් වැළකී සිටිමි.

@ walpola යුද්දෙට ගිය හැමෝම රටට ආදරේ නිසාම ගියා නෙවෙයිනේ.. ඒ වගේ තමා පොත් සාප්පුවල ඉන්න හැමෝම පොත්වලට ආදරේ නැහැනේ...

@nidhahasa පුදුමයි බ්ලොග් කියවන්න ඇවිල්ලා.. :-) ලෝන්ග් ටයිම් නෝ සී නේ....බ්ලොග් එකකින්වත් විස්තර කියමුද ?

@ Anonymous ඇත්ත. අයිකන් ඇතුලේ අයිඩල් නැහැනේ.. ඒකද දන්නේ නෑ මෙහෙම වෙන්නේ

@Anandawardhana මං හිතන් හිටියේ ඒ වචනේ මේ ඉසව්වේ ඉන්න කවුරුත් දන්න සරළ වචනයක් කියලා :-) දැන් පොත් සාප්පුවල ඉන්න අයගෙන් ඒ දැනුම ගන්න බෑ.. ඒත් ඒවා ගන්න පුළුවන් කට්ටියක් ඉන්නවා..
සිංහල විද්‍යුත් මාධ්‍ය නිවේදක - නිවේදිකා මල්ලිලා නංගිලා සහ අයියලා අක්කලා.. ඒගොල්ලෝ නම් නොදන්න දෙයක් නෑ.

@Nadeesha Chandrasena පරාර්ථ එකෙන් මාත් ගොඩාක් කාලෙකට ඉස්සර පොත් ගත්තා. අපි පොත් සීට්ටුවක් දාලා එක මාසෙකට එක්කෙනා ගානෙ පරාර්ථ එකෙන් පොත් ගත්තා.. ඒක පස්සේ මග ඇරිලා ගියා.. පරාර්ථ ජයසිරි අයියා ගැන කියපුවා හරියටම හරි. එයා කියවලා ගෙනත් දෙන්නත් පොත් දුන්නා කියලා මතකයි වගේ.

@@@@@@@

Ru_Sirini said...

හරී කියපු කතාවට මමත් එකඟයි..
විදර්ශන එකේ නම් පොත් ගැන හැඟීමක් තියන අය ඉන්නවා..මම ගන්න ගිය පොත නැති වුනත් වෙන පොත් පහ හයක විස්තර කියලා මට වෙන පොත් දෙක තුනකුත් විකුණලයි එයා නතර වුනේ..

එහෙම කඩේකට ආයෙත් යන්න හිතෙනවා..
හොයලා දෙන්න බැරි නම් කම්පුටරයක් දාලා අපිට හොයන්න පුළුවන් විදිහට හැදුවනම් හරි..
එතකොට රස්තියාදුවක් නෑ..

Anonymous said...

පොත් විකුණන්න නුසුදුසු අය දාන එක ලංකාව පුරාම තියෙනවා. අපි පොතක් ගැන ඇහුවම ඒ අය මොකුත් දන්නේ නෑ. ආ අරහේ ඇති බලන්න වගේ ඔහේ ඕනෙවට එපාවට කතාව. මුලින් කිහිප පාරක්ම පොත් කඩ වලට ගිහින් මට පොත් ගන්න නොදැනුනේ ඒක නිසා. මම හැරිලා ආවා. පස්සේ මම පොත් ගන්න ගියේ පොත් කියවන පොත් ගැන දන්න කියන මිනිස්සු එක්ක. ඒ අය තමයි අර පොත් කඩේ මිනිස්සු කරන්න ඕනේ රාජකාරිය කලේ....

මේක උපාධියක් නෑ කියන එක නෙමෙයි සම්බන්දයක් නැති මිනිස්සු දාලා මිනිසුන්ට පොත් ගැන එපා කරවන්න තරම් හැකියාවක් තියෙන අපරාධයක්......!