කියාගත නොහෙන සේ හද රැඳී
දරාගත නොහෙන බොහො වැළපුම්
උදාසන හිරුට පෙර විත් එබී
සදාතන සෙවනැල්ල වී මකා තනිකම්
හපාගෙන කන හිරු මඩල යට තනිවී
බදාගෙන ජීවිතේ හිතට ගෙන විරිකම්
සොයාගෙන මං හසර නොනවතින මාවතේ
ගෙවා ගිරි දුර්ග ගියා මදිද මේ දුර දැන්
ආදරය නමින් යුත් කිසිවකට ලොබ බැඳී
සතපවා සුබසීන විඳිනු රිසි මතුයම්
කාලයට පැරද වුව පාෂාණ විලසෙනී
හදාගෙන හිඳිම් තව- කරන් සිත පිරියම්
No comments:
Post a Comment