අද උදේ විද්‍යුත් තැපෑලෙන් සිංදුවක සද්දයක් ඇහුණා.. මේක ගැන මොනවද කියන්නේ ? කියලත් සිංදුවේ අයිති කට්ටිය/කෙනා අහනවා. මගේ කමෙන්ට් එක පැත්තක තියලා කට්ටිය එක්ක බෙදාගන්න හිතුණා ඉස්සෙල්ලම සිංදුව..
Wednesday, March 31, 2010
පීර පීර මං හෙව්වා... මගේ ලෝකයට වීරයෙක් !!
Posted by
සු
at
12:51 PM
12
comments
Labels: children's movie, cinema, vidhu
Monday, October 19, 2009
පොදු පුරුෂයාට හොඳයි.. අනිත් අයට නරකයි..

කාටවත් නොපෙනෙන ලංකාවෙ ප්‍රේක්ෂකයාගෙ නැත්නම් රසිකයාගෙ ඉරණම තීන්දු කරන කලාත්මක නොවන සාධක කිහිපයක් ගැන සරළ සටහනක් මේ.
Posted by
සු
at
9:20 PM
13
comments
Labels: cinema, cinema critics, da vinci code, letter of fire, viewer, පොදු පුරුෂයා
Friday, April 18, 2008
සිංදු අටයි ෆයිට් තුනයි- අකුණු ගොඩයි ලිපි හතරයි :(
සිංහල චිත්‍රපටි හදන ලේසිම විදිහ තමා සිංදු කීයද ?ෆයිට් කීය ද ? කියල දමාගන්න එක..මං කියන්නේ වාණිජ වට්ටෝරු චිත්‍රපට..(නැත්නම් සමහරු යුද්ධ ප්‍රකාශ කරයි)..
ඒක මතක් වුණේ හතරවෙනි පාරටත් ලොග් වෙලා පෝස්ට් ගණන කියවද්දි දුක හිතිලයි.
තාමත් අකුණු ගගහා වැස්ස..කෙළවරක් නෑ...
ආවොත් ආවා ගියොත් ගියා කියල හිතාගෙන ලොග් වුණා
වා නං වා - පෝ නං පෝ ..කිවුවලු
වැඩිම වුණොත් පරිගණකය අබිබගාත වෙයි.
ගෙදර දුරකථනයට කිසිවක් නොවී එහෙම වුණාට නම් කමක් නෑ
නැත්නම් ප්‍රතිපාදන සහ නේවාසික පහසුකම් අහෝසි වෙයි....
එහෙනම් නැවතත්...සිංහල බ්ලොග්කරුවන්ට ආ වඩා ආයිබෝ වේවා !
Posted by
සු
at
10:37 PM
0
comments
Saturday, March 8, 2008
Reel Therapy - fiction as a clinical tool..
උන්මාද සිතුවම් මැවේ බිඳේ...
මට වැළඳී ඇති නිදන්ගත රෝග ස්වල්පයකින් එකක් ගැන කතා කිරීමට මේ සටහන වෙන් කරමි. මා වෙසෙන නගරයට එන මගේ හිත් ගන්නා සෑම සිනමා පටයක්ම නොවරදවා නැරඹීමයි මගේ රෝග ලක්ෂණය. මුලින්ම චිත්‍රපට නරඹන්නට ගියේ කවදා දැයි මතක නැති වුවත්, මා ඉතා කුඩා කාලයේ ලොකු මාමා විසින් වඩාගෙන රාත්‍රී දර්ශන සඳහා නිතර ඉංගිරියේ ගාමිණී සිනමා ශාලාවට මා රැගෙන යනවා සිහිනෙන් මෙන් මතකයි. එහිදී රන් මුතු දූව ලෙස මතකයේ ඇති, සල රුවෙහි එක් අයෙකුව කපා කොටා දමනවා දුටු මම හයියෙන් කැ ගසා හඬද්දී ලොකු මාමා යළිත් මා කර පින්නාගෙන පිටවී ආවාත් මතකයි.
පසුව මේ අග නගරයට ආ පසුව බොහෝ දෙනා කෙල්ලක හෝ කොල්ලකු සිනමා හලකදී හෝ ඒ අසලකදී දැකීම පවා ආනන්තරීය පාප කර්මයක් ලෙස සලකා කතා කරනු අසන්නට ලැබීමෙන් මගේ ආසාවන් සසළ වී ගියා.
පසුව අධ්‍යාපන කටයුත්තක් හමාර කිරීමේ උවමනාව මත චිත්‍රපට නැරඹීමේ අවශ්‍යතාවක් හදා ගන්න පුළුවන් වුණ නිසා මගේ රෝගය උත්සන්න අවස්ථාවට එළඹුණා. ඉතින් කවුරු ඇවිත් කිව්වත්, “දෝණියැන්දෑ බයිස්‍කෝප් හෝල් එකක් ගාව උන්නා”...කියලා..මට අවසර පත්‍රයක් ලැබිලා තිබුණේ.. “ඔව් මං ෆිල්ම්ස් බලන්නේ රිසර්ච් එකකට”... :)
ජීවිතයේ බොහෝ වෙහෙස හා නොයෙකුත් හැල හැප්පීම් මැද්දේ හර්දය වස්තුවේ කුණාටු ඇතිවෙන කොට මං තෝරා ගත් ක්‍රම වේද කිහිපයක් තිබුණා ඒවායින් ගොඩ එන්න. හොඳින් ස්නානය කිරීම, හොඳ පොතක් කියවීම හෝ චිත්‍රපටයක් නැරඹීම ඒ අතර ප්‍රධානයි. (පස්සෙ නම් දැනුණා කොළඹට චිත්‍රපට එන වේගය හොඳටම මදි කියලා :))
ගොඩක් අය ඒකත් දැක්කේ පිස්සුවක් විදිහට..
ඔයාට පිස්සුද තනියම ෆිල්ම් හෝල් ගානෙ යන්න ? ..අනික සල්ලි නාස්ති කරන් ?..
ඔව් ඒක නම් ඇත්ත. මාසෙකින් ම චිත්‍රපටියක් බලන්න යන්න බැරිවුණා. කන-බොන-යන- එන කෙහෙල්මල්වලට ගිහින්ම සල්ලි නාස්ති වුණා...ජීවිතේ දුෂ්කරයි චාපා...
මගේ චිත්‍රපට බැලිල්ල දිහා සරදමින් බැලූ කෙනෙකුට මං ළඟදි දවසක් කිවුවා..පිස්සුද ..මේකට කියන්නෙ Reel Therapy කියලා..
පස්සේ මට හිතුණා මේ ගැන ඇත්තටම සුළු විග්‍රහයකට ගිහින් අනිත් අයට මේක පිළිගන්වන්න පොඩි try එකක් දෙන්න ඕනි කියලා. මට හිතුණු හා දැනුණු දේවල් සහ මං හොයාගත් දේවල් එකට අනලා මෙහෙම කියන්න කැමතියි.
ඉතින් කෝ එන්න .. අපි wide angle එහෙකින් බලමු.
වර්ෂ 1930 දී පමණ William C. Menninger නමැති වෛද්‍යවරයා චික්ත්සාවන්හිදී මානසික ව්‍යාකූලතාවන්ගෙන් පෙළෙන රෝගීන් හට ප්‍රබන්ධ කියවීම නිර්දේශ කර තිබෙනවා. කවි, කෙටිකතා, නව කතා වැනි සාහිත්‍ය චිකිත්සීය ක්‍රියාවලිය තුළට ඇතුළු වී ඇත්තේ එසේයි. එහි නවතම හා වඩාත් සුගම සහ කාලය ඉතිරි කරන අංගය ලෙස එකතු ව ඇත්තේ සිනමා චිකිත්සාවයි. එය bibliotherapy ලෙසත් හඳුන්වන්න පුළුවනි.
ඒ තොරතුර ජාලයෙන් හොයාගත්තෙ. තව ලැබුණොත් එක් කරන්නම්. දැන් වෙන කතාවකට..
ඔබ අසා ඇති නේද Jacques Lacan ගැන ?
ඉස්සෙල්ලා මේ යොමුවෙන් කියවලා ආයිත් මෙහාට එන්න.
Lacan විසින් අපගේ ළමා කාලයේ අවස්ථාවන් දෙකක් පදනම් කර ගනිමින් අපගේ යථා ජීවිතය පිළිබඳ අප තුළ නිතර පවතින අතෘප්තියත්, ඉන් මිදීම පිණිස යම් බාහිර පරමාදර්ශ සමග අනන්යවීමට දක්වන කැමැත්තත් විවරණය කරයි. එහි මුල් අවස්ථාව වන mirror phase හිදී දරුවෙකුගේ කායික හැකියාවන් ඉක්මවා, කායික අවශ්‍යතාවන් වර්ධනය වන අතර, එය ඉටු කර ගැනීමට අසමත්වීම තුළ යම් අසහනකාරී, අතෘප්තිකර, අසම්පූර්ණබව පිළිබඳ හැඟීමක් ඔහු තුළ වැඩෙයි. ඔහු තමාට වඩා පරිපූර්ණ බාහිර image එකක් තුළට ප්‍රක්ෂේපණය කර ඒ තුළ සිට තමා දෙස බලයි.
යථා ජීවිතයේදී අප තුළ නිතර පවතින අතෘප්තියත්, ඉන් මිදීම පිණිස යම් බාහිර පරමාදර්ශ සමග අනන්යවීමට දක්වන කැමැත්තත් සමාජය අපේක්ෂා කරන තැනක සිට පුද්ගලයා තමා දෙස බැලීමට උත්සාහ දැරීමත් යන කරුණු මෙහිදී පදනම් කර ගනු ලැබේ.
සිනමා තිරය කැඩපතක් සේ දකින ප්‍රේක්‍ෂකයා ඒ තුළ “මම” යන ප්‍රතිරූපගත කරගන්නා ලද පරමාදර්ශය දකියි. එම පරමාදර්ශය තුළ, ඔහු අයත් සමාජයේ සාරධර්ම, වටිනාකම්, අධිපති මතවාද කේන්ද්‍රණය වේ. නැතහොත් “මම” යන තැනට පත්වන සාමාන‍්‍ය පුද්ගලයා සමාජයේ අධිපති සම්මුති හා මතවාදයන්ගේ නිෂ්පාදනයක් වෙයි. එම පිළිගැනීම තුළින් හැඩගස්වනු ලැබූ පුද්ගලයෙකු වෙයි. එහිදී ප්‍රේක්‍ෂකයා, සිනමාව විසින් සමාජය තුළට නිර්මාණය කරන ලද අර්ථ හා පිළිගැනීම්වල ගොදුරක් බවට පත්වේ. මේ තත්වය තුළ චිත්‍රපටයක් නරඹද්දී ඒ තුළ දිගහැරෙන අධිපති මතවාදී කේන්ද්‍රීය චරිත සමග ප්‍රේක්ෂකයා අනන්‍යවීමට උත්සාහ දරයි. එහිදී ඔහු විඳින යම් ගැටලුවකින් හෝ පීඩාකාරී භාවයන්ගෙන් නිදහස් වීම සඳහා යම් පරමාදර්ශ සමග අනන්‍යවීමත් හෝ බැහැර වීමත් සිදුවේ.
((උපුටා දැක්වීම මගේ අර ඉහත කිවූ පර්යේෂණ ලියවිල්ලෙන්......) ඒ ලියවිල්ල ගොඩ නැගුණේ සමාජ අසමානතාවක් වන ස්ත්‍රී පුරුෂ සමාජභාවී මතවාදය පිළිබඳ සිනමා ප්‍රකාශනයේ සමාජ විද්‍යාත්මක කියවීමක් ගොඩ නගන්න හිතාගෙනයි.)
ඉතින් ඒක මෙතෙන්ට ඇදගෙන ආවෙ සිනමාවෙ මේ මතවාදී බලපෑම නිසා අපි අපේ භාවයන් අපට නොදැනිම වෙනස් කර ගන්නා බව පෙන්වා දෙන්නයි. කෙටියෙන් කිවුවොත් අපිව දියවෙලා යනවා. අපි දන්නෙත් නෑ. අන්තිමට එළියට එන්නේ ඇතුළට ගිය කෙනා නෙවෙයි.
දැන් තේරෙනවනෙ.. චිත්‍රපට බලන එකෙත් විවිධාකාර දේශපාලන ව්‍යාපෘති තියෙනවා කියලා. ඉතින් ඒ නිසා ආයෙත් කවදාවත් දන්න අඳුනන කෙනෙක් හෝ දෙන්නෙක් සිනමා ශාලාවක් ඇතුළෙදි හෝ අසලකදි දැක්කොත් කට කැඩිච්ච කතාවක් කියන්නෙ නැතුව නොදැක්කා වගේ ඉන්න එක ටිකක් හරි මානුෂිකයි කියලා තමා මට කියන්න තියෙන්නෙ.
විවිධ පූජා කර්මවලට හා උපචාර විධිවලට සිනමා හල්වලට යන උදවියත් ඉන්නවා. ඒක් ඉතින් එයාලගෙ කැමැත්ත.
හැබැයි මට ෆිල්ම් බලන එක හැමදාමත් therapy එකක් ම තමා.
Posted by
සු
at
1:36 AM
1 comments

