Showing posts with label Love in the time of Cholera. Show all posts
Showing posts with label Love in the time of Cholera. Show all posts

Monday, February 4, 2008

අතීතයෙන් ආ කෙනෙකුට...


Blog එක ලියන්න තියා වැඩක් කර ගන්නවත් බැරි විදිහට පරිගණකය අබ්බගාත වෙලා. කාට කියන්නද - කවුරු අහන්නද කිවුවලු... කොහොම වුණත් දත් මිටි කාගෙන පොඩ්ඩක් හරි හිතේ තියෙන දේවල් වමාරන්න try එකක් දෙන්න ගත්තා.

Fermina Daza - Florentino Ariza මේ දෙන්නා මොකක්දෝ හේතුවක් නිසා හදවතේ එහෙන් මෙහෙන් ගමන් කරනවා මුණ ගැහුණු දා හිටන්...හදුන්වා දුන්නේ Gabriel García Márquez..

ආදරය රේගයක් වගේ ජීවිතය පීඩාවට පත් කරන්නක්...කියලයි සමහරු .. Love in the time of Cholera: ''El amor en los tiempos del cólera'', 1985) දැක්කෙ..ලේසි නෑ..පණස් වියැති ආදරයක් පණ ගස්වන එක..මේ පොතේ එක්තරා තැනක මෙහෙම කියනවා.." ආදරයේ මහලු රස දිවගට දැනිණ "... කියල.

ඒ තරම් කාලයක් නොවුණත්, එවැනි මුණගැසීම් අපටත් පොදුයි. මොන වගේ හේතු කාරණා නිසා ඈත් වී ගියත්, වරෙක හද සුවපත් කළ හැගීමක් කිසි දිනෙක මිය යන්නේ නෑ. නමුත් යටපත් වී මුත් හදේ කොතැනක හෝ නිදන් වී තියෙනවා සුරැකිව.

මේ සිතිවිල්ලත් එක්ක මගේ හිතට නැගුණු දෙයක් මේ...අතීත කතා නම් නැතුවා නෙවෙයි. නමුත් ඒවා මගේ හදෙහිම සුරැකිව තබා ගෙන ඔබ වෙත මේ සංකල්පනාව විතරක් ළං කරන්නම්..