Saturday, September 12, 2009

සබඳ, මේ ජීවිතය මනරම් ය

සබඳ

මේ කුලී මාලිගාවෙහි ගෙවන ජීවිතය
මනරම් ය.

අසල ගස්වල
කොළ සැලෙන නද මිස
මිනිස් කටහඬින් තොරය.

ඉඳ හිට ලැබෙන
මොබයිල් පුවත් වැකියකින්
නිසලතාවය බිඳී ගියද,
ඉන් කිසිත් වෙනසක් සිදු නොවේ..

තනිව හැඬිය හැකිය
තනිව සිනාසිය හැකිය
තනිව වැළපිය හැකිය

තර්ජනයකින්
හෝ
මර්දනයකින් තොරව
ඇති තෙක්
උපවාස කළ හැකිය
වර්ජනය කළ හැකිය
හිස් පොකැට්ටුවකට
නිරවශේෂ බැංකු පොතකට
කමිටු රැස්වීම්වලින් තොරවම
ඒ සියල්ල තීරණය කළහැකිය

සියල්ල මගේය
මා පමණය

සබඳ
මේ කුලී මාලිගාවෙහි ගෙවෙන ජීවිතය
කෙතරම් අසිරිමත් ද ?

ණය පතකින් ලැබෙන ඇමතුමක්
බිල් පතකින් ලැබෙන තරවටුවක්
හිතවතුන් සේ ගෙට එබෙන

බලව සබඳ
මේ කුලී මාලිගාවෙහි
අසිරිය ..

ආතුරවන සිත
ගතටද රෝ බෝ කරන
එහෙත්
කිසිවෙකුත් නොදකින




2 comments:

Kasun said...

අපූරු හැඟීම් දනවන කවියක්.
මම මේ කවියෙන් ප්කාශිත අර්ථය වෙනත් තැනකින් කියවන්න කැමතියි. ඕනවට වැඩි ඇලීම්-බැඳීම් හා වගකීම් වලින් තොරව ගෙවෙන ජීවිතය කෙතරම් සරල සහ සැහැල්ලු වෙන්න පුලුවන්ද? අත්‍යාවශයම වන මානුෂිය සබඳතා පවා විටෙක අනවශය තරමේ බරක් සේ දැනෙන අවස්ථා තියෙනවා.
ඕනවට වඩා වගකීම් නැති, ඇති-නැති දේවල් ගැනවත්, තීන්දු-තීරණ ගැනවත් වද වීමට තරම් නොවන ජීවිතයක් ....

Jay said...

අකුරු තුනකින් කියලා ඉවර කරනවා නම්..
පට්ට..!!
ඇත්තටම අමුතුම writing style එකක් තියෙනවා.