(But I am still trying.......)
HaPpY Birthday My Love !
සඳෙන් සඳ දුක් කටොර ඉසිලුව
වරින් වර ළං වෙවී මා-පිය විලස
බිඳෙන් බිඳ ඇස කඳුළු පිසලුව
දිනෙන් දින සඳ සේම මෝරන
පෙමින් පෙම හැර කිසිත් නොපැතුව
දෙව් බඹුන් දුන් පඬුර නුඹමද
මගේ හද නිති තුටින් නැහැවුව
නොගැලපෙන මුත් මෙකවි පද
ලියා තැබුමට එවන් සෙනෙහස
දුලබ කවි කම් අකුරු කරගෙන
සිහි කරන්නෙමි නිබඳ මගෙ සඳ
නිදුක් සුව විඳ මෙදිවිය තුළ
වරම් ඉල්ලමි නුඹව රැක දෙන
පැතුම් සහසක් හදෙහි රඳමින
සිඹිමි නුඹ හද සිරස පිරිමැද
2 comments:
හපොයි,, මේ කවි දැක්කම මට, ඔයා ගැන ඉරිසියයි ; සූ......
මාර ලස්සනයි........
ගොඩක් ලස්සනයි.
Post a Comment