ලොවම උර මත දරා ජීවිතේ බර රැගෙන
අඳුර සමගින් තනිව ගාටමින් එන කලට
එකම කිරි සිනාවක සියලු ළතැවුල් මැකෙන
අරුම නොදනිමි තාම නුඹ ළඟදි සිත නිවෙන
හදන්නට දරුන් නැති හිස් උකුළ සරසන්න
පිටාරය ගලා යන සෙනේ ගඟ කිමිදෙන්න
මගෙ වාසගම් නැතද මගෙම යැයි හිත කියන
මට මෙන්ම අන් හැමට මාව අමතක කෙරුව
හිස දුවනැ'ඟිලි මැද සුදු පෑය දැක සැලෙන
නෙත අගට ආ රැල්ල අත ගගා සුසුම් ලන
මට හොරෙන් මා දිහා බලා ඇතුළෙන් තැවෙන
අම්මාගෙ හිත හැදුව අක්කාගෙ දූ මැණික



2 comments:
අත්දැකීමක්ද මන්දා..
හරිම අපූරුවට අකුරු වලට පෙරළලා අක්කා.
:)
මූණු පොතේ පින්තූරු වලින් දැකලා තිබුණ නිසා කතාවේ මුල මැද අග පැහැදිලියි.., කල් ගිහිල්ලා වුනත් අම්මටයි පොඩි දූටයි සුභ පැතුව කියන්ට.!!
ස්තූතියි..!
Post a Comment