Monday, November 24, 2008

නමක් නැති යමක්...

හඳටත් දුක හිතිලා
පිනි කඳුළු දුන්නා
තරු වැලත් සොවින් මැලවී
මඳ එළිය නිවා දැම්මා..

සුබ පතන්නට මග බලා සිටි
පැතුම් හදෙහිම ගොලුව තිබුණා
ආදරය විඳින්නට අවසරය නැති
සුසුම් සිරවී හඬා වැටුණා..

ගතින් පමණක් නොව හදින් වුව
දුරස් වූ බව තදින් දැනුණා..
නුඹ නොදන්නා නමුදු සොඳුරේ
මට මහා තනිකමක් දැනුණා..

2 comments:

Bo said...

බොහෝ දුක දැනෙන කවියක්...

හේම ජයන්ත කොළඹගේ said...

ලෙන් ගතුකම සමග එන ඒ හැගීම මිහිපිට
යමෙකුට ශෝකයෙන් තොරව වළකා ගත හැකි නම්
ඒ රහතන් වහන්සේට පමණි.