Showing posts with label Why me. Show all posts
Showing posts with label Why me. Show all posts

Friday, March 7, 2008

කිමද හැර නොයන කාරණ ?

මලක මියගිය සොයන සුසුවඳ
ළබැඳි සකිසඳ ඔබද ඉඳුවර
ගලන ගඟුලක හමන සිහිලක
සුවය සැදුමට තනන නිබඳව

හද බිඳෙන සර ඇසි ඇසී තව
කිමද මේ වෙහෙසෙන්න කාර‍ණ
ගිලෙන ඔරුවක බිඳෙන හබලක
මග කියා දෙන තරුව විලසට

හඬන ර‍ළ වැද සැළෙන වෙර‍ළත
තනන මාලිග සරිවු සිහිනය
කුමට දකිමුද අතැර යනු මැන
දුලන දිවි මග නොහැරි මා වෙත

-------