Showing posts with label subhashithaya. Show all posts
Showing posts with label subhashithaya. Show all posts

Friday, February 29, 2008

නියම ජීවත්වීම

කළකිරුණු සිතකින් පරණ ‍පත පොත අතගාමින් සිටින විට ඇස ගැටුණු යමක් මෙහි පළ කරමි. මෙය සුභාෂිතය උද්ධෘත කරමින් ලියැවුණ සටහනකි.

"මනා කොට ලියන ලද" යන අරුත් දෙන සුභාෂිතය සංස්කෘත ශතක සාහිත්‍යය අනුව යමින් , පංච තන්ත්‍රය, හිතෝප‍දේශය වැනි ග්‍රන්ථවල ආභාසය ලබමින්, මානව වර්ගයාගේ ගුණ වගාව උදෙසා අලගියවන්න මුකවෙටි පඬිවරයා විසින් රචනා කරන ලද්දකැයි සැලකේ. ඔහු අයත් වන්නේ සීතාවක යුගයට ය.


යජ්ජිව්‍යතෙ ක්ෂණමපිප් ප්‍රථිතං මනුෂෛර්
විඥාන ශෙෳර්ය විභවාර්ය ගුණෛඃ සමේතම්
තන්නාම ජීවිතම්හ ප්‍රවදන්ති තාඥඃ
කාකෝපි ජීවති විරාය බලිංච භුංක්තේ

(විෂ්ණු ශර්ම)

මෙලොව මිනිසුන් විඥාන-කලා ශිල්ප පිළිබඳ අවබෝධය, ශෙෳර්යය, ක්‍රියා ශූරත්වය, විභවය, මත්කම, ආර්ය-ගුණ මෛත්‍රිය, කරුණාව දක්ෂිණාදී ගුණාංගවලින් යුක්තව ප්‍රසිද්ධව එක් මොහොතක් හෝ ජීවත් වීම යයි යමක් ඇද්ද, එය නියම ජීවිතය බව තතු දත්තෝ කියති.

කපුටා දව‍ළි බිලි කුණු කසළ කමින් බොහෝ කල් ජීවත් වෙයි. එයින් ඇති වැඩක් නැත. අප අතරද එවැනි ආත්මාර්ථකාමී " මිනිස් කපුටෝ " සිටිති. එහෙත් ඔවුන්ගේ ජීවිත වැඩදායක නියම ජීවිත නොවේ. එහෙයින් ඔවුහු නියම ජීවිත ගත කරන්නෝ නොවෙති.

විණැත සුරුව වත්කම සත් ගුණ ඇතිව
පසිඳුව එක් සැණක් ජීවත් වුව පොබව
නියම දිවි එවෙයි යෙති දන්නෝ සබව
විඳිති දිගා රිටුහු ද වැඩකට නැතිව

෴ සුභාෂිතය , ඒ.එච්.පියසේන, ලංකාදීප 98 දෙසැම්බර් 20


සියක් ආයු විඳීමේ ප්‍රීතියට වඩා දැනෙන සේ මොහොතක් ජීවත් වීම යහපත් බව මගේ ද සිතිවිල්ලයි. සියලු සිත් පහන් වේවා යි පතමි.