Monday, July 14, 2008

Block වුණ Blog සටහන්..

ජීවිතයත් හරියට බිලොග් එකක් වගෙයි වෙලාවකට..
ඇතැම් අය ස‍ටහන් තබා යන..
බො‍හෝ අය දැක දැකත් නුදුටුවාක් මෙන් සිටින...
තවත් අය යළි හැරී විත් බලන..
ඇතැම් අය ඇද කුද කියන..

බොහෝ අය නිහඬවම රස විඳින...

ජීවිතෙයි බිලොග් එකයි
එක වගෙ තමයි‍
හිතන කොට හිතන කොට හිතෙයි මට

කවුරු ආවත් ගියත්
කවුරු හිටියත් නැතත්
කවුරු එබුණත් නැතත්

අතැඟිලි සැලෙන තෙක් බ්ලොග් ලියවෙනවා දිගටම..

ඔබ ආවත් නැතත්
ඔබ දෙඩුවත් නැතත්
ඔබ හිතුවත් නැතත්

හදපණ ගැහෙන තෙක් ඔබ මගෙ හිතේ හැමදාම...

බ්ලොග්වල වුණත්

ලියන්න‍‍ට කිසිත් නැති
හිතන්නට තුටක් හිත නැති
දවස් ගෙවෙනවා මේ වගෙම

ඔබ ගැන සිතත්
ලියන්නට අකුරු මට මදි
හිතන්නට හිත ඉඩ මදි
පුදුමයි දවස් යන ඉක්මණ..

9 comments:

Chanaka De Silva said...

අපි කියවනවා, අපිට දැනෙනවා,.......... ඔබ දිගටම ලියන්න. ආයුබෝවන්

රාජිත උඩවල්‍‍පොල said...

ලස්සනයි.

කා ගැනද අන්තිමට ලියල තියෙන්නෙ. :-)

Anonymous said...

ගනන් ගන්න එපා....මටත් ඉදලා හිටලා බ්ලොග් බ්ලොක් වෙනවා :)

මාසෙට 3-4 වත් ලියන්න, comment නොදැම්මට අපි කියවනවා ආසාවෙන්.

Danishka said...

සැලෙන්න එපා!
දිගටම ලියන්න... :)

Anonymous said...

දවස් යයි ඔහේ
අපිත් ඉඳී ඔහේ
හරි හරි දෑ ඔහේ
ආයේත් ලියනවද ඔහේ

Anonymous said...

අනේ මන්දා.කතාව නං ඇත්ත. මම නම් "සමුගැනීමේ සාදය" කියවනවා. මිලාන් කුන්දේරාව මට අල්ලන්නෙ නෑ වගේ.

Harshana said...

ජීවිතේ හැටි, Block වීම් එතරම් ගනන් ගත යුතු දෙයක් නොවේ කියලයි මට නම් හැගෙන්නෙ.

තුසිත දසනායක said...

ඉතාම ලස්සනයි.කියවන්න ආසයි.දිගටම ලියන්න.

මෙත්

Anonymous said...

ඔය බව මටත් කළින් හැඟිලා තියෙනවා. කමක් නෑ ජීවිතෙත් ඔය වගේ