සුදාරක මැරතන් එකට හැරී පෝටර් ගැන ලියලා තිබුණා දැක්කාම මට සිද්ධියක් මතක් වුණා. පරිපාලන සේවා විභාගෙ ආවාම අපේ ගෙදරින් බර බරේ ආවා මටත් විභාගයට දමන්න කියලා. ඉතින් මමත් දාලා සද්ද නැතිව උන්නා. ඒත් විභාගය දවස ආවාම හැම තැනින්ම ආරංචිවන නිසා ගෙදරින් ආයෙත් බර බරේ..ඉතින් කනක් ඇහිලා ඉන්න නැතිවන වග දන්න නිසා මමත් විභාගයට ගියා.
විභාග ලියන එක මගේ විනෝදාංශයක් නිසා ගාණක් වුණේ නෑ.. දන්න ඒවාට ලියලා දැම්මා..
ඒකේ සාමාන්ය දැනීම ප්රශ්නවලට අහලා තිබුණා
" හැරී පෝටර් ලිව්වේ කව්ද ? " කියලාත් ...ඒක මං දන්නේ නෑ...දැනගන්න වුවමනාවකුත් නෑ
ලංකාවෙ පරිපාලන නිලධාරියෙකුට හැරී පෝටර්ගෙන් ඇති වැඩේ මොකක්ද කියලා අදටත් මේ දැනුත් මං කල්පනා කරනවා....අනේ මෙහෙම අමන ප්රශ්න...අහපංකෝ අපේ ඉතිහාසය ගැන....මට එහෙමයි හිතුණේ..
ප්රතිඵල ආවා
මම ලකුණු දෙකකින් අසමත්.
හැරි පෝටර් ගැන දැනන් උන්නා නම්..මම අද පරිපාලන නිලධාරිනියක්.
ඒ කියන්නේ අතිරේක ලේකම්වරියක්/සහකාර ප්රාදේශීය ලේකම්වරියක්
ඒත් හැරී පෝටර් ගැන ලියලා එහෙම වෙනවාට වඩා නම්බුයි ඒකට බැනලා එළියේ ඉන්න එක කියලත් මට හිතෙනවා.
ඔබ මොකද හිතන්නේ ????
Showing posts with label Harry Potter. Show all posts
Showing posts with label Harry Potter. Show all posts
Friday, April 18, 2008
අපිට මොටද හැරි පොටර්
Posted by
සු
at
9:16 PM
4
comments
Labels: Harry Potter
Subscribe to:
Posts (Atom)