අවුරුදු 6 දී දකුණු කකුල පෝලියෝ වැළඳී සිහින් වීමත්, වයස අවුරුදු 18 දී ගමන් ගත් බස් රිය විදුලි රියක ගැටී එහි කණුවක් යටි බඩ පසා කරගෙන මුත්‍රා මාර්ගයෙන් එළියට ඒමත්, දකුණු කකුල 11 පොළකින් බිඳීමත්, ශ්‍රීවාස්ථියද කොඳු ඇට පෙළද තෙපොළකින් බිඳීමත්, ඉළ ඇට කිහිපයක් කැඩීමත්, ශ්‍රෝණි පෙදෙස බිඳීමත්, දෙපා සන්ධි පැනීමත් සහ තවත් තුවාල සමග වෙළන ලද මිනියක් සේ මාසයකින් පසු නිවස බලා ගොස් ජීවිතය පුරා ශල්‍ය කර්ම 35කට මුහුණ දීමත්, ගබ්සාවීම් කිහිපයක් සිදුවීමත් අවසානයේ කුණුවන්නට පටන් ගත් දකුණු කකුල දණහිස අසලින් කපා ඉවත් කරන්නටත් සිදුවීම ඉවසා සිටි ගැහැණියකට කිසිසේත් ඉවසන්නට නොහැකි වේදනාවක් විය.
ඒ ...........
සිය ප්‍රේමවන්ත සැමියාට අන් ඇසුරක් ඇති බව දැනගන්නට ලැබීම යි.
වෛද්‍යවරියක වන්නට පෙරුම් පුරමින් ඉගෙනුම ලැබූ ඇය සිය වේදනාවන් යටි සිතෙහි සඟවාගෙන සිනාමුසු මුහුණින් අන්‍යයන්ට ආකර්ෂණය වූවාය. ලේ, කඳුළු, ආවේගය, කැළඹීම සහ කෝපය හැකි අයුරින් කැන්වසයක සිත්තම් කළාය.
My painting carries with it the message of pain...
Painting completed my life...
I believe that work is the best thing ..."
මෙක්සිකෝවේ සංස්කෘතියට අයත් තද පැහැ ඇඳුම්, දිගු වර්ණවත් සායවල්, අලංකාර සළුපට, විශාල වර්ණිත හැඩ පබළු මාල තරම් ඇගේ ජීවිතය වර්ණවත් වී ද ?
ඇඳ මත වැතිර කණ්ණාඩියකින් සිය මුහුණ දෙස බලමින් ඇය තමන්වම සිතුවමට නැගුවාය.
"I paint myself because I am so often alone, because I am the subject I know best."
ඇගේ දෙවන අනතුර ලෙස පසුව ඈ
සලකනු ලැබුවේ ඇයගේ ප්‍රේමයයි. මක් නිසාද යත් සිත සුව කළ නොහැකි අන්දමින් බිඳී ඔත්පල කරවන්නට ඇගේ පෙම්වත් සැමියා සමත් වූ හෙයිනි.
සැමියාගේ ජීවිතය තුළ කිමිදී ගිලී යන්නට පතා සිටි ඇයට තමන් තනිවූ බවත් තනිව පෙනී සිටින්නට සිදුවන බවත් වැටහෙන විට ඇය සිත්තරියක වී සිටියාය. ඇගේ තනිවීමේ සාහසික ප්‍රකාශනය එය විය.
සිය හැඟීම් ජීවිතය තුළ සිර කරමින් මිනිසුනට දකින්නට අවශ්‍ය වූ ගැහැණිය සමාජයට ප්‍රක්ෂේපණය කරන්නට ඇය දක්ෂ වූවාය. අන්‍යයන්ගේ දස්කම් එළි දක්වන්නට සහය වෙමින් සංචාරයේ යෙදුණ ඇය විස්මිත ගැහැණියක වූවාය.
සිනාවෙන් සපිරි රූමත් ගැහැණියගේ බැල්මක පහස ලැබ ගන්නට පිරිමි සමාජය ලොල් විය.
ඩියෙගෝ රිවේරා සමග වූ විවාහය තුළ ට්‍රොට්ස්කිගේ පෙම්වතියද, පිකාසෝගේ මිතුරියකද, ආන්ද්‍රෙ බ්‍රෙටන්ගේ බිරිඳගේ සහ සේරා ජොසෆින් බේකර්ගේ සහකාරියද වූ ඇය සිය සබඳතාවලින් පිරිමි ලෝකය කැළඹුවාය.
දැඩි කොමියුනිස්ට්වාදිනියක වෙමින් ස්ටාලින්ට අතිශයින් ප්‍රිය කළ ඇය සිය ආතතීන් හමුවේ දේශපාලනික ක්‍රියාකාරකම් අත හැරියේ නැත.
සිය දිවි නසා ගන්නට කිහිප වරක් තැත් කළ මෙම ගැහැණිය වයස අවුරුදු 47න් සතියකට පසු සදහටම සිය කැන්වසය අත හැර දැමුවාය. ඒ පෙනහළු සිරවීමකිනි. එය ස්වාභාවික මරණයක් ලෙස පිළි ගැනීමට තීරණය විය.
"I hope the leaving is joyful and I hope never to return".
මග්දලේනා කාර්මන් ෆ්‍රීඩා කාලෝ කැල්ඩරන් සිය දිනපොතෙහි අවසන් වරට ලියා තැබුවාය.
" Friend, sister of the people, great daughter of Mexico; you are still alive."
ඇගේ සොහොන් ගැබෙහි ලියා තිබේ.