Thursday, December 30, 2010

තනිකඩ පුංචා ගැටගසමින් ලියූ කවිය




ලොවම උර මත දරා ජීවිතේ බර රැගෙන
අඳුර සමගින් තනිව ගාටමින් එන කලට
එකම කිරි සිනාවක සියලු ළතැවුල් මැකෙන
අරුම නොදනිමි තාම නුඹ ළඟදි සිත නිවෙන

හදන්නට දරුන් නැති හිස් උකුළ සරසන්න
පිටාරය ගලා යන සෙනේ ගඟ කිමිදෙන්න
මගෙ වාසගම් නැතද මගෙම යැයි හිත කියන
මට මෙන්ම අන් හැමට මාව අමතක කෙරුව

හිස දුවනැ'ඟිලි මැද සුදු පෑය දැක සැලෙන
නෙත අගට ආ රැල්ල අත ගගා සුසුම් ලන
මට හොරෙන් මා දිහා බලා ඇතුළෙන් තැවෙන
අම්මාගෙ හිත හැදුව අක්කාගෙ දූ මැණික

4 comments:

Ansh Lucky Sri Jay said...

අත්දැකීමක්ද මන්දා..
හරිම අපූරුවට අකුරු වලට පෙරළලා අක්කා.
:)

Lishan Puwakowita said...

මූණු පොතේ පින්තූරු වලින් දැකලා තිබුණ නිසා කතාවේ මුල මැද අග පැහැදිලියි.., කල් ගිහිල්ලා වුනත් අම්මටයි පොඩි දූටයි සුභ පැතුව කියන්ට.!!
ස්තූතියි..!

තිස්ස දොඩන්ගොඩ said...

ලස්සන කවි පොඩියක්..

"එකම කිරි සිනාවක සියලු ළතැවුල් මැකෙනඅරුම නොදනිමි තාම නුඹ ළඟදි සිත නිවෙන"

විඳලාම බලන්න ඕනේ, it's a magic..

Anonymous said...

Nice&goooooooood