Friday, April 18, 2008

අපිට මොටද හැරි පොටර්

සුදාරක මැරතන් එකට හැරී පෝටර් ගැන ලියලා තිබුණා දැක්කාම මට සිද්ධියක් මතක් වුණා. පරිපාලන සේවා විභාගෙ ආවාම ‍අපේ ගෙදරින් බර බරේ ආවා මටත් විභාගයට දමන්න කියලා. ඉතින් මමත් දාලා සද්ද නැතිව උන්නා. ඒත් විභාගය දවස ආවාම හැම තැනින්ම ආරංචිවන නිසා ගෙදරින් ආයෙත් බර බරේ..ඉතින් කනක් ඇහිලා ඉන්න නැතිවන වග දන්න නිසා මමත් විභාගයට ගියා.

විභාග ලියන එක මගේ විනෝදාංශයක් නිසා ගාණක් වුණේ නෑ.. දන්න ඒවාට ලියලා දැම්මා..

ඒකේ සාමාන්‍ය දැනීම ප්‍රශ්නවලට අහලා තිබුණා

" හැරී පෝටර් ලිව්වේ කව්ද ? " කියලාත් ...ඒක මං දන්නේ නෑ...දැනගන්න වුවමනාවකුත් නෑ

ලංකාවෙ පරිපාලන නිලධාරියෙකුට හැරී පෝටර්ගෙන් ඇති වැඩේ මොකක්ද කියලා අදටත් මේ දැනුත් මං කල්පනා කරනවා....අනේ මෙහෙම අමන ප්‍රශ්න...අහපංකෝ අපේ ඉතිහාසය ගැන....මට එහෙමයි හිතුණේ..

ප්‍රතිඵල ආවා

මම ලකුණු දෙකකින් අසමත්.

හැරි පෝටර් ගැන දැනන් උන්නා නම්..මම අද පරිපාලන නිලධාරිනියක්.
ඒ කියන්නේ අතිරේක ලේකම්වරියක්/සහකාර ප්‍රා‍දේශීය ලේකම්වරියක්


ඒත් හැරී පෝටර් ගැන ලියලා එහෙම වෙනවාට වඩා නම්බුයි ඒකට බැනලා එළියේ ඉන්න එක කියලත් මට හිතෙනවා.

ඔබ මොකද හිතන්නේ ????

4 comments:

Varuna Gunasekara said...

what ur saying is true!
there's no point of knowing who wrote harry potter in a SLAS exam.
But I think there's nothing wrong in knowing whats going on around the rest of the world other than the ones in Sri Lanka.

What if you are a govt. officer and you are to represent sri lanka in some international conference.you should at least have the ability to blend with the people from rest of the world.(obviously knowing about harry potter won't help)
they may be from africa,america or eastern europe or may be asians.but you should simply know,that harry potter is a famous book,someone has made movies out of them.it about some kids doing magic tricks.


You shudnt simply ignore the case,"apita motada harry potter?"
is simply a immature expression.

I am a big fan of you,
I enjoy ur blogs all the tym.
just wanted to say.
sorry,my sinhala is excellent but my typing is terrible.

All the Best!
loosers2f.blogspot.com

samanalee said...

හැරී පොටර් ඉතා ආසාවෙන් කියෙව්වෙමි, නමුත් අවස්‌තාවට ගැලපෙන ප්‍රශ්න එපායැ අහන්න! ඉතින් මේ ලිපියට මමත් එකඟයි.

Wiz Kun said...

හැරී පොටර් ගැන ප්‍රශ්නයක් පරිපාලන විභාගයකට ඇසීමනම් ටිකක් විතර නොගැලපෙන දෙයක් බව මමත් පිලිගන්නවා. ඒත් රටේ ලෝකේ වෙන දේවල් ගැන දැනුමක් තියනවාද කියලා පරීක්ෂා කරන්න වෙන්නැති එහෙම ප්‍රහ්නයක් අහන්න ඇත්තෙ.

හැරී පොටර් හොඳ ආකර්ශනීය කථාවක් සහ චිත්‍රපටයක්. ඒත් එහි තිබෙන සමහර කරුණු වැරදි තොරතුරු (misinformation) වලින් යුතුයි :( මොකද මේ කථා මාලාව ගැන serious හිතන කට්ටියකුත් ඉන්නවා.

හංසකිංකිණි said...

අනේ ළමයෝ... ඔය ප්‍රශ්නෙ අහල තිබුණ වතාවෙ විභාගෙ ලියල සමත් වෙච්ච එකසිය ගාණට අයිති වෙච්ච මම එයාලගෙ සම්මුඛ පරීක්ෂණෙං අවශ්‍ය ලකුණු ප්‍රමාණය ලැබුවෙ නෑ...
මුලු මහ බැංකු වාර්තාවයි,ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවයි, සති දෙකක් ඇතුලත කට පාඩං කරගන්ඩ පුලුවන් වෙච්ච ඈයො ගොඩ ගියා....

ඩවුන්ලෝඩ් කරනව කියන එකට සිංහලෙන් කියන්නෙ මොකද්ද?
මගෙං ඇහුව

බාගත කිරීම
මං උත්තර දුන්න
ඒ ගමන්ම මං කල්පනා කලේ මගෙං ඒ ප්‍රශ්නෙ අහපු උන්නාංසෙල බාගත කරන්ඩ තියා කවද හරි තමංගෙ මේස උඩ තියෙන පරිගණකය ඔන් කරලවත් ඇත්ද කියලයි!!!
ඇරත් ඔය බාගත කිරීම කියන වචනෙ කියන එක මහ ලොකු දෙයක් යැ.... ඇත්තටම මේ මනුස්සයට ඒක කරන්ඩ පුලුවංද කියල බලපු කෙනෙක් නෑ නෙ...විභාග ක්‍රමය විහිලුවක් වෙලා ඉවරයි
ඒවගෙං වැඩක් නෑ....
මං අදයි මේ පැත්තෙ ආවෙ
මට හිතෙනව මම කොහෙන්දෝ කොහෙන්දෝ රෝල් වෙලා මේ පැත්තට ආව එක මගෙ වාසනාවක්!!!