Sunday, September 8, 2019

Autumn Thoughts


මේ සිසිරයයි



කොළ හැලෙන තුරු මුලට
ඇසග පිරෙනා කඳුළු වට්ටමි
සෙමින් මිය යන වසන්තේ දැක
ළමැද පිපිරෙන දුක දරාගමි.



මේ සිසිරයයි

නුඹ නමින් සුබ පැතුම් ගෙන එන
බොහො දෙනා මැද මහද හංගමි
නොබෝ දිනකින් සියලු තුරු වැල්
නව සිනා මල් පුබුදවනු ඇති.



ඒ සිනා මැද බැඳුණු සිහිනෙක
මෙතෙක් විඳි දුක් සුණු විසුණු කර
සරා කල සඳ සේම හිනැහෙන්න
ඒ ටිකම ඇති මටත් සැනසෙන්න

No comments: