Sunday, January 11, 2009

මල් වලප

.

.





අපේක්‍ෂා සපිරි හද කුසුමක්ව පෙති විහිද
නටු මතින් හිස න ගා සිනාසෙන්නට තනන
ඇසිල්ලේ ප්‍රභාතේ පෙති එකින් එක සිඳින
තෙතමනය නොරැඳුනිද ඔය ඇඟිලි තුඩු අගට

වැසි වසින තෙක් බලා නව ළදලු හිස මතට
පළඳන්න දුක් විඳින තුරු අගිස් නොපෙනේද
අනුන් සිත සදනු වස් ඒ පැතුම් සිඳ දමන
උයන් පල්ලෙකු විනිද නුඹ තවත් මා අසල

නොදන්නා බඳුනකට‍ නෙළන්නට පෙර අතුව
මේ බිමේ දැවි දැවී මියෙන්නට පෙර අතුව
සිඳිනු මැන. සුවඳ දුන් මේ සිහින් නටු අගම
ජීවිතේ පැතුම් මල් පෙති එකින් එක ඉතින

...

4 comments:

malee_msg said...

ටික දවසකින් නේද අක්කේ ලිව්වේ? ඒත් ලස්සනයි!

මම මචන් said...

සමාවෙන්න දන්නෙ නැති නිසයි අහන්නෙ මේ "වලප" කියන වඩනෙ තේරුම මොකක්ද?

සු෴ said...

walapa = welapuma

AgRa said...

දුක හිතෙන හැඟුම්බර කවියක්