කියාගත නොහෙන සේ හද රැඳී
දරාගත නොහෙන බොහො වැළපුම්
උදාසන හිරුට පෙර විත් එබී
සදාතන සෙවනැල්ල වී මකා තනිකම්
හපාගෙන කන හිරු මඩල යට තනිවී
බදාගෙන ජීවිතේ හිතට ගෙන විරිකම්
සොයාගෙන මං හසර නොනවතින මාවතේ
ගෙවා ගිරි දුර්ග ගියා මදිද මේ දුර දැන්
ආදරය නමින් යුත් කිසිවකට ලොබ බැඳී
සතපවා සුබසීන විඳිනු රිසි මතුයම්
කාලයට පැරද වුව පාෂාණ විලසෙනී
හදාගෙන හිඳිම් තව- කරන් සිත පිරියම්
Thursday, July 24, 2008
වෙහෙස
Posted by
සු෴
at
3:20 PM
0
comments
Links to this post
Monday, July 14, 2008
Block වුණ Blog සටහන්..
ජීවිතයත් හරියට බිලොග් එකක් වගෙයි වෙලාවකට..
ඇතැම් අය සටහන් තබා යන..
බොහෝ අය දැක දැකත් නුදුටුවාක් මෙන් සිටින...
තවත් අය යළි හැරී විත් බලන..
ඇතැම් අය ඇද කුද කියන..
බොහෝ අය නිහඬවම රස විඳින...
ජීවිතෙයි බිලොග් එකයි
එක වගෙ තමයි
හිතන කොට හිතන කොට හිතෙයි මට
කවුරු ආවත් ගියත්
කවුරු හිටියත් නැතත්
කවුරු එබුණත් නැතත්
අතැඟිලි සැලෙන තෙක් බ්ලොග් ලියවෙනවා දිගටම..
ඔබ ආවත් නැතත්
ඔබ දෙඩුවත් නැතත්
ඔබ හිතුවත් නැතත්
හදපණ ගැහෙන තෙක් ඔබ මගෙ හිතේ හැමදාම...
බ්ලොග්වල වුණත්
ලියන්නට කිසිත් නැති
හිතන්නට තුටක් හිත නැති
දවස් ගෙවෙනවා මේ වගෙම
ඔබ ගැන සිතත්
ලියන්නට අකුරු මට මදි
හිතන්නට හිත ඉඩ මදි
පුදුමයි දවස් යන ඉක්මණ..
Posted by
සු෴
at
5:37 PM
9
comments
Links to this post
Subscribe to:
Posts (Atom)

