Friday, May 30, 2008

Veronika Decides to Die..[ Wouldn’t it be wonderful to be mad?]

Veronika, who leads a seemingly perfect life, lives in Ljubljana, Slovenia. She decides to commit a premeditated suicide by ingesting too many sleeping pills. While she waits for her death, she decides to read a magazine.

After seeing an article in the magazine which wittily asks "Where is Slovenia?," she decides to write a letter to the press justifying her suicide, the idea being to make the press believe that she has killed herself because people don't even know where Slovenia is. Her plan fails and she wakes up in Villete, a mental hospital in Slovenia, where she is told she has a week to live.
Her presence there affects all of the mental hospital's patients, especially Zedka, who has clinical depression; Mari, who suffers from panic attacks; and Eduard, who has schizophrenia, and with whom Veronika falls in love.
During her internment in Villete she realises that she has nothing to lose and can therefore do what she wants, say what she wants and be who she wants without having to worry about what others think of her; as a madwoman, she is unlikely to be criticized.
Because of this newfound freedom Veronika experiences all the things she never allowed herself to experience including hatred, love and even sexual awakening.
Another character that has an interesting part is Dr. Igor, one of Vilette's top . Igor has a theory about a poison of the mind, which he names vitriol after the toxic chemical discovered by alchemists. The reader quickly discovers that Dr. Igor believes that by telling patients they only have a very short time period to live, they will find the will to live again and will appreciate being alive rather than trying to commit suicide again.

------------------------------------------------

ඇඟිලි දිගු කරන්නට බලා සිටින ලෝ‍ක‍යෙන් සහ ප්‍රශ්න කරන්නට බලා සිටින ලෝකයෙන් වට වී ජීවත් වන්නට සිදුවීම අතිශයින් වේදනාකාරී ය. පාවුලෝ කොයියෝ ගැන දැනගන්නට බොහෝ කලකට පෙර මට උන්මත්තකභාවය කෙතරම් ප්‍රීතියක් අත් කර දෙනු ඇත්දැයි සිතෙමින් තිබිණ.

මට නිදහසේ සිනාසීම‍ට අවශ්‍යය. එ පරිදිම හැඬීමට අවශ්‍ය ය. එය රිසි සේ කළ හැක්කේ උන්මත්තකයෙකුට පමණි. රිසි සේ සංවේදනා පහ කර ගැනීමට අවකාශ ලැබේ නම් සිය දිවි තොර කර ගැනීමේ උවමනාවක් නැත.

සමාජයේ සම්ප්‍රදායයන්, රීතීන්, පිළිගැනීම්වලින් මිදී, ඔබට ඔබ වී සිටිය හැකි නම්....
ජීවිතයේ සාරය වනසා දමන කුහකකම්වලින්, දෛනික නීරස ක්‍රියාවලීන්ගෙන්, වත් පිළිවෙත් වලින් මිදී විලංගු ගලවා ගත හැකි නම්...
It would be better to be mad than to be normal and that madness is actually more normal than us 'normal' people.

ජීවිතයේ බොහෝ දෑ එකම රටාවකට අනුව සිදු වන බව වෙරෝනිකාට වැටහිණ. වෙරෝනිකා සිය දිවි නසා ගන්නට තීරණය කළාය.

වෙරෝනිකා සිය දිවි නසා ගන්නට පෙළඹවූ කාරණා දෙකක් විය.

පළමුවැන්න : ජීවිතය ඒකාකාරී ය.

තව දුරටත් ජීවත්වීමෙන් අත් කර ගත හැකි දෙයක් නැතිවාක් සේය.
වෙරෝනිකාට එසේ සිතුණේ වයස අවුරුදු 24දී සියලු දේ ඈ විසින් අත් විඳ, අත් කරගෙන තිබූ හෙයිනි. (ඊට බොහෝ කලකට පසු මට එසේ සිතෙන්නේ මෙතෙක් කල් ගොසිනුත් නිශ්චිතව විශ්වාසය තැබිය හැකි දෙයක් මෙ‍ලොව නැතැයි යන අපේක්ෂා භංගත්වය පෙරට ඒමෙනි).

දෙවැන්න : ලෝකයේ බොහෝ දේ සිදුවන පිළිවෙල වැරදි ය. එය නිවැරදි
කිරීමේ හැකියාවක් නොමැති තරමට අප බෙලහීනය.

මේවායින් කළකිරුණු වෙරෝනිකා නිදි පෙති බී සිය දිවි නසා ගන්නට තැත් කළාය. ඇගේ මෙම දිවි නසා ගැනී‍මේ තීරණය අපේ සබඳතා කැඩී ගිය ඇතැම් පෙම්වතුන්/පෙම්වතියන් සිදු කරන අන්දමේ බාලවර්ගයේ “attention-seeking” උපාය මාර්ගයක් නම් නොවේ.

“වෙරෝනිකාට 24 යි. එයාට හිතන්න තරම් මොළයක් නැහැ. ඒ නිසා ඒ වයසෙදි එයා ගන්න තීරණ වැරදියි. ඔයා එහෙම නෑ. ඔයාට හිතන්න පුළුවනි.” ඔබ වරක් කීවෙහිය.

වෙරෝනිකාට 24 බව සැබෑය. ඇගේ වයසේදී ඈ අත්විඳි ජීවිතය අද වන තුරුත් මගෙන් ගිලිහී ගොසිනි. ඒ මා මේ සම්මත සාමාන්‍ය ලෝකයේ අනුදත් පිළිවෙලට හැඩ ගැසී සිටි හෙයිනි. ඈ මා පමණ මෝඩ නැත.

ලෝකය සෑදී ඇත්තේ එක්තරා පිළිවෙලකටය. ඒ පිළිවෙල ඇතැම් විට විකාරයකි. මා ද ඒ පිළිවෙලින් හෙම්බත් වුවෙකැයි මට විටෙක සිතේ. අප සියලුදෙනා තුළම අඩු වැඩි වශයෙන් සැඟවුණු උන්මත්තකභාවයක් තිබේ. එය එළියට ගෙන එයට අභියෝග කරන්නට තරම් නිබය වූවන්ට පිස්සු යැයි ලේබලයක් වැ‍දීම සිදුවේ. ඉතින්, පිස්සු ලේබලයෙන් ගැලවී සිටින්නට නම් අපට මේ ලෝකයේ පිළිවෙල අනුව ජීවත් විය යුතුව තිබේ. මා/අප ආදරය කළ යුත්තේ මේ ලෝකය විසින් තීරණය කොට‍ ඇති වයසේදී, ලෝකය විසින් අනුදත් පිළිවෙලට, ‍ලෝකය විසින් අනුමත කරන ලද ආකාරයටය. නැතහොත් අප මෙම සම්මත පිළිවෙලින් විස්ථාපනය වී යනු ඇත. කෙටියෙන් කිවහොත් අපට පිස්සු ය. අපගේ ඉතා කුඩා එක් චලනයකින් ලෝකය අප උන්මත්තක බව තීරණය කරනු ඇත.

එහෙත්....
මම ඒ පිස්සුවට ප්‍රේම කරමි. එය මා පහසු කරවයි.

ලෝකය විසින් ඔබේත් මගේත් ප්‍රේමය සම්මතයෙන් අපගමනය වී ඇතැයි සිතන විට ඒ ලෝකයාට පිස්සු බව මම දනිමි. එහෙත් මෙය පිස්සුවකැයි ඔවුහු සිතත් නම්,
මම ඒ පිස්සුවට ප්‍රිය කරමි. මම පිස්සුවෙන් මෙන් ඔබට තව තවත් ආදරය කරන්නෙමි.

ලෝකයේ පිළිගැනීම් සහ විශ්වාසයන් ගොඩ නැගී ඇත්තේ බහුතරයේ කැමැත්ත මතය. ඒ බහුතරය සිය ජීවිතයේ සාරයට ස්වේච්ඡාවෙන් විලංගු ලා ගත්තවුන් වන කල, එම සම්මතය පිස්සුවක් වී ඒ පිස්සුව යළි සම්මතය ලෙස තෝරා ගෙන ඇති බව පෙනෙනු ඇත. එහෙව් මිනිසුන් එවිට පිස්සුවක් සේ දකින්නේ අප ප්‍රිය කරන නියම ජීවිතය බැව් මට සිතේ.

වෙරෝනිකා ද මම ද ගැහැණු ආත්ම දරාගෙන සිටිමු.

ගැහැ‍ණුකමේ අවකාශයේදී මගේ පිස්සුවට ඇඟිලි දිගු කර මේ පද්ධතියෙන් මා බැහැර කරන්නට ඔබට නොහැකිවන තරම් පිස්සුවකින් දැන් මම ජීවිතයට ඇලී යන්නෙමි.

මට එසේ කරන්නට ශක්තිය තිබේ. ඒ ශක්තිය එන්නේ කොතැනකින්ද යන්න ඔබ දනී. ඒ මේ පිස්සු ලෝකයට අභියෝග කළ හැකි තරම් ප්‍රේමය පිරුණු හදවතකිනි.
-------------------------------------------------------

යළි බ්ලොග් සටහනකට මසක් පුරා මා පෙළඹ වූ බෝ සහ කාලිංග .. ‍මේ ඒ සටහන ද බලන්න.

-

Sunday, April 27, 2008

සිතිවිලි පවා ලෙඩවෙලා - I'm sick of being myself..


අතුරු අනතුරු පිරුණු දිවියක
සතුරු වන කලට සුව සෙත
මිතුරු හිත් කිසිත් නැත ළඟ
යතුරු පුවරුව පමණ සවි දෙන

එහෙත් අතැඟිලි දුබල වන දින
තවත් කළ හැකි දෙයක් වෙද ලොව
කිසිත් වාවනු නොහැකි හිතකට
පසක් කළ හැකි වේද බු‍දු බණ ‍


අතේ එකිනෙක ඇඟිලි ගැන ගැන
හිතේ හැටියට ගිලින පෙතිවල
ගතේ රෝදුක් නැසෙනු ඇත හෙට
හිතේ සවි බල මුලිනුදුරගෙන


--

Sunday, April 20, 2008

එහෙව් පුතා හැරදා මම්...

පහුගිය දොහක සෞන්දර්යය යනු කුමක්ද ? කියන ප්‍රශ්නය ගැන පොඩි කතා බහක් ඇති වුණා. ඒ ගැන විවිධ අයගේ මත අහන් ඉන්නත් සිද්ධ වුණා. සෞන්දර්යය ගැන නොයෙක් දෙනා කියල තියෙන දේවලුත් කතාබහට ලක් වුණා.

පෙරදිගින් භරත මුණි, අපරදිගින් ඇරිස්ටෝටල්..
ලංකාවෙන් සේකරයන්, ජී.බී., සරච්චන්ද්‍රයන්, වික්‍රමසිංහයන්..
ඉන්දියාවෙන් ආනන්දවර්ධන වැනි අය..
කාල් මාක්ස් වැන්නන්..

මේ සියල්ලන්ම එක් එක් අවස්ථාවලදී සෞන්දර්ය යනු කුමක්ද යන්න විවිධාකාරයෙන් විස්තර කරන්නට වෙර දරා තිබෙනවා.

මේ ආනන්දවර්ධනයන් තමා කිවුවෙ සෞන්දර්යය බිහි කරන්නේ ඖචිත්‍යය විසින් ය කියල. ඒ කියන්නේ උචිත-අනුචිත බව අනුව සුන්දර/අසුන්දරත්වය ඇතිවන බව..

ඉතින් අපි කවි ගැන කතා කරද්දි අපි සෞන්දර්ය හඳුනා ගන්නේ එහි ඇති අලංකාර ඇසුරින්. කාව්‍ය නිර්මාණයක විඳීම ඒ තුළ ඇති අලංකාර ඒ කියන්නේ උපමා උපමේය, ධ්වනි ආදී විවිධ දේවල් නිසා ඇතිවන බවයි සාමාන්‍ය පිළිගැනීම..

ඒ වුණත් කිසිම උපමාවක් නැති නමුත් විඳීම ඉතා තීව්‍ර කාව්‍ය සංකල්පනාවක මේ කතා බහේදී අහන්නට ලැබුණා..

මේ සටහන ලියන්නේ ඒ කව ඔබ හමුවේ තැබීමට මිස සෞන්දර්ය යනු කුමක්ද යන්න සාකච්ඡා කිරීමට නොවේ.

මේ කව සාවියක විසින් ඇගේ පැටවා මිනිසුන්ගේ උගුලකට හසු වූ විට වැළපෙන ආකාරය කියා පාන්නක්

මෙන්න ඒ කව‍‍

සත් අවුරුදු සාර මසක් පේව ගොසින් පුතෙක් ලබා ගත්තේ
හතර වටේ උගුල් තනා පුතාට කළ යුද්දේ
හැළිය වටේ බුබුළු දමා පුතා ඉදෙන සද්දේ
එහෙව් පුතා හැර දා මම් කෙසේ ඉඳිමි බැද්දේ


හා අම්මාගේ වැළපීම ඔබටත් නොදැනේද? හා පැටවා මරු විකල්ලෙන් උගුලෙහි දැඟලූ හැටි ඔබට නොපෙනේද ? හා පැටවා මරා හැළියක දමා පිසද්දී ඒ හැළිය වටා බුර බුරා නැගෙන ගිනිදැල් ඔබට නොපෙනේද? ඒ ගින්නෙන් හැළි‍යේ ඇතුළ බුබුළු දමමින් හා පැටවා පිසෙන ආකාරය සිතෙහි නොමැවේද?

යළි යළිත් කව කියවා බලන්න.

ඒ සිදුවීම, ඒ දැනීම, ඒ ශෝකය ඔබටත් දැනෙනවා නේද ? හැබැයි ඒ දැනවීම සඳහා කිසිදු වෙසෙස් අලංකාරයක් මෙහි භාවිත කොට නැහැ.

එහෙනම් සෞන්දර්යය යනු කුමක්ද යන්න හොඳින් සිතා බලා අවබෝධ කර ගත යුත්තක් බව දැන් වැටහෙනවා ඇති

00

Saturday, April 19, 2008

මැරතන් අවසන් - මේ තුතිමල් මදි ‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍ඔබ හැම ගෙළ පළඳන්ට..

මට බ්ලොග් එකක් නැති උනත් මැරතන් එකට මොනවම හරි දෙයක් ලියන්න ඕන නිසා සූ ගෙ බ්ලොග් එකේ පොඩි ඉඩක් ඉල්ලගත්ත.

බ්ලොග් මැරතන් එක ගැන ආරංචිය ගොඩක් කලින් ලැබිල තිබුණත් මම බ්ලොග් කරුවෙකු නොවන නිසා ඒකට සම්බන්ධ වීම නොගැලපෙන දෙයක් කියලයි හිතුණෙ. ඒත් මලින්ත සහ ආනන්දවර්ධන සමග තිබුණ ඇයි හොඳයිය නිසා දන්නෙම නැතිව ඒ වැඩවලට සම්බන්ධ උනා. ඉන් පස්සෙ ටිරෝන් සහ මලින්ත සමග තාක්ෂණික වැඩ කරමින් ඉන්නකොට තමයි කාලිංගව මේ වැඩ සදහා සම්බන්ධ කරගන්න ලැබුනෙ. කාලිංග සහ මගේ තිබුන යාලුකම නිසා මේක අපේම වැඩක් වගේ තමයි දැනුනෙ. ඔය අතරෙ තමයි ටිරෝන් මේ වැඩවලින් සමුගන්නෙ. ඒ සමුගැනීමත් එක්ක මැරතන් එකේ සම්පූර්ණ තාක්ෂණික කටයුතුවල වගකීම මටත්, කාලිංගටත් මලින්තටත් බාරගන්න උනා.

අවසානය දක්වාම හැකි උපරිම අයුරින් ඒ කටයුතු කරන්න පුළුවන් උනා. මට යොදන්න පුලුවන් කාල වෙලාව අඩු වූ නිසා කාලිංග සහ මලින්ත ගොඩක්ම ඒ කටයුතුවල යෙදුනා. මහ නුවරදී පැවැත්වූ ප්‍රචාරක කටයුතු සදහාත් දායක වීමට ලැබීම ගැන දැනෙන්නෙ ලොකු සතුටක්. දැන් මැරතන් එකේ අවසානයට ළඟාවෙලා ඇති නිසා අපේ වගකීම් හොදින් ඉටුකළා කියන හැගීම සහ සතුට දැනෙනව. මැරතන් එකට නොලීවට (සූ, සමග රිලේ දිවීම හැර) මේ කාලය තුළ අඩුවෙන්ම නින්දක් ලැබූ කිහිපදෙනා අතරට අපිත් අනිවාර්යයෙන්ම එකතු වෙනව.

සමස්තයක් ලෙස ප්‍රථම සිංහල බ්ලොග් මැරතන් එක ඉතාම සාර්ථකයි කියල කියන්න පුලුවන්. මේ වැඩසටහනට සහභාගිවූ හැම දෙනාම වෙනුවෙන් කාලිංගට ස්තුතිවන්ත වෙන්න ඕන.
-තමන් ව්‍යාපාරයක් ලෙස කරන වෙබ් හොස්ටින් සේවාවේ උපරිම පහසුකම් සහිත වෙබ් ඉඩකඩ සැපයීමෙන්, -සින්ඩිකේටර්, -වෙබ්සයිට් සෑදීමේ සිට අවසන් දවසේ තාක්ෂණික කටයුතු මෙහෙයවීමට තම සේවා ස්ථානය ලබාදීම දක්වා ඔහු කළ ඒ කැප කිරීම හැම දෙනාම දැනගැනීම වැදගත්.

ඕනෑම වෙලාවක පිහිටට සිටින, මේ ඉඩ ලබා දුන් සූ, ට බොහොම පින්.

මම බුද්ධික ජයසිංහ

අපි කවුරුත් සහයෝගයෙන් මැරතන් දිවුවා. මමත් බෝත් අද සහභාගී වෙන්න බැරිවුණු සහෘදයෙකුගේ බරත් ටිකක් ඇද්දේ එක්වෙලා යන ගමනට අපි කවදත් සතුටු හින්දයි. මම වඩාත් කිට්ටුවෙන් හඳුණන අයගෙන් බුද්ධික ඕනෙම මොහොතක ඕනෙම දේක දුක් ගන්නා කෙනා වෙන බව ප්‍රත්‍යක්ෂයෙන්ම මේකෙදිත් දැනගත්තා. එවන් අය ඇසුරු කරන්නට ලැබීම මට අපමණ සතුටක් ‍ගෙන දෙන බව නොකියාම බැහැ. කෙනෙකු‍න්ගේ හොඳ අගයන්නට ඕන සැඟවී නෙවෙයි.

මගේ කම්මැලිකම නිසා මට එක එක දේවල් හොයාගන්න උවමනා වුණහම ආනන්දවර්ධන සහෘදයාට කරදර කළ වාර අනන්තයි. ඒ ගැනත් අහිතක් නැතුව ඇති.

මේ සියලු දේ දි රැඳී සිටි කාලිංගටත් ස්තූතියි.

මේ හරහාම අඳුනාගෙන හිතවත් කමින් කතා බහ කරමින් ලියන්නට දිරි දුන් හැම දෙනාටම ස්තූතියි. වි‍ශේෂයෙන් සටහනක් අගයමින්, වෙනත් ඉසව් පෙන්වමින් මේවා කියවන්නට සටහන් තබන්නට පෙළඹුණු දන්නා -නොදන්නා, නම් කිවු - නොකිවු සියලු දෙනාට ස්තූතියි.

එහෙමනම් නැවතත් හමුවෙමු
සුපුරුදු අකුරු අතරින් - වෙනදාටත් වඩා සතුටින්

- සු


කම්මැලි කම යන්න කවියෙන් චැට්

පාළුව කාන්සිය යන්නට පෙර ලෙසට
ලියනට දොඩන්නට සවියක් නෑ හිතට
-බෝ

හිතට සවිය හිත ගිය අය ළඟ ඉඳුම
මුලට ලෙඩේ ඔය වයසට තනි වීම
-සු

හිතේ සව්ය දැඩ් කරන ගෙන පෙර ලෙසට
ලිවිවොත් ඉඩ නැති වේ කාන්සියට...
-සුදාරක


තාලෙට ලියන්නට කවියක් ගලපාලා
තවමත් බැරි මොකද අසනෙමි විමසාලා
-සුදාරකට බෝගෙන්

මැරතන් දුවන්නට හිත ගත වෙහෙසාලා
මොලේ කචල් වෙලා මගේ පැටලීලා...
- සුදාරක

ඉන්නද බල බලා කවි ලියවෙයි කියලා
දෙන්නද උදව්වක් මුල් දෙපදය ලියලා
-බෝ

ගුත්තිල වගේ බැරි වෙන කොට දිනන්නට
නැද්ද න‍ගේ ගුලියක් උඩ දමන්නට

-සු

කවියට කවිය කියුමට නැත සිත සවිය
රටවට දුවල මට දැන් ඇති වෙලා ඇත...
-සුදාරක

අනුරාධ : මොකද්ද මේ වලිය?

කවියට කවිය ඇති තැන පරදියි වලිය
කවියට සවිය ගත නොව සිත ඇති දිරිය
-සු

කවි බැඳුමට කල් වේලා මදිය මට - තිබුණා නම් කියනෙමි කවි දුවන්නට
-රජිත්

කාලය අරන් බැන්දේ කවි පොත්වලට- තාලය තමයි ඕනැ මේ කවිවලට
-සු

මව මව කතා කල් නැති බව නොකියන්ට --- දුව දුව කවි කියනු කොහොමද කියන් මට
-බෝ

හිටිවන කවි වලට අපෙ අය පරසිද්ද-සිදුවන කවි හටන් ඇයි ඔබ නොදකිද්ද
-සු

තාලය තියලා ලියුවත් තව මොකෝ අද ----- එළි වැට නැතුව කවි ලීමෙන් පලක් වෙද
-බෝ

දුව දුව හරි බඳිමි කවි ඔබ හට මම අක්කේ - ඒත් දුවන්නත් වේලා මට නැත්තේ
-රජිත් බෝ ට

දුව දුව ලියන කවි පද වල රස මතුවේ - ලිය ලිය දුවමු මැරතන් අද රෑ නිමවේ
-සුදාරක

ජීවිතයත් කවක් එහෙමයි මම දත්තේ - බත් කන ගමන් කවිමයි අහරට ගත්තේ
-බෝ

කවියෙන් කවිය කිය කිය චැට්‌ කරන්නේ - නැතිවද ළමයි දැන් මැරතන් දුවන්නේ? :P
-සමනලී

අයි නරකද? කවි මඩුවක් හොඳ නැද්ද? - නිදිමත යන්න කවි කියනෙමු කර සද්ද
-රජිත්

...
..
..

කවි සිත් ගොලු වෙලා කට්ටිය නිස්සද්ද --- අගුල් ඇරගන්න යතුරක් ආ මෙන්න
-බෝ

යතුර දමා ඇරගත්තෙමි මගෙ ඉබ්බා - ඉතිරි පැයම කියමුද කවි මඟ ඉඳලා
-රජිත්

වෙන්ව යන්ට මොහොතත් ළඟළග එන්නේ - දමා යන්ට නැහැ පපුවත් වාවන්නේ
-සු

අට වුණු පලියට නැහැ අප යායුත්තේ - මැරතන් එකෙන් පසු හති දමනට ඇත්තේ
-රජිත්

හමුවී එක්ව ලියුවා නෙක කරුණු සැමා - වෙන්වී යන්නෙ කොහොමද කර සියල් නිමා
-බෝ

වෙන්වී යන්න බැහැ මට නම් ඔබලාගෙන් - මම ඉඳිනෙමි මැරතන් නැවතුම ගාවින්
-රජිත්

කවි කිය කියා ගල් ඉබ්බා - වෙන්වෙලා බඩ ගා ගියා ....මම කවියෙක් නෙවෙයි...
-සදීපැප් කොහා

ඔන්න කොහා ඇවිදින් කපුටු කූඩුවට-උන්නා බලන් පර පුටු වෙස්ගෙන යසට
උස්සා අරන් තටුවෙන් මූ පොලව පිට- ගසා එළවමුද ළං කර ගමුද සිප
-සු

ගඟක් වුණත් ‍ගොස් සයුරට එක් වෙනවා- එක්වුණ අපට වෙන් වන්නට සිදු වෙනවා
-සු

මුහුදු ජලය අහසෙදි යලි එක්වෙනවා - දුක් වන්නට එපා යලි අපි හමුවෙනවා
-රජිත්

මැරතන් දුවන අපහට සවි දෙන්න කියා ----- පරසිඳු වෙන්න අර අඳිනවා නොවෙද මෙයා
-බෝ

සද්ද කරන් කවි කියද්දි අපි මෙහෙ රොක් වෙලා - සද්ද නැතුව තව සමහරු ඇතිලු සෙට්වෙලා
-සු

(
:D දන්නෝ දනිත්)

නිදිමත වැඩි නිසා, කවියක් දෙකක් පවසා, කම්මැලි කම නසා, ලියමු දිගටම නොතක වෙහෙසා
-අනුරාධ

ලියනා නේක හිත් යා කරගෙන මෙන්න - පෙම් මල් පිපෙනවා හරි සුවඳයි ඔන්න
-බෝ

දන්න අපට කොළ කඩලා වැඩක් නැත-සමනල් ලොවට පෙම් මල් මිස කවි මොටද
-සු

(වරුණ:
Bors: kauru ganada ea?)

සද්ද කරා පොඩ්ඩක් කල් බලා හෙම ---- චැටට කලින් පනිනා කැන් දුටිම් මම
-බෝ


කැස්සයි ආලයයි සැඟවිය නොහැකියිලු - කියමන ඇත්ත බව කාටත් වැටහෙයිලු
-සු

(වරුණ:
kauru ganada ea? mmmmmmmmmmmmmmmmmmm)

කියමන ඇත්ත දැන්නම පෙනෙනවා රඟේ----- ඔන්න බලන් තොප්පිය හරි ගිහින් වගේ
-බෝ

කැස්සට බෙහෙත් තිබුනත් ආලෙට නැතිලු - වලකා නොගත්තොත් ගොඩ ඒමක් නැතිලු!
-අනුරාධ

(සමනලී: bo akke oyaa kavi kya kiya thoppi vikunanawada ? )

විකුණන්නේ නෑලු අපි විසිකරනවලු --- හරියන එවුන් ඒ දාගෙන නටනවලු
-බෝ

සමනල සිහින පෙනෙනා කල ඇතැමුන්ට - වරුණය කියන්නට මේ කවි පද මදිය
-සු

දිගටම මඩ ගසමින්නේ - බෝ අක්කා වෙහෙසෙන්නේ
-වරුණ

වෙලා තිබුණ නම් කියනා කවි දනිමී - නැති පෙම් පවා ඇති කරවන සැටි කියමී
-රජිත්

වරුණට මොකුත් කිව්වද මම කවි ලියලා --- අහක යන වැසුම් දාගනු ඇයි නුඹලා:s
‍-බෝ

මඩ ගැහුවා නෑ දැක්කේ - කවි කියමින් අපි උන්නේ - මඩ පාරට ඇහැරෙන්නේ - වරුණ මොකද නාගන්නේ
-සු

හැමදා ගහයි මඩ අපෙ මේ බෝ අක්කා -හැම තැනදිම කරන්නේ මේ බව දැක්කා
-වරුණ

තොප්පිය හරි ගිය විට දාගැනුම හැර - වෙන මොනවා කරන්නද? මොහු තැවෙයි අද
-රජිත්

අයදිමි සමා මම සිදු වූවා වරදක් -කවියට තිත තබමි නෑ කිසි හා හූවක්
-වරුණ බෝට

තුන් සරණින් හැමටම යහපත වෙන්ට - මම් පතනෙමි සිත සතුටින් සමු ගන්ට
-සු


සිත සතුටින් සමු ගන්නට සිතුව මෙමා --- එනමුත් එක් කලේ රිදුමක් හදට පෙමා
-බෝ

ලිව්වේ කාටවත් රිද්දන්නට නොවේ මා --- කියමුද කොහොම කවි කර මට දැනෙන සැමා
-බෝ

කවි අහලා රිදවාගන්නේ කවුද - මම නම් නිදි මතත් ඇරගත්තා ඔන්න
-රජිත්

ගතවිනි සතර විසි පැය දැනුනේම නැති --- සවි දුන් සියල් වෙත මම ආසිරි පතමි
-බෝ

ඉතිරි පදේ ...

බෝ මෙහෙම කියනවා..

පාළුව කාන්සිය යන්නට පෙර ලෙසට
ලියනට දොඩන්නට සවියක් නෑ හිතට
බෝ

----------------------------------------
----------------------------------------

ඉතිරි පද දෙක සම්පූර්ණ කරන්න මේ කවිය ඔන්න සූ වෙතට යවනවා...

මෙන්න පොඩි ට්‍රයි එකක් දුන්නා.......

හිතට සවිය හිත ගිය අය ළඟ ඉඳුම
මුලට ලෙඩේ ඔය වයසට තනි වීම

සු ගෙන්

:)

යන්ට වු බැවින් ....

බෝ ඇහැරලා එනකොට පස්ස පැත්තට ඉර එළිය වැටිලා බව නම් ඇත්ත. ඒත් මම නිදාගෙන නෙවේ
හිටියෙ...

අප්පච්චී දන්නවානම් කියාවි..

කම්මැලි කෙල්ලනේ
ගනු පොල්කටුව අතිනේ.. කියලා.. නේහ් ?

මම ගමනක් ගියා .. ‍නොගිහින් බැරි. දැන් නම් ඇව්ත් ඉන්නේ :)
මෙන්න එහෙනම් උත්තරයක්.... බෝ ගේ කවියට


නින්ද හොඳයි හිත බැඳි දුක් හේදෙන්ට
බැන්ද කවි තමයි කවදත් නොතනියට
යන්ට වු බැවින් යා යුතු ගමනකට
ඉන්ට බැරිවුණා ‍බෝ මා හොයන කොට

--

යුද්ධය






ලුයගී පිරැන්ඩෙලෝ (Luigi Pirandello) ඉතාලියේ ජනප්‍රියත්වයට පත් නූතන පරපුරේ ලේඛකයෙක්ද නාට්‍ය රචකයෙක්ද වෙයි. 1934 දී සාහිත්‍යය සඳහා වන නොබෙල් ත්‍යාගය දිනාගැනීමටද හෙතෙම සමත් විය.







සත්‍යය හා මායාව අතර ගැටුම පිරැන්ඩෙලෝගේ නාට්‍ය, කෙටි කතා හා නවකතා තුළ දකින්නට ලැබෙයි. ඔහු මවන චරිත හැමවිටම තමන්වම රවටා ගනිමින් කරදරකාරී සිදුවීම් මග හරින්නට උත්සාහ දරයි. එහිදී එක් එක් චරිත තමා පිලිබදව ලබන ස්වයං අවබෝධය වේදනා සහගතය.

චරිත නිතරම සත්‍යය නොසලකා හැරීමෙන් හා නිරන්තර මුලාවෙන් වෙලී සිටියි. ඒවායේ හැසිරීම ගුප්තාකාරය. නැතහොත් උත්ප්‍රාසය දනවයි. ඔහු විසින් මවනු ලබන චරිතවලට සත්‍යය පිලිගනු ලැබීමට බල කෙරෙයි. ඉනික්බිති එය ශෝකාන්තයක් බවට පත්වෙයි.

පිරැන්ඩෙලෝ නාට්යෝචිත බසෙහි දක්වන සරුබව හෙලිකරන කෙටිකතාවකි "යුද්ධය". ඔහුගේ අන් නිර්මාණවලදී මෙන්ම මෙහිදීද අමිහිරි සත්‍යය සමග සහයෝගයෙන් ජීවත් වන්නට මිනිසුන් දරන අරගලය පෙන්වයි. මේ ලේඛකයාගේ පුතුද පළමු ලෝක යුද්ධයේ සිරකරුවෙකුව සිටියෙකි.

--

සුද්දන්ට විනාඩි පහෙන් සිංහල


ලෝකෙ කොහේදෝ රටක එක් නගරයකදී එකට රැස්වන මිනිසුන් තම තමන්ටම හිනාවෙන විස්තරයක් දිනක් කෙනෙකුන් කිවූ බව මතකයි. අප්‍රේල් පළමුවෙනිදාට අපි කරන්නෙත් ඒ වගේ දෙයක්.

නමුත් සිංහලයා තරම් තමන්ටම සිනාවෙන්නට සිදුවූ ජාතියක් මෑතකාලයේ වෙන කොහේවත් නැතුව ඇති. යටත් විජිත කාලයේ පටන් එකිනෙකා සිදු කළ පාවාදීම් හා උඩගෙඩිදීම් නිසා අප ඇතැම්විට නිවටුන් සේ ක්‍රියා කරන්නට පෙලඹිලා.

මෙය අපේ බස ගැන අපට ලොකු අභිමානයක් නැතිවී යාම නිසා උපන් විහිළු කතාවක්.

වරක් ලංකාවට පැමිණි එක් විදේශිකයෙකු තමන්ට සිංහල භාෂාව ඉගෙන ගැනීමට මහත් ආසාවක් ඇති බවත් ඒ සදහා කෙතරම් කාලයක් ගතවේද යන්නත් සිංහල ජාතික හිතවතෙකුගෙන් අසා තිබෙනවා.

" අයියෝ හරිම සිම්පල්... ඕකට විනාඩි පහක් තිබුනම හොදටම ඇති " ... මේ ඔහුගේ පිළිතුර.

ඉතින් කොහොමද මේ විනාඩි පහෙන් විදේශිකයකු සිංහල ඉගෙනගන්නේ...?
ඔබ දන්නවාද ඒ කොහොමද කියා....?
මෙන්න අපේ ඇත්තාගේ උත්තරේ...

" ඕනෙම ඉංග්‍රීසි නමක් ඉස්සරහට 'එක' කියල දාලා කතා කරන්න. එතකොට සිංහල තමා " ...

Fan එක, Bus එක, Van එක, Note එක, Car එක, Paper එක
.........................................

විහිළුවක් උනත් අඬනවද, හිනාවෙනවද, කේන්ති ගන්නවද කියන එක ඔබට බාරයි.
--

කුමරතුගුවන්ගේ ළමා කවි රස

ළමා කවි පබදින්නන් ළමයින්ට ආයාසයකින් තොරව වටහා ගත හැකි, ගයද්දී හිතේ ප්‍රීතිය වඩවන, ඇග පත නිකම්ම නැටවෙන ආකාරයේ කවි රචනා කළ යුතුය. එපමණක් නොව ඒවා අසා සිටින වැඩිහිටියන්ගේ පවා හිත් පැහැදෙන ආකාරයට ළමා කවි රචනා කළ යුතුය. කුමාරතුංග කවියා "කව් රසය" නම් නළු සිඟිත්තේ මෙසේ පවසයි.

දරුවන් හට මහත් - නැතත් නැති වැ මැ වැටහෙන
උන්ගේ සිත් පුබුදුවන - ඇඟපත නිකම් නටවන
යහළුවන් සමගින් - සසඳන්නට පොළඹවන
උන් කියවනු ඇසූ වැඩි - හිටියවුන් පහදවන
විසිතුරු පබැඳුමෙකි - එ වයසට කවියෙක් නම්

කුමාරතුංගයන්ගේ ළමා ගී, නව උපමාවෙන්ද සරු අර්ථයෙන්ද මෙන්ම ළමයින්ට ගැළපෙන පිවිතුරු බසින්ද පොහොසත් විය. ඔහුගේ මල් බස් කවි පන්තිය ඊට නිදසුනකි.

ගස වතුසුදු
වී පිරිසිදු
පොහොය නැත දු
සිල් ගත් බඳු

මහ පුදුමෙකි
මලෙක මලෙකි
නැහැ එහි සකි
සමනලයෙකි

නැණ ගුණ දම්
රුව පැහැ තුම්
ඇති අය නම්
රෝස කුසුම්

මේ එම කවි පන්තියෙන් උපුටාගත් කවි කිහිපයක් පමණි. කුමාරතුංග කවියාගේ, දරුවන් සදහා රචිත කවි, වැඩෙන පරපුරේ කුඩා සිත් නිවැරදි බස් වහර හා තමා වෙසෙන පරිසරය පිළිබඳවත්, යහපත් ගුණ ධර්ම කෙරෙහිත් නිරායාසයෙන් ඇද බැඳලන්නට සමත්ය. ඉගෙනුම රසවත් කරන අතරම විනෝදය තුළින් ඉගෙනුම ලබා දීමටද අපට එපාව, බළලාගේ සෙල්ලම, බල්ලාගේ සෙල්ලම වැනි කවි පන්තීන් සමත් වේ.

--

බොළද කටට කුමර ගී - 1

1887 දී උපත ලද කුමාරතුංග මුනිදාසයෝ 1944 දී අපෙන් සමුගන්නා තෙක්ම සිංහල භාෂාවට සිය දිවි දෙවෙනි කොට සේවය කළහ. පාලි සංස්කෘත, ඉංග්‍රීසි ආදී භාෂාවන්හී උසස් දැනුමින් සපිරිව සිටි ඔහු ලොකු, කුඩා සියල්ලන්ටම නිවැරදි සිංහල භාෂාව ඉගැන්වීමට මහත් වෙහෙසක් දැරුවේය. වසර පන්සියයකට ආසන්න කාලයක් විදේශීය ජාතීන්ගේ ආධිපත්‍යයෙන් බැටකමින් පිරිහී තිබුණු සිංහල භාෂාවට නිසි තැන ලබා දී එය ඔසවා තැබීමට කළ කැපවීම් අපමණය. ඒ අතර සාහිත්‍යයේ වියරණ රීති හෙළි කිරීම, ග්‍රන්ථකරණය, පැරණි සම්භාව්‍ය ග්‍රන්ථ සංස්කරණය, ශාස්ත්‍රීය වාද විවාද, හෙළ හවුල ආරම්භ කිරීම ආදිය වේ.

ඉනුදු, ළමා වියේ සිටම නිවැරදි බස් වහර කුඩා දරුවන්ට හුරු කරවීමේ අභිලාෂයෙන් පළ කළ ළමා සාහිත්‍ය පොත පත වැදගත් තැනක් හිමි කර ගනී. හත් පන, මගුල් කෑම, හීන් සැරය, කියවන නුවණ පොත්පෙල වැනි රසවත් කතන්දරද කුමර ගීය, රුවන් වැල, කුමාර පද්‍ය සංග්‍රහය පොත් පෙළ, අකුරු සැහැල්ල, ශික්ෂා මාර්ගය පොත් පෙළවැනි කවියෙන් කළ රචනාද ළමයින් සදහාම සිදු කළ නිර්මාණ වේ.

මේවා අතර කියවන නුවණ කවිඩපෙල මුලුමණින්ම සිංහල හෝඩියේ අකුරු උගැන්වීම සඳහාම වෙන් විය. මුල් බිළිදු පොත, මැද බිළිදු පොත, අග බිළිදු පොත යනුවෙන් කොටස් 3ට වෙන් වී ඇති මෙය, වචන හා අකුරු සිගිති මුවට හුරු කිරීම වෙනුවෙන් නිර්මාණය කෙරුණකි.

මුල් බිළිදු පොත

අ ආ අ ආ
අ ආ අ ආ
අ ආ අ ආ
අ ආ අ ආ

ආ අ ආ අ
ආ අ ආ අ
ආ අ ආ අ
ආ අ ආ අ

මැද බිළිදු පොත අකුරු කිහිපයක් සහිත වචනද උගන්වයි

කාක් කාක් කාක්
කෝක් කෝක් කෝක්
කේක් කේක් කේක්
කනු කනු ඇති තාක්

කන්දේ ඉද නැන්-දා
අන්දා දූ නන්-දා
කැන්දා එන සන්-දා
උන්දෑ සුදු ඇන්-දා

අග බිළිදු පොත ඉන් මදක් ඔබ්බට ගොස් වචන කිහිපයක් එකවර උගන්වයි.

මට මාමා මගේ
දුන්නා මැන මෑ ගොඩක්
මිටි මීමා පිටේ ඇති
නාමු මූදේ බැඳ මූ

හා හා හදඳ් හා-වා
හඳ හැම තැන හෑ-වා
හිහී හිහී ගෑ-වා
හුඟක්ම හූ කී-වා

ලංකා දීපේ - ගිං ගං මත්තේ
බිං ගේ හාවා - පිං කම් ඇත්තේ

ගංටා නාදේ - ඩිං ඩොං ඩිං ඩොං
දවුලේ නාදේ - ඩං ඩුං ඩං ඩුං

මී මැස්සන්ගේ - රුං රුං රුං රුං
ලේනුන්ගේ ඒ - ටිං ටිං ටිං ටිං

මේ එක් එක් අකුරු සඳහා පාඩම බැගින් වෙන් වශයෙන් නිර්මාණය කර කියවන නුවන රචනා කර තිබේ.
වැඩිහිටියන්ට, පණ්ඩිතමානී ස්වරූපයෙන් රචනා කළ කුමාරතුංගයෝ හැමවිටම දරුවාට සරල, සුගම බසින් කවි ලිවූහ.

බල සෙනගට සමර ගී
සුර සබයට අමර ගී
සුවද මලට බමර ගී
බොළද කටට කුමර ගී

යනුවෙන් ඔහු කුමර ගීයේදී ඒ බව ප්‍රකාශ කර සිටියි.

--

සිංහරාජය ‍ලෝක උරුමයක් නොවේ ??

අද පත්තරවලත් පහු ගිය දිනවල විද්‍යුත් තැපෑලෙනුත් සිංහරාජය ‍ලෝක උරුමයක් ලෙස නම් කිරීමට ඡන්දය දෙන මෙන් ඉල්ලීම් ගණනාවක් ලැබුණා. දැන් අපේ පරිසර ඇමැත්තා පවා එහෙම ඉල්ලීම් කරනවා..

නමුත් ලෝක උරුමයන් ගැන මෙහෙම කතාවකුත් තියෙනවා..

මේ අබය ආර්යසිංහ මහත්තයා 2006දී කියපු කතාවක්....

අපේ රටේ කිසිවක් ලෝක උරුමයක් නොවේ...

යූනෙස්කෝ ආයතනය කලින් කලට ලෝකයේ ඇති පැරණි නිර්මාණ හා ඇතැම් ස්වාභාවික වස්තූන් ලෝක උරුම ලෙස හඳුන්වා දීමට තැත් කර තිබේ. මේ කාර්යයේදී ඔවූන් "ලෝක උරුමය" යනූ හරිහැටි තේරුම් කර ගෙන නැති බව පෙනේ. කිසියම් නිර්මාණයක් ලෝක උරුමයක් ලෙස හංවඩූ ගැසූ විට එය එම රටට දුන් කීර්තියක් සේ ගණන් ගැනීමට සමහරු පූරුදු වී සිටිති. මෙය අතිමහත් රැවටීමකි. තමන් සතු දෙයකට උරුම කීමට ලෝකයාට අත වැනීමකි.

ලෝක උරුමයක් ලෙස පිළිගත හැක්කේ එම නිර්මාණය කළ ජාතිය හෝ ඉන් පැවතෙන ජනතාව එම රටෙි තවමත් ජීවත් නොවූවහොත් පමණි. ඉන්දුනීසියාවේ පිහිටා ඇති බෝරෝ බූදූර් බෞද්ධ විහාරය එහි අතීතයේ පදිංචිව සිටි බෞද්ධයන්ගේ අද්විතීය නිර්මාණයකි. එම රට ඉස්ලාම් ආගමික රටක් වූයේ ඉන් බොහෝ කලකට පසූය. නියම නිර්මාණකරුවෝ හෝ ඔවූන්ගෙන් පැවතෙන්නන් හෝ දැන් එහි නැත. සම්මතය අනූව මේ බොරෝ බූදූර් ඉන්දුනීසියාවට අයත් වූවත් සංස්කෘතිය අතින් එය සමස්ත ලෝකයාටම අයත් යැයි පිළිගැනීම වරදක් නැත. එහෙයින් එය "ලෝක උරුමයක්" සේ නම් කිරීම මැනවි.

චීන මහා ප්රාකාරය චීන ජනතාවගේ නිර්මාණයකි. එම ජාතියෙන් පැවත එන්නෝ කෝටි ගණනක් දැන් එහි වාසය කරති. එබැවින් චීන මහා ප්රාකාරය චීන ජාතික උරුමයක් විනා ලෝක උරුමයක් නොවේ.

ශිෂ්ට ලෝකයා විශ්මයට පත් කරන නිර්මාණ කීපයක් සිංහලද්වීපයේ තවමත් ඉතිරිව තිබේ. රුවන්මැලිසෑය, අභයගිිරිය, ජේතවනය වැනි ස්තූප ද සමූදුර පරයන පරාක්රම සමූද්රය වැනි වැව් ද සීගිරිය වැනි විශ්මයජනක රාජධානි ද කරවූවෝ එකල සිටි සිංහලයෝය. මෙයින් අන්තිමට සඳහන් කළ සීගිරිය තෝරාගෙන එය ලෝක උරුමයක් කියා හංවඩූත් ගස්සා ගත්තෝ අවියත් සිංහලයෝය. ඒ මදිවාට සීගිරිය අටවන පූදුමය ලෙස කියවා ගන්නට වෑයම් කළේ එබඳුම අවිචාරවත් සිංහල ඇමැතිවරයෙකි. මේ උත්සාහය එතුමාගේ මනසට පමණක් සීමා වී තිබේ.

සීගිරියට ළඟාවන පාරවල සංස්කෘතික ත්රිකෝණය හිටූවා ඇති ලෝක උරුම බෝඩ් සියල්ලම ගලවා ගිනි දෙවියාට පූද කළාට වරදක් නැත.

සිංහරාජ වනය ද ලෝක උරුමයක් ලු. එය සිංහල පොළෙවේ සාරය උරාගෙන වැඩූන ගණ මනහර වනයකි. සිංහලයා එය රෝපණය කළේ නැත. එසේ වූවත් පෙර කී සේම යූනෙස්කෝව කියන පරිදි ලෝක උරුමයන් නොවන බව දතමනාය. කොටින් කියතොත් අප රටෙි ඉතිරිව ඇති කිසිම නිර්මාණයක් ලෝක උරුම නොවේ. ඒවා හූදු සිංහල උරුම වේ.

මහාචාර්ය අබය ආර්යසිංහ

2006 ජුනි

යන රැල්ලත් එක්ක යන්නේ නැතිව දැන් මේ කියන කාරණය ගැනත් හිතා බැලුවොත් හොඳය කියන එකයි මගේ නම් හැඟීම.
--


රාත්‍රියේ තනිකම වද නොදෙන්නට (වරුණට පමණයි)

මේක වරුණගේ තනිකම් දෝසය දුරුවෙන්ට පතා ලියමි.

නින්ද කපා තනි යහනේ ඉන්න කොට
නින්ද නොයා තනිකම හද පෙලන කොට
මම් බෙහෙතේ කියමි ඔය රෝ දුරුවන්ට
කැන්ද එන්න හොඳ නැකතක් බලා ගෙට

සකු නළු රස සිහිවෙයි...

ඔබ කාලිදාසයන්ගේ ශාකුන්තලය කියවා ඇත්දැයි මම නොදනිමි. මම සංස්කෘත නාට්‍ය කියවන්නට ඉමහත් ආසාවකින් ‍පෙළෙන්නට වූයේ පාසල් අවදියේ සිටමය. සකු නළු රසය මට බෙදා දුන් ගුරුවරයා ලීල් අධිකාරි මහත්මයායි. ඔහු දැන් කොහේ ඇත්දැයි නොදනිමි. එකල ද ඔහු බොහෝ වයස්ගත ය. නමුත් රඟ දක්වමින් සකු නළු රස දැක්වූ ආකාරය අදද අමතක නොවේ.

අභිඥාන ශාකුන්තලය, ප්‍රියදර්ශිකා, රත්නාවලී, නල-දමයන්ති වැනි නාට්‍ය කියවීමට මම එකල බෙහෙවින් ප්‍රිය කළෙමි. ඉනුදු ශාකුන්තලයෙහි එන ශකුන්තලාව දුෂ්‍යන්ත ගැන සිතමින්, උයනේ ළපලු පත්වල පවා ඔහුගේ රුව දකිමින් කල් ගෙවූ ආකාරය අදද මට රසවත් ලෙස මතකයට නැගේ.

මේ සංකල්පනාව ඒ රස හා බැඳුණු එහෙත් වෙනත් දෙයකි.

සකුන්තලා හද ඇවිලුණු ගිනි වැද

වැතිරී හුන් නෙළුමක පත එදවස

මැලවී ගියයුරු ඇසුවෙද සඳ ඔබ

අද මේ ‍‍ළය තුළ

ඇවිලෙන ගිනි කඳ

සම කළ නොහැකිය

ඒ කිසිවක් හට

--

මන්ද නිදි නේන කාරණ..??

ඔහ්.. බෝත් ගියා එන්නම් ඉක්මනට... කියාගෙන.. ඉතින් මම විතරයි මේ පැත්තේ....බඩගින්නයි...සීතලයි..පාලුවයි..ඒත් නින්ද නම් අහලක නෑ..

:(


ඔන්න බලන් දැන් තනියම මං මෙතන
උන්දැ ගියා යළි එන්නම් කියාගෙන
නින්ද වුණත් හතුරුයි අද මගෙ නෙතට
මන්ද නොදන්නෙමි නිදි නේන කාරණ !!


බෝ ..ඊ ගාව කවි පදය ලියන්න ඉක්මණට එන්න...

--

රේඩියෝව කළ මහතුනි අසල්ලා..

බෝ කිව්වේ ඇත්ත.. මේ කාලිංග නිස්සද්ද වුණාට පස්සෙ ටිකක් පාලුයි වගේ. තියෙන කොටත් ගාණක් නෑ අර කම්මලේ ‍බල්ලාට හෙණ ගැහුවා වගේ....

බෝ ගේ කවියට මෙන්න උත්තරයක්


අන්ද මන්ද වූ සිත් හැම පහන් කොට
වෙන්ට තිබු දේ සිදු විය හිතාගෙන
කන්ද කපා හඳ පායන විලාසෙට
කින්ද සිනා වපුරන්නට පමා තව ??


ඉතින් නුඹත් නැත්නම් මට මා කවුද ?

ඉස්සර පාසල් යන කාලෙ තරගෙට මිතුරියක් එක්ක කවි ලිව්වා මතකයි. එතකොට අපි හිටි‍යේ හතේ පන්තියේ. ඇයි කියලා හිතාගන්න බෑ ඒ කාලෙත් මං ඒවා ලිව්වේ හැමෝටම හොරෙන්....යාළුවෝ කීප දෙනෙකු නම් බැලුවා. ඒත් ගෙදර අය නම් දන්නේ නෑ..

මේ ‍කාලෙත් මං ලියන ඒවා බලන්නේ මමම විතරයි. මේ බ්ලොග් මැරතන් හින්දා අද නම් තත්වේ ටිකක් වෙනස්.

ඉතින් හැමෝම ඒ කාලෙ මොනවා හරි ලියලා පත්තරවලට යවද්දි මට හිතුණේ ඒක උන්මාදයක් කියලයි. මම හරියි කියල මං හිතන්නේ නෑ. ඒත් ඒ හැම එකක්ම පලවීමට තරම් සුදුසු නැහැයි කියල මට හිතුණ නිසා මම කවදාවත් පත්තරේකට කවි සංකල්පනාවක් දැම්මේ නෑ

නමුත් කාලෙත් එක්ක මට හිතුණා එකම එක වතාවක් ඒකත් කරලා බලන්න. එහෙම යැවු එකම එක කවි සංකල්පනාව තමා මේ....ඒක පලවුණේ මී‍විතේ...

ඉමක් කොනක් නැති සෙනෙහස හිතේ දරන්
පෙරුම් පුරාගෙන ආ රැය ගෙවී ගිහින්
සඳත් තරුත් මගෙ තනියට ඉතිරි කරන්‍
හිතත් රිදො‍්ගෙන නුඹ අද යන්න ගිහින්‍


නෙත පෙම් කළා මතකයි රුව දකින්නට
සිත පෙම් කළේ නුඹ ළඟ රැඳෙන්නට
අත දිගු කළත් සසරේ පෙර පුරුද්දට
නොකියම ගියේ මගෙ මොන වැරැද්ද ද ?

මුවින් මුවට විස පිරි අවලාද
කනින් කොනට ඇහුණා හැම උදෑසන
නෙතින් කඳුළු හසරැල්ලන් පිස දමන
ඉතින් නුඹත් නැත්නම් මට මා කවුද??

එදා ‍එහෙම ඇහුවට හැමෝම මට කිවුවෙ මම වැලක් නෙවෙයි ගහක් කියලයි..

............

කෙට්ටු වෙන්න අබ ඇටයක්

මං දැක්කා ටීකාව කරන මහත්තැන් ලියලා තියෙනවා තරබාරුව අඩු කරන අව් කණ්ණාඩි කුට්ටමක් ගැන..මම හිතන්නේ මම තරබාරු නැහැ කියලයි. ඒත් මාසයක විතර ඉඳන් අසාමාන්‍ය විදිහට ස්කන්ධය වැඩිවෙන අඩුවෙන බවක් පෙනෙනවා.

ඉතින් මං පුරුද්දක් විදිහට චීන කටු ගහන තැනට ගිහිල්ලා මගේ ගැටළුව ගැන කිව්වා..

ඔන්න දැන් මගේ ක‍න ගාව පුංචි අබ ඇටයක් ප්ලාස්ටර් කැබැල්ලකින් රඳවා තියෙනවා.
මට හිතෙන විදිහට මේකෙන් කරන්නේ කෑම රුචිය අඩු කරන එක වෙන්න ඕන.
මේක නිල උත්තේජනයක්..

නමුත් එයාල දන්නවනම් මම කන්නේ බොහොම ස්වල්ප ප්‍රමාණයක් කියලා... මේ අබ ඇටය අලවන එකක් නෑ කියලා මට දැන් හිතෙනවා.

සඳුදා දිහාවට ගිහින් අහලා බලන්න ඕනා ..මේකෙන් ඇත්තටම වෙන්නේ මොකක්ද කියලා..

-

නොදනිමි ඉවසන තාල.............


කුරවී අදත් ඇවිදින් ගේ දොරකඩ ට‍
විරහී ගීය ගැයුවා හද පාරවන
ඇවිලී අනුරාග පෙර විඳි නුඹ ගාව
සසැළී හඬමි - නොදනිමි ඉවසන තාල