ඒ ...........
සිය ප්‍රේමවන්ත සැමියාට අන් ඇසුරක් ඇති බව දැනගන්නට ලැබීම යි.
වෛද්‍යවරියක වන්නට පෙරුම් පුරමින් ඉගෙනුම ලැබූ ඇය සිය වේදනාවන් යටි සිතෙහි සඟවාගෙන සිනාමුසු මුහුණින් අන්‍යයන්ට ආකර්ෂණය වූවාය. ලේ, කඳුළු, ආවේගය, කැළඹීම සහ කෝපය හැකි අයුරින් කැන්වසයක සිත්තම් කළාය.
My painting carries with it the message of pain...
Painting completed my life...
I believe that work is the best thing ..."
මෙක්සිකෝවේ සංස්කෘතියට අයත් තද පැහැ ඇඳුම්, දිගු වර්ණවත් සායවල්, අලංකාර සළුපට, විශාල වර්ණිත හැඩ පබළු මාල තරම් ඇගේ ජීවිතය වර්ණවත් වී ද ?
ඇඳ මත වැතිර කණ්ණාඩියකින් සිය මුහුණ දෙස බලමින් ඇය තමන්වම සිතුවමට නැගුවාය.
"I paint myself because I am so often alone, because I am the subject I know best."
ඇගේ දෙවන අනතුර ලෙස පසුව ඈ
සලකනු ලැබුවේ ඇයගේ ප්‍රේමයයි. මක් නිසාද යත් සිත සුව කළ නොහැකි අන්දමින් බිඳී ඔත්පල කරවන්නට ඇගේ පෙම්වත් සැමියා සමත් වූ හෙයිනි.
සැමියාගේ ජීවිතය තුළ කිමිදී ගිලී යන්නට පතා සිටි ඇයට තමන් තනිවූ බවත් තනිව පෙනී සිටින්නට සිදුවන බවත් වැටහෙන විට ඇය සිත්තරියක වී සිටියාය. ඇගේ තනිවීමේ සාහසික ප්රකාශනය එය විය.
සිය හැඟීම් ජීවිතය තුළ සිර කරමින් මිනිසුනට දකින්නට අවශ්‍ය වූ ගැහැණිය සමාජයට ප්රක්ෂේපණය කරන්නට ඇය දක්ෂ වූවාය. අන්‍යයන්ගේ දස්කම් එළි දක්වන්නට සහය වෙමින් සංචාරයේ යෙදුණ ඇය විස්මිත ගැහැණියක වූවාය.
සිනාවෙන් සපිරි රූමත් ගැහැණියගේ බැල්මක පහස ලැබ ගන්නට පිරිමි සමාජය ලොල් විය.
ඩියෙගෝ රිවේරා සමග වූ විවාහය තුළ ට්‍රොට්ස්කිගේ පෙම්වතියද, පිකාසෝගේ මිතුරියකද, ආන්ද්‍රෙ බ්‍රෙටන්ගේ බිරිඳගේ සහ සේරා ජොසෆින් බේකර්ගේ සහකාරියද වූ ඇය සිය සබඳතාවලින් පිරිමි ලෝකය කැළඹුවාය.
දැඩි කොමියුනිස්ට්වාදිනියක වෙමින් ස්ටාලින්ට අතිශයින් ප්‍රිය කළ ඇය සිය ආතතීන් හමුවේ දේශපාලනික ක්‍රියාකාරකම් අත හැරියේ නැත.
සිය දිවි නසා ගන්නට කිහිප වරක් තැත් කළ මෙම ගැහැණිය වයස අවුරුදු 47න් සතියකට පසු සදහටම සිය කැන්වසය අත හැර දැමුවාය. ඒ පෙනහළු සිරවීමකිනි. එය ස්වාභාවික මරණයක් ලෙස පිළි ගැනීමට තීරණය විය.
"I hope the leaving is joyful and I hope never to return".
මග්දලේනා කාර්මන් ෆ්රීඩා කාලෝ කැල්ඩරන් සිය දිනපොතෙහි අවසන් වරට ලියා තැබුවාය.
" Friend, sister of the people, great daughter of
ඇගේ සොහොන් ගැබෙහි ලියා තිබේ.
4 comments:
හැමදෙයක්ම නැති වෙලා හිටියත් "මගේ විතරමයි" කියන හැඟීමෙන් ආදරේ කරලා ඒ දේ නැතිවෙද්දි මෙහෙම හිතෙන එක සාධාරණයි...
ජීවිතේ ගොඩාක් දේවල් වෙන්නේ හොදටයි... සමහර විට එයාගේ මනුස්සයා, එයාට ආදරේ කරා නම්, අපි මෙහෙම එයා ගැන කතා කරන එකක් නෑ; එයා ඒ මිනිහාගේ ආවතේව කරගෙන ඉදීවී.එයා, ලෝකේ අනිත් මිනිස්සුන්ට ආදරේ කරන්නේ නැති වෙයි....
ආදරේ කියන්නේ නියතයක් නෙමෙයි... ඒක විචලය්යක්.. ඒක සාපේක්ෂයි... ඒක එයා කාලයත් එක්ක තේරුම් ගන්න ඇති....
පිස්සා
----
මං මගෙම සටහන්වලට ප්‍රතිචාර දාන පුරුද්දක් නැහැ. ඒත් මේ කෙටි සටහනෙන් වැරදි තේරුම් ගැනීම්වලට යාවි කියල හිතලයි අද ලියන්නේ. මම ලියන මේ සටහන්වල අරමුණ වෙන්නෙ කුතුහලය තියෙන කෙනෙකුට වැඩි දුර සොයා යාම් සඳහා මග පෙන්වීම සහ මගේ හැඟීම්වලට දැනෙන දේ ලිවීම පමණයි.
ෆ්රීඩා කාලෝගෙ මනුස්සයා එයාට ගොඩක් ආදරේ කළා. කාලෝට පාර පෙන්නුවේ එයයි. එයාට ඕන වුණේ එයාටම කැප නොවී කාලෝ දැවැන්ත චරිතයක් වෙනවා දකින්නයි. අමතක කරන්න එපා. රිවේරා කසාද බැන්දෙ ශරීර කූඩුව කුඩුපට්ටම්වෙලා හිටි ගැහැණියක්ව බව....
එයාලගෙ විවාහය හා ආදරය කලාව මතම බැඳුණු එකක්.
ආදරේ විතරක් නෙවි හැම දෙයක්ම සාපේක්ෂයි. නමුත් ඕවා නිදහසට කාරණා විතරයි. මිනිසුන්ට පාලනය කර ගත හැකි මනසක් තියෙනවා. නමුත් එහෙම නොකර ඔය වගේ කාරණාවලින් ඒවා වහන්න හැදුවට, ඒ කාරණාවලින් බිෙඳෙන හිත් හැදෙන්නේ නැහැ. අපි ජීවත් වෙන්නේ ටික කාලයයි කියලා අපි හිතන්න ඕන.
-
කියවන්නෙක් ට
----------
ඔයා "කියවන්නියක්" වුණත් කමක් නැහැ. :-)
කාලෝගෙ එක සියුම් හැඟීමක් නිතර අපටත් දැනෙනවා. ඒ අපි ගැහැණු නිසා වෙන්නැති
හැමෝටම
------
මාව නෙවෙයි "ෆ්රීඩා කාලෝ" ව කියවන්න :-)
මම ඔයාගේ ලිපියෙන් තමයි,ෆ්රීඩා කාලෝ ගැන දැන් ගත්තේ..
රිවේරා, කාලෝව කසාද බැන්දේ, තමන්ටම අයිති කර ගන්න නෙමෙයිද එතකොට???
''එයාට ඕන වුණේ එයාටම කැප නොවී කාලෝ දැවැන්ත චරිතයක් වෙනවා දකින්නයි''...ඔය කියන වාක්‍යයෙන් රිවේරා ව pretend කරනවානේ ඔයා....
එහෙනං ඇයි; රිවේරා අනියම් සම්බන්ධයකට පැටළුනේ ??? 'පාලනය කරගත හැකි සිතක්' නැති නිසාද ?? (හිකිස්)
Post a Comment