කාලෙකට පස්සේ බ්ලොග් පෝස්ට් එකක් ලියලා ඒකට ටිකක් ගැඹුරින් හිතන ප්‍රතිචාරත් ලැබිලා තියෙනවා දැක්කහම සතුටුයි. ඒවා ගැන තව ටිකක් විවේකෙන් හිතන්න හිතාගෙන අද පොඩි සටහනක් දාන්න හිතුණා.. අද වුණ දෙයක් නිසා.
කවුරුවත් දන්නේ නැතිවට ටික දවසකට කළින් මගේ තාවකාලික භාණ්ඩාගාරය සම්පූර්ණයෙන්ම හිස්වුණා.. සුනාමියක් ආවා වගේ තමයි. ආර්ථික අවපාතයකට අහුවෙලා ඉන්න අස්සේ දවසක් ඊ බෑන්කින් බලද්දි මගේ බැංකු ගිණුමට කවුදෝ ලක්ෂ 3ක් විතර දාලා... ඉතින් ටික වෙලාවක් ඒක දිහා බලාගෙන කල්පනා කරද්දි මට තේරුණා බැංකුවට වැරදිලා වෙන දෙන්නෙකුගේ චෙක් පත් දෙකක් මගේ ගිණුමට දාලා කියලා. මේක ගැන දැනගත්තු මගේ සමහර යාලුවෝනම් කිව්වේ කියන්න යන්න එපා..ඔයාට වගකීමක් නෑ.. කියලා. මහ බැංකුවේ ඉන්න මගේ යාලුවෙකුත් කිව්වේ ටිකක් සද්දෙ වහලා ඉන්න කියලා.... එදා සිකුරාදා දවසක්. කෝකටත් කියලා මං බැංකුවට කතා කරලා විනාඩි ගාණක් වේටින් ඉඳලා.. තුන්දෙනෙකුට විතර කතා කරලා..කිව්වා.. මගේ ගිණුමට සල්ලි වගයක් ඇවිත් තියෙනවා. ඒවා මං දාපුවා නෙවෙයි ටිකක් බලලා මට කියනවද මොකක්ද වෙලා තියෙන්නේ කියලා ...
ඉතින් අන්තිමට ගත්තු කෙනා හරි හරි අපි බලන්නම් කියලා දඩ බඩ ගාලා ෆෝන් එක තිබ්බා...
සඳුදා මං බලද්දි ආපහුත්... මේ බැංකුව මටත් නොකියාම..අඩුම ගාණේ ස්තූතියි කියලාවත් නොකියා මගේ ගිණුමෙන් සල්ලි මාරු කරලා. !
අද (16 සඳුදා)..
මම රෑ බත්තරමුල්ලේ පෙට් එකට ගියා.
"ඔබට තවත් සේවාවන් අවශ්‍ය ද ?" කියලා !!
මෙන්න වැඩක්. මං ටිකක් බැලුවා. YES කියන එක එබුවා නම් මගේ ආර්ථික අවපාතයට ස්වීප් එකක් ඇදගන්න තිබුණා. මං ටක් ගාලා NO ඔබලා කාඩ් එකත් අරන් එළියට දුවලා හතර අතට බැලුවා.. සල්ලි ගත්ත කෙනා අතුරුදහන්. මං අල්ලපු බාටා කඩේට ගිහින් කිව්වා scenario එක. කියලා කවුරු හරි ආවොත් කියන්න මං හෙට උදේ කාඩ් එක බැංකුවට ගෙනත් දෙනවා කිවුවා කියලා... මං ආවා.
ඒ මනුස්සයා තමන්ගේ ට්‍රාන්සැක්ෂන් ඉවර කරලාවත් නෙවි එළියට ඇවිත් තිබුණේ. මදැයි.. මට ගේ ගාවට එද්දි තමයි හිතුණේ ඒකේ සිකියුරිටි සඳ හිටියේ නැහැ නේද කියලා.. හිටියා නම් හෙට උදේට පරිප්පු නොකා මට ඒක දීලා එන්න තිබුණා. දැන් මේ සිහි කල්පනාව නැතුව ගිය ඕ.ඩබ්ලිව්.කේ.පී.පත්මපෙරුම මහත්මයා නිසා හෙට මං බැංකු යනවා කියන්නේ අපේ අම්මාටත් මං නිසා ලොකුම පරිප්පුවකට වග කියන්න වෙනවා කියන එකයි.
අනික් බැංකු සිද්ධියත් මේ රටේ විතරක් අහන්න ලැබෙන තවත් එකක්. බිල් දිහා බලා ඉන්න කොට මට හිතුණා ඊ බෑන්කින් පැත්තේ රවුමක් දාලා සල්ලි තියෙනවානම් මේවා ගෙවලා දාන එක හොඳ නේද කියලා. තව දවස් දෙක තුනක් යනකන් හිටියොත් candle light dinner නොවරදින බව පෙනුණ නිසා...ඉතින් ලොග් වෙන්න ගියා. මට මුර පදය මතක නැහැ. 3 පාරක් එපා කියලා කිවුවාට මතක නැත්නම් එක පාරක් ට්‍රයි කළත් එකයි 3 පාරක් කළත් එකයිනේ කියලා මං 3 පාරම ගහලා ඊට පස්සේ ඊ මේල් එකක් දැම්මා බැංකුවට මට "Excessive PIN tries" කියන පණිවිඩෙත් ආවා මගේ මුර පදය රිසෙට් කරළා දෙන්න කියලා. දවල් වෙනකන් බැලුවා උත්තර නෑ. ඉතින් මං කෝල් එකක් අරන් බැංකුවට කිවුවා මං ඊ මේල් එකක් දැම්මා මට උත්තර එන්න කොය් තරම් වෙලාවක් යාවිද කියලා. බැංකුව මගෙන් අහනවා..ඔයා ස්ටාෆ්ද ? ස්ටාෆ් නම් විතරයි ඒක රිසෙට් කරන්නේ.... අරක මේක..දැන් අපේ ඉන්ටර්නෙට් බෑන්කින් පාස්වර්ඩ් එකක් අමතකවුණහම අපි ඉන්ටර්නෙට් බෑන්කින් අතාරින්න ඕනද ? මම මට පුළුවන් උපරිම පැහැදිළි කළහම ඒ ළඳ මගේ ඊ මේල් එක බළලා මට කියනවා, හරි දැන් ඔයා ලොග් වෙන්නකො..ඔයාට පාස්වර්ඩ් අමතකයි කිවුවානෙ.. කියලා..
මං කිවුවා.. ඉතින් මං පාස්වර්ඩ් දන්නවානම් ලොග් වෙලානෙ.ඔයාට කතා කරන්නෙ නැහැනෙ.. මතක නැහැයි කියන්නෙ මතක නැහැම තමා..ටිකකින් මතක් වෙන්නෙ නැහැ... කියලා..
දීර්ඝ පැහැදිළි කිරීමකින් පසුව ඒ ළඳ මට ඊමේල් කරනවා රිසිට් එකක්. ඒකෙ ප්‍රින්ට් එකක් අරන්, අත්සන් කරලා, ස්කෑන් හෝ ෆොටෝකොපි කරලා බැංකුවට ෆැක්ස් කළහම දවස් දෙකකින් පාස්වර්ඩ් එක දෙන්නම්ලු ගේ ගාව තියෙන ශාඛාවට බස් එකේ ගිහින් ඉන්ටර්නෙට් බෑන්කින් පාස්වර්ඩ් එක අරන් එන්න !!!@$$%&^*()@!$$.................................................
අපි ඇයි තාක්ෂණය පාවිච්චි කරන්නෙ ? අපේ ජීවිත පහසු කරගන්න.. එහෙමයි මේ මගේ ළඟින්ම ඉන්න කෙනා නිතරම මන්තරයක් වගේ කියන්නෙ. ජීවිතේ පහසු කරගන්න දියුණුම තාක්ෂණය පාවිච්චි කරන්න ගියාම සාමාන්‍ය ක්‍රමයටත් වඩා රස්තියාදු වෙන විදිහටයි අපේ රටේ පද්ධති ක්‍රියාත්මක වෙන්නෙ.... මට මතකයි ඉස්සරම ඉස්සර කාර්යාලවලට විද්‍යුත් තැපෑල ආව කාළෙ.. අපි වෙන ශාඛාවකට විද්‍යුත් ලිපියක් යැවුවහම දුරකථන ඇමතුමක් දීලත් කියන්න වෙනව "අපි ඊමේල් එකක් එවුව ටිකක් බලනවද ?" කියල.. මේක පස්සෙ කාලෙක රජයේ කාර්යාලවල ඊ- ක්‍රියාකාරකම් පැහැදිළි කරන හොඳම උදාහරණයක් බවටත් පත්වුණා. හිනා ගියාට කොයිතරම් ලොකු ඛේදවාචකයක් ඇතුළෙද අපි රටක් විදිහට නැගිටින්න දඟලන්නෙ කියල හිතෙන්නෙ නැද්ද ?